Thursday, June 13, 2013

Wireless Charging -රැහැන් රහිතව චාර්ච් කරමු.

අද කලේ මේ Wireless Charging කියන දෙය ගොඩක් ප්‍රයෝගික වෙලා තියෙන්නේ.මොකද ස්මාර්ට් ෆෝන් ජාති කිහිපයකම මෙම ක්‍රමයට charge කරන්න පුළුවන්.Wireless Charging කීවට මේක මේ WiFi වගේ හෙනට ඈත තියලනම් කරන්න බෑ.දැනට මේ Wireless Charging තියන ෆෝන් උනත් charge කරන්නේ වෙනම gadget එකක් උඩ තියල.එකට කියන්නේ power mat එක කියල.අන්න එක උඩින් අර ස්මාර්ට් ෆෝන් එක තිබ්බහම නිකම්ම charge වෙනවා.එඋනට අර power mat එකට සාමාන්‍ය විදියට AC power එකට ගහල තියෙන්න ඕනෙ.
අද වෙනකොට Wireless Charging තියෙන්නේ Google’s Nexus 4 සහ Samsung’s Galaxy S4 , Nokia’s Lumia 920 වගේ ෆෝන් වල Apple iphone 5 වලටත් වෙනම මේක කරන්න පුළුවන්.



කොහොමද මේක වැඩ කරන්නේ??

මේක වැඩ කරන්නේ කව්රුත් දන්න magnetic case එකකින්.එකියන්නේ විද්‍යත් චුම්භක ප්‍රේරණය කියන මුලදර්මයෙන්. ඒ කියන්නේ එක තැනක වෙන චුම්බක Flex එකේ සිදුවන වෙනස් වීමකින් තවත් ඒ ලග තියන දගරයක් තුල current එකක් සදිමෙන්.මේකත් හරියට transmitter සහ receiver කියන 2ක වගේ.

මොකද එකතැනක AC විදුලිය දීල තියෙන්නේ transmitter එක වගේ තියන්න ප්‍රථමික දගරයකට,එතකොට එක අවට චුම්බක ශ්‍රවයක් කියල එකක් හැදෙනවා.ඔය හැදෙන ශ්‍රව්‍යය ද්විතික දගරය කියන, ඒ කියන්නේ අර receiver එක වගේ තියන(ෆෝන් එකේ තියන) එක මගින් කපෙද්දී එකේ current එකක් නිපදවෙනවා.ඔය හැදෙන ධාරාව තම ෆෝන් වගේ දේවල් charge කරන්න ගන්නේ.එකෙන් හැදෙන්නේ AC නමුත් එක DC වලට හරවල බැටරිය charge කරනවා.


මෙම තාක්ෂණයට ලෝකෙම පිළිගත් සම්මුතියක් තම නම් නෑ.නමුත් Qi, PMA (Power Matter Alliance) Power mat  සහ A4WP (Alliance for Wireless Power) කියන සම්මුති 3ක් තියනවා.නමුත් google වල nexus ෆෝන් වලත් සම්මුති 2ක් යොදා ගන්නවා.ඒ හින්ද මේක තම වැඩිය ප්‍රසිද්ධ නෑ.
මේ තාක්ෂණයේ තියන ලොකුම පාඩුව තම කාර්යක්ෂමතාව ඉතා අඩු වීම මොකද වැඩි වොට් පරමානයක් දුන්නත් ලැබෙන්නේ ඉතා අඩු ප්‍රමානයක්. අනික තම රත් වීම .තවත් එකක් තම අර mat එක උඩ තියෙද්ධි ෆෝන් එක චලනය වීම.කොහොම උනත් මේ තාක්ෂනය electric වහන වල නම් ටිකක් හොදට යොදාගන්නවා. 

No comments :

Post a Comment