Saturday, June 15, 2013

දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සමග ජවිපෙන් දේශපාලන පැකේජයක්‌


දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සමග දේශපාලන පැකේජයක්‌ රටට හඳුන්වාදීමට ජනතා විමුක්‌ති පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වේ.
දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කර ඊට සමගාමීව දෙමළ ජනතාව මුහුණදී ඇති ගැටලුවලට ක්‍ෂණික විසඳුම් සහ දිගුකාලීන විසඳුම් හඳුනා ගන්නා දේශපාලන පැකේජයක්‌ ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික අනුර කුමාර දිසානායක මහතා කියා සිටී.

පළාත් සභාද සමගින් දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කර මෙම පැකේජය ක්‍රියාත්මක කිරීමෙන් පවතින ගැටලු නිරාකරණය කරගත හැකි බව ජනතා විමුක්‌ති පෙරමුණ විශ්වාසය පළකරයි.
උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ අයිතිවාසිකම් හා අනන්‍යතාව සුරක්‍ෂිතවීමඔවුන් වර්තමානයේ මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබාදීමශ්‍රී ලංකාව බහුජාතික රාජ්‍යයක්‌ ලෙස ව්‍යවස්‌ථානුකූලව පිළිගැනීම සහ සෑම ජාතියකම නිදහස අගයන දේශපාලන ලියවිල්ලක්‌ ලෙස මෙම පැකේජය සකස්‌ විය යුතු බවද කී අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ඉදිරි සති දෙක තුළදී එවැනි පැකේජයක්‌ රටට ඉදිරිපත් කරනු ලබන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment