"අද නම් වහීවි මෙන්න කොල්ලට කාමරේ අස්කරන්න හිතිල"
දාඩිය පෙරාගෙන පරණ පොත් ගොඩවල් එහෙ මෙහෙ කරන මාව දැකපු අප්පච්චි අම්මට කියුව දේ වෙයි කියල මටත් හිතුනෙ මේ මම බොහොම කලාතුරකින් කරන දෙයක් නිසා වෙන්න ඇති.
පොත්දාල තිබ්බ පෙට්ටි ටිකයි එහෙ මෙහෙ වැටිල තිබ්බ පොත් ටිකයි අරන් මම එලියෙ පේමන්ට් එක උඩට ගියේ මෙච්චර කල් පොත් වලට අයිතිවසිකම් කියල හිටිය කැරපොත්තො වේයො කමරේ පුරා කැරකෙන්න ගත්ත නිසා
පෙට්ටි වල උඩින්ම තිබුනෙ පොඩිකාලෙ පාවිච්චි කරපු ලියන පොත්, ඒ ගොඩ අයින් කරහම තිබුනෙ මම පොඩිකාලෙ ගොඩක් ආසාවෙන් කියවපු කතා පොත්.ටොම් සෝයර්,රොබින්සන් කෘසෝ,දියමන්ති නිම්නය,මේ පොත් මාව පොත් ගුල්ලෙක් කරා වගේම එක එක පිස්සු වැඩ කරන්නත් පෙලබුව.
ටොම් සෝයර්, මම වැඩිම වාර ගානක් කියවපු පොත වෙන්න ඇති, ඒ පොත ටව්න් එකේ සරසවි පොත් හලින් අප්පච්චි මට අරන් දෙන කොට මම හිටියෙ පහ වසරෙ,
පොත කියවල ඉවර උනහම මටත් ඕන උනේ ටොම් වෙන්න,
රස්තියාදු ගහන්න,පාලු දූපතකට යන්න, නිදන් හොයන්න, බෙකී වගේ ගෑනු ළමයෙක්ට ආදරේ කරන්න මට හිතුනත් මට ඒ කාලෙ කරන්න පුලුවන් උනේ නිදන් හොයන්න යන එකයි,ගෑනු ළමයෙක්ට ආදරේ කරන එකයි විතරයි.ඒ පොත කියවපු ඕනම පොඩි කොල්ලෙක්ට එහෙම කරන්න හිතුන් නැති වුනොත් තමා පුදුම වෙන්න ඕනෙ,
ඒ සිද්දි මතක් කර කර පොත් ටික ටික එලියට අදින කොට පෙට්ටියක් අඩියෙ තිබිල එලියට අවෙ මට නුපුරුදු පොත් දෙකක්,
මොනවද මේ පොත්,
වේයො ගොඩක් කාල තිබුන ලොකු පොත අයින් කරපු මම අතට ගත්තෙ පිට කවරෙ විතරක් වේයො කාල තිබ්බ පොඩි පොත,කොච්චර වේයො හිටියත් ඒ පොතේ එක පිටුවක් වත් වේයො කාල තිබ්බෙ නෑ.
අක්ෂි වෛද්‍ය රත්නය
පරණ නෝට් පොතක් වගේ පේන පොතේ පලවෙනි පිටුවෙ උඩින් තිබුනෙ එහෙම.
ඇස් ලෙඩ , ඒවගෙ රෝග ලක්ෂණ, බෙහෙත් වර්ග ගැන ලියල තියන මේක වෙද පොතක්.
පුදුමයක් නෑ මම මේක කියවල නැති එක, මොකද දැනුත් මේකෙ තියන සමහර වචන මට තේරුම් ගන්න අමාරුයි,බැදි අකුරු වලින් තිබ්බ සමහර වචන මට කොහොමටවත් තේරුනේ නැහැ,ඒ උනාට මේක ලියපු කෙනා ගොඩක් පැහැදිලිව ලියල තිබුන නිසා මම පොත දිගටම ආසවෙන් කියවගෙන ගියා.
පොතේ මැද හරියට වෙනකම් වේගයෙන් කියවගෙන ගිහින් පොතත් අරගෙන මම සියඹලගහ යට තියන බංකුව උඩට ගියේ වෙද කම් ගැන තිබුනු පිටු අතර තිබුනු අමුතු දෙයක් දැකල,
පොළොව යට මැණික් බැලීමට අඳුනක්
අඳුන්!
අඳුන් කියන්නෙ අංජනම් ද?
වෙද පොතක් ඇතුලෙ අඳුන් ගැන ලියල තියෙන්නෙ ඇයි?
ඒ වෙලාව මගේ ඔලුවට ආවෙ ඔය ප්‍රශ්න
කවුරු හරි මගෙන් ඇහුවොත් මන්තර විශ්වස කරනවද? කියල මට ඒකට දෙන්න හරි උත්තරයක් නෑ.මොකද මම ඒ ගැන දන්නෑ.
කොහොම උනත් මේ පොත් කොහොමද මෙතන්ට ආවෙ, කියල මම හොයන්න ඔනෙ,
අනිත් පිටුවල තියෙන්නෙ මොනවද?
අනිත් පොතේ තියෙන්නෙ මොනවද?
සමහර දේවල් මට තේරුම් ගන්නත් අමරුයි.
මේව බොරු ද? එත්,
මෙච්චර මහන්සි වෙලා කවුරු හරි පොතක බොරු ලියයිද?
ඒ වගේම ඇත්තටම, අඳුන් වලින් පොළොව යට බලන්න පුලුවන් ද?
ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද ? කොහොම උනත් ඔය පොත් ටික හොඳට අධ්‍යනය කලොත් වටිනා දේවල් හොයාගන්න පුළුවන් වේවි යාලුවේ
ReplyDeletefolowers ගැජට් එක දාගන්න ..එතකොට ඔයාට ඔයාව කියවන අයව පහසුවෙන් හඳුනාගන්න පුළුවන් ..මෙහෙම කරන්න Desine - Layout - add a Gadget - Folowers (ඔයාට කැමතිතැනක)
Deleteමේ පොත් ටිකේ මන් හිතුවෙවත් නැති දේවල් තියනව රෙහානි,අඳුන් ගොඩක් තියනව,
Deleteකව්ද මේ පොත් දුන්නෙ කියල මට හොයගන්න පුළුවන්වුනා.මම තව ටිකක් හොයල ඒ ගැන post එකක් දාන්නම්
මම folowers ගැජට් එක දැම්ම ඒත් ඒක වැඩ නැහැ වගේ,
comment කරාට ගොඩාක් ස්තූති, බ්ලොග් වලට මම ගොඩක් අළුත් තව දේවල් තියනවනම් කියල දෙන්න.pls
Mewa karanna mulika danumak thibiya yuthui,ashta karamaya,din,nakath,puja,homa dupa, mantharaya pamanak thibinen pala rahithai,hariyata parippu witharak thiyanawa wage,namuth prippuhada ganna- lunu miris thunapaha oni neda
Deleteඇතුතද බොරුද කියලා කරලම තමයි බලන්න වෙන්නේ !!!!
ReplyDeleteඕනකරන බඩු ටික හොයාගත්තොත් කරල බලන්න පුලුවන්, අමාරුම වැඩේ ඒකනෙ, තව 108 පාරක් කියන මන්තරයක් තියන්ව ඒකනම් කියවගන්න පුලුවන්.
Deleteඒත් ඉතින් හරියට නොදැන ඕව කොරන්ට ගිහින් මොනව වෙයිද දන්නෑ.
ඉතා හොඳ අදහස් ඇති අඩවියක්නේ සිතුම්. අදයි නෙත ගැටුණේ. බ්ලොග් කරණයට පිවිසි ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි එන්නම් දිගටම.
ReplyDeleteඅගය කිරීමට බොහෝම ස්තූතියි නලීන්, දිගටම ඔබව බලාපොරොත්තු වෙනව.
Deleteමාත් ආව සිතුම් සයුරට ගොඩවදින්න :) බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යන්න සුභ පතනව ඔයාට...
ReplyDeleteබොහෝම ස්තූතියි chams සිතුම් සයුරට සාදරයෙන් පිළිගන්නවා!
Deleteඕකේ නැද්ද අර නොපෙනී යන්න පුළුවන් තෛලය හදන විදිහ හෙම ?
ReplyDeleteහ හා, ඒක නම් නෑ.. දේවතාවුන් තව මලගිය ප්‍රාන කාරීන් ගෙන්වන මන්තර තියනව..
Deleteමේ පොත අප්පච්චිට දිපු කෙනා තාම ඉන්නව. හෙන තඩි උඩු රැවුලක් වවාගෙන ඉන්න ටිකක් භය හිතෙන පෙනුමක් තියන කෙනෙක්.. හම්බෙලා කතාකරන්න යන්න ඕනෙ
ටොම් සෝයර් කියන්නේ මගෙත් ප්‍රියතම පොතක්. කී පාරක් කියෙව්වද කියන්න බැරි තරං කියවල ඇති. නියමයි.. ලිවිල්ල දිගටම ගියොත් පුතේ බුලට් එකක් වෙනවා සිකුරුයි.
ReplyDeleteටොම් වෙන්න කරපු පිස්සු වැඩ ගොඩක් තියෙනව ඒවත් ලියන්නම්කො.
Deleteමම හොඳටම පරක්කුයි. අඳුන් ගැන නම් මම දන්නේ නෑ. නමුත් ටොම් සෝයර් මගෙත් ප්‍රියතම පොතක්.
Deleteමමත් කාලෙකින් ආවෙ
Deleteදිගු ගමනක් යන්න සුබ පැතුම් මල්ලියෙ.
ReplyDeleteසුබ පැතුමට ගොඩක් ස්තූතියි
Deleteඔව් පුලුවන් දරුවෝ මේවා සත්‍යක්.මන් ලගත් ඔයවගේ පොත් පුස්කොල පොත් ඕන තරම් තියේ.ඒත් පරිස්සමින්.0702078426මේ අංකයට කතා කරන්න.මන් ඔයාට ඕවයි ඇත්ත නැත්ත පහදා දෙන්නම්...බුදු සරණයි ඔබට..
ReplyDeletehttp://mantaragurukam.weebly.com/ මේකට යන්න පට්ට හොරුන්ට ඔය පොත් ටික දෙන්න එපා ඔයාව රවටා ගනී
ReplyDeleteඋඩ එක වැඩ නෑ දැන් මෙන්න මේකට යන්න මේක හොදයි මමත් ගෙදර වැඩ වාගයක් කර ගත්ත හරි ගියා.
Deletewww.nomileguru.blogspot.com
මුලු බ්ලොග් එකම කියෙවුවා එල
ReplyDeleteමුලු බ්ලොග් එකම කියෙවුවා එල
ReplyDeleteමට ඔයාගෙ fb link1 දෙනවද???...
ReplyDeleteනැත්නම් මගේ Fb 1ta Rec 1k දාන්න.
ReplyDeleteMalith Dushmantha
Ela ela mamath asai igena ganna
ReplyDeleteEla ela mamath asai igena ganna
ReplyDeletehttp://nomileguru.blogspot.com
ReplyDeleteඕකෙ යන්න සුපිරිම මන්තර තියෙයි
Aththa ban owa
ReplyDeletemcn me daana post aththada...
ReplyDelete