2Gb File එකක් සහිත Email එකක් යවන්න (2Gb File Attachment)

We transfer by comeege dinapotha
කොහොමද කට්ටියටම..?  ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. මම අද අන්තර්ජාලයේ ඉද්දී දැක්කා මම ලියපු පෝස්ටුවක් ඒ විදිහටම දාලා අඩුම තරමේ Post එකේ නම වත් වෙනස් කරලා නෑ ඒහෙමම කොපි කරලම දාලා. හරියටම කිව්වොත් ගෙඩිය පිටින්ම. මම නම් කියන්නේ වෙන අයකුගේ ලිපියක් දානවනම් ඔහුගේ අයිතිය සුරකින්න ඕනි කියන එක ඒ කියන්නේ නම ඔහුගේ අඩවි ලිපිනය වගේ දෙවල්. නැති නම් එවැනි ලිපියක් පල නොකර ඉන්න ඕනි වෙන කෙනෙක් ලියපු එකක් එහෙමම කොපි කරලා අරන් දාලා තමන්ගේ සයිට් එකක් හදනවනම් ඒක එච්චර හොද නෑ කියලා මම කියන්නේ මොකද වෙන කෙනෙක් අමාරුවෙන් කරපු දෙයක් තව කෙනෙක් හොරෙන් අරන් තැන ගන්න එක. කොහෙත් වෙන්නේ ඒක තමා නමුත් මම දැකලා තියනවා පෝස්ටුවක් ලියලා තොරතුරු ගත්තේ මෙන්න මෙ සයිට් එකෙන් කියලා සියලු විස්තර දාලා තියන තරම් හොද අය. හරි ඒවා ඉතින් එක පාරම නතර කරන්න පුලුවන් ඒවා නෙවේනේ. කොහොම හරි අද කියන්න යන එකත් අමතක වෙනවා තව පොඩ්ඩෙන් මෙක ඔයාලට ගොඩක් වැදගත් වෙන Site එකක් මේක හොයා ගත්තේ මගේ යාලුවෙක් අහපු දේකට මිනිහා මගෙන් ඇහුවා මචන් මට 1Gb විතර File එකක් තියනවා Email කරන්න කොහොමද කරන්නේ කියලා. මමත් ඉතින් මෙක කරන්න බැරි බව දන්නවනේ මොකද Gmail වල 25Mb විතරයි යවන්න පුලුවන් එක වැර මම ඉතින් මිනිහට කීවා මචන් Google Drive එක හරි Online Backup එකකට හරි Upload කරපන් කියලා. එත් ටිකක් ඒක කරදර නිසා මම අලුත් එකක් හොයා ගත්තා Registration මේක අරවා මේවා මොකුත් ඕනි නෑ යවන්න ඕනි කෙනාගේ Email එක ගැහුවා ඔයාගේ Email එක දැම්මා ඔනි Message එක දැම්මා File එක  Attach කරා Send කරා එච්චරයි. මේකේ පහසුයි වගේම ආරක්ෂාකාරී අතිමුත් හොදයි ඊට අමතරව වේගයෙන් File එක Upload වෙනවා පැය ගනන් යන්නේ නෑ 2Gb යනකම් Transfer කරන්න පුලුවන්. ඒක නෙවේ හොදම එක අමතක උනා මේක නොමිලේ සපයන සේවාවක් ඒකනේ වැදගත්ම එක නේද  මෙකෙ නම කියන්න අමතක උනා නේ “We Transfer” නම ඔන්න. එහෙනම් මෙතනින් සයිට් එකට යන්න දවසක වැදගත් වෙන සයිට් එකක් මෙක ඔන්න. 


We Transfer

WE Transfer by comeege dinapotha


හැමදාම දිනපොතත් එක්ක ඉන්න කියන ගමන් එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා කට්ටියට..!



Post a Comment

1 Comments