Skip to main content

ලොව ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය - Android




ජංගම දුරකථනයක දෘඪාංග සහ මෘදුකාංග අතර සම්බන්ධතාවය ගොඩ නැගීම සදහා නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධති හදුන්වන්නේ මොබයිල් මෙහෙයුම් පද්ධති වශයෙනි. වර්තමාන ලෝකයේ මොබයිල් මෙයෙයුම් පද්ධති බොහොමයක් දැක ගැනීමට පුළුවන් (Android OS, Symbian OS, iPhone OS (iOS ), BlackBerry OS, Windows Phone 7 ( Windows Mobile ), Palm OS (Garnet OS), Palm webOS, Bada, Maemo OS, MeeGo OS) මේ ආදී වශයෙන් බොහොමයක් මෙහෙයුම් පද්ධති තිබෙනවා. මේ අතරින් මෑත කාලයේ ජනප්‍රියම දුරකථන මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. වර්තමාන ලෝකයේ දුරකථන තුළ වැඩියෙන්ම භාවිත වන්නේ ඇන්ඩ්‍රොයිඩ්ය. ජංගම දුරකථන ක්‍ෂේත්‍රයේ මහා පෙරළියක් ඇති කල මෙම මෙහෙයුම් පද්ධතිය අනෙකුත් මෙහෙයුම් පද්ධති අතරින් විශේෂයි. 

මීට වසර දහයකට කලියෙන් එනම් 2001 වසරේදී ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ගොඩනැoවීම ඇරඹුණි. එවකට මෙහි නිපැයුම්කරුවන් ලෙස කටයුතු කරනු ලැබුවේ ඇමරිකානුවන් පිරිසකි. ඔවුන් ඇන්ඩි රූබින්, රීච් මයිනර්, ක්‍රිස් වයිට් සහ ෂියර්ස් යන පිරිසයි. මෙම පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන් එකතුවෙන් භාවිත කරන්නාගේ ඕනෑ එපාකම් වලට ගැලපෙන අයුරින් මෙම වැඩසටහන නිර්මාණය කිරීම ඇරඹුණි. ඒ අනුව වසර 2003 දී මොවුන් විසින් ඇන්ඩ්‍රොයිඩ් ඉන්කෝපරේශන් සමාගම පිහිටුවා ගත්තේය. එහෙත් මොවුන් විසින් පිහිටුවා ගත් මෙම ඇන්ඩ්‍රොයිඩ් ඉන්කෝපරේශන් සමාගම සාර්ථකත්වයට පත්කරගැනීමට නොහැකි විය. ආදායම් උපයා ගැනීමට නොහැකි විමී නිසා මෙම සමාගම බන්කොලොත් භාවයට ඇද වැටෙමින් සිටියේය. මෙකල්හි ගූගල් සමාගමෙන් ඇන්ඩ්‍රොයිඩ් සමාගමට අත දිගු කළේය. ඒ අනුව ගූගල් සමාගමෙන් ඇන්ඩි රූභීන් ඇලුත් පිරිසත් සමගින් මෙම ඇන්ඩ්‍රොයිඩ් ඉන්කෝපරේශන් 2005 දී මිලදී ගත්තේය.

ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් ඉන්කෝපරේශන් සමාගම මිලදී ගැනීමෙන් පසුව ගූගල් සමාගමේ සේවකයන් සහ ඇන්ඩි රූභීන්ගේ මූලිකත්වයෙන් මෙම මොබයිල් උපාංග සදහා නව ආරයේ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම ඇරඹුණි. ගූගල් ඇන්ඩ්‍රොයිඩ් යන නමින් ආරම්භ කල මෙය, 2007 වසරේදී මෙහෙයුම් පද්ධතිය ගොඩනoවා අවසන් විය. 


මෙම මෙහෙයුම් පද්ධතිය ගොඩ නැගුණේ ඕපන්සෝස් මාදිලියේ මෘදුකාංගයක් ලෙසටයි. එනම්, මෙය නිර්මාණය කරනු ලැබුවේ ලිනක්ස් කර්නල් ප්‍රධාන කේත සටහන පාදක කොට ගෙනය.

Linux ලෙස හදුන්වනු ලබන්නේ ඇත්තටම Operating System එකක්. මෙය නිර්මාණය කරන්නේ විවෘත මෘදුකාංග (Open Source) මෙහෙයුම් පද්ධතියක් විදිහට. මෙය වැඩි දියුණු කිරීම සහ බෙදා හැරීම සදහා හිමිකම් අහුරා නොමැත. ඕනෑම අයෙකුට විවිධ ආකාරයෙන් දියුණු කිරීමට පුළුවන්. එහෙත් අනෙකුත් මෙහෙයුම් පද්ධති සදහා හිමිකම් අහුරා තිබීම නිසා නිතීයෙන් දඩුවන් ලැබිය හැක. Linux ලෙස හදුන්වන ලබන්නේ Linux Kernel වන අතර මෙය සියලුම Linux Operating System හි තිබෙන කොදු නාරටිය ලෙස හදුන්වනු ලබයි. මෙහි නිර්මාතෘ Linus Torvalds වන අතර මෙය පළමුවෙන්ම ලෝකයට මොහු විසින් ඉදිරිපත් කරන ලද්දේ 1991 වසරේදීය.

Linus Torvalds හදුනාගනිමු. මොහු උපත ලැබුවේ වසර 1969 දෙසැම්බර් මාසයේ 28 දින Finland හි Helsinki ප්‍රදේශයේය. ඇමරිකාවේ මෘදුකාංග ඉංජිනේරු Software Engineer සහ Hacker අධ්‍යාපනය මැනවින් නිම කරන ලදි. පසුව මොහු විසින් Linux Kernel නිර්මාණය කිරීම අරඹන ලදි. Linux Kernel හි මූලික ශිල්පියා ලෙසට පත්වෙමින් දැනට ඔහු ව්‍යාපෘති සම්බන්ධකයා ලෙස ක්‍රියාකරමින් සීටි. 

ලිනක්ස් ආරම්භයේදී මෙය නිර්මාණය කරන ලද්දේ Intel x86 (32bit) Personal Computer පුද්ගල පරිගණක සදහාය. අනෙකුත් මෙහෙයුම් පද්ධති වලට වඩා පරිගණකයෙහි දෘඪාංග ආරක්ෂා කිරීමේ හැකියාවත් Linux Kenel සතුව පවතී. අද වන විට මෙය ශීඝ්‍ර වශයෙන් දියුණු වෙමින් Servers, Mainframe Computer සහ Supper Computer සදහා භාවිත කරන මෙහෙයුම් පද්ධති දක්වා වැඩි දියුණු කරන ලද තාක්‍ෂණයකින් යුක්‌තය. ඒ වගේම Linux Kernel උපයෝගී කරගනිමින් Mobile Phones, Tablet Computer, Network Routers, Televisions සහ Video game පාලන පුවරු වගේම Android ජංගම දුරකථන මෙයෙයුම් පද්ධතිය පවා මේ ආධාරයෙන් ගොඩ නoවා තිබේ. 

මෙම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීම සදහා ක්‍රමලේඛන භාෂා හතරක් උපයෝගී කරගෙන තිබෙනවා. ඒ වගේම එම භාෂා හතරෙන් කේත කිරීමේදී බොහොමයක් කේත සටහන් ලියා තිබේ. XML (කේත පේළි ලක්ෂ 30), C (කේත පේළි ලක්ෂ 28), Java (කේත පේළි ලක්ෂ 21), C++ (කේත පේළි 17.5) යොදාගෙන නිමවා තිබේ. මෙම මෙහෙයුම් පද්ධතිය ඕපන්සෝස් මාදිලියෙන් නිර්මාණය කරවීම නිසා කාටත් නොමිලේ ලබාගෙන, තමන්ට ඕනෑ හැටියට වෙනස් කොට භාවිත කිරීමේ අයිතිය හිමිවනු ඇත. එහෙත් ගූගල් සමාගමෙන් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතියෙහි අයිති කරුවා ලෙසට ඕපන් හෑන්ඩ්සෙට් එලායන්ස් (Open Handset Alliance) නැමැති සමාගම පිහිටුවා ගත්හ. මේ නිසාවෙන් යම් පුද්ගලයෙන් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතිය දරඳඩු පිළිවෙළකට වෙනස් කර භාවිත කිරීමේ හැකියාවක් නොමැත.



මෙම ඕපන් හෑන්ඩ්සෙට් එලායන්ස් සමාගම පිහිටුවනු ලැබුවේ ලෝක ජංගම දුරකථන උපාංග නිෂ්පාදනය කරන ආයතන වල එකතුවෙනි. මෙහි පරමාර්ථය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට උචිත අයුරින් ජංගම දුරකථන නිර්මාණය කිරීම සහ අලුත් උපාංග වලට ගැලපෙන අයුරින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වැඩි දියුණු කිරීමේ මාවත් තොරා බේරා ගැනීමයි. 

මෙම නිර්මාණ සහ සමාගම් පිහිටුවා ගැනීමෙන් අනතුරුව 2008 වර්ෂයේ සැප්තැම්බර් 20 වැනිදා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙහි සම්පූර්ණ කේත සටහනම ගූගල් සමාගම විසින් මහජනයාට ප්‍රසිද්ධ කරන ලදි. මෙම කේත සටහන ඔවුන් විසින් ප්‍රසිද්ධ කරනු ලැබුයේ මෙම කේත සටහනට ගැලපෙන අයුරින් විවිධ වැඩසටහන් (Application) හෙවත් (Apps) නිර්මාණය කරන ලෙසට දන්වා සිටිමිනි. 

මෙහිදී පරිශිලකයන් විසින් නිර්මාණය කරන ලද ඇප්ස් හුවමාරු කරන ස්ථානයක් ලෙස ඇන්ඩ්‍රොයිඩ් මාර්කට් ( Android Market) නැමති ස්ථානය, (වර්ථමානයෙහි මෙය Google Play බවට පත්ව ඇත) ප්‍රධාන කේත සටහන මහජනයා අතට නිකුත් කිරීමට කලියෙන් සකස් කර තිබුණි. මේ අනුව නිර්මාණය කරන ලද ඇප්ස් මාකර්ට් හරහා හුවමාරු කිරීමේ හැකියාව ලැබුණි. ඇප්ස් නිර්මාණ කරුවන් විසින් නිර්මානිත මෙම ඇප්ස් නොමිලේ ලබා දෙන්නටත් පුළුවන්, ගූගල් සමාගමට විකුණන්නටත් පුළුවන්, මේ අයුරින් ගූගල් වෙතින් මිලදීගත් ඇප්ස් බොහොමයක් ඇන්ඩ්‍රොයිඩ් මාර්කට්හි විකිණීම තිබේ. මේ අතර නොමිලේ ලබාදෙන ඇපස් ද විශාල සංඛ්‍යාවක් තිබේ. 

ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් ලෙස බොහෝ දෙනා පිළිගනී. ඕනෑම මොබයිල් උපාංගයකට ගැලපෙන අයුරින් මෙය නිර්මාණය කර තිබේ. ජංගම උපාංගයක් නිර්මාණය කරන්නෙකුට හෝ ජංගම උපාංග සම්බන්ධතා ලබාදෙන්නෙකුට, මේ සැමට අවශ්‍ය පසුතලය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තුළ නිර්මාණය කර තිබේ. මේ නිසාවෙන් ජංගම උපාංග නිෂ්පාදන කරුවන් විසින් මෙම මෙහෙයුම් පද්ධතිය තම නිෂ්පාදන සදහා තෝරා ගැනීමට හේතු වී තිබේ. 

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇති ජංගම දුරකථනයක් හෝ ජංගම උපාංගයක් එය භාවිත කරන්නාගේ කැමති සෑම සේවාවක්ම සැපයීමට ක්‍රියා කරයි. එම ගුණාංගය ලැබෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් මාකට් එක මගින් ලබාගත හැකි ඇප්ස් නිසාවෙනි. ඇන්ඩ්‍රොයිඩ් මාකට් එක නිකුත් කල දින වල මෙහි පැවතුණේ ඇපලිකේෂන් ස්‌වල්පයකි. වසර 2009 මාර්තුවේදී මෙහි තිබෙන ඇප්ස් ගණන 2300 කි. 2011 ඔක්තොම්බර් මාසයේ ඒ ගණන 319,000 බවට ගණන් බලා තිබේ. 2011 වර්ෂ අවසානය වන විට ඇන්ඩ්‍රොයිඩ් මාකට් හරහා ලබාගත හැකි ඇප්ස් ප්‍රමාණය 350,000 ක් පමණ වෙතැයි අපේක්ෂා කෙරේ. මෙම මාකට් එක ආරම්භයේ සිට අද දක්වා මෙමගින් මහජනතාව ඩවුන්ලෝඩ් කරගෙන ඇති ඇප්ස් ප්‍රමාණය බිලියන 10ක් හෙවත් කෝටි දහසක්වත් වේවි යැයි අපේක්ෂා කරන අතර, ඒවා තවමත් හරියටම ගණන් බලා නොමැත. ලොව පුරා සිටින මෘදුකාංග නිෂ්පාදන කරුවන් 10,200 පමණ ගූගල් සමාගම වෙත ඇප්ස් තව විකිණීම සිදු කරයි. 


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ පළමු වාණිජ සංස්කරණය වූයේ වර්ෂ 2008 සැප්තැම්බර් 23 වැනි දින නිකුත් කල ඇන්ඩ්‍රොයිඩ් 1.0 ය. මෙම මෙහෙයුම් පද්ධතියෙන් පණ ගැන්වුණු පළමු උපාංගය වන්නේ එච්ටීසී ඩ්‍රීම් (HTC - Dream - G1) ස්මාට් ෆෝනයයි.
මෙතැන් පටන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අලුත් සංස්කරණයන් එළිදැක්විණ. ගූගල් ආයතනයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ අංකයට අමතරව මේ සදහා විශේෂිත නාමයන්ද යෙදීම ඔවුන්ගේ සිරිතය. ඒ අනුව මොවුන් මෙය නොයෙකුත් රසකැවිලි වල නම් වලින් මෙය නම් කර තිබෙයි, ඒවා මෙසේය,

Android 1.5 - Cupcake - 2009 අප්‍රේල් 30
Android 1.6 - Donut - 2009 සැප්තැම්බර් 15
Android 2.0 - Eclair - 2009 ඔක්තෝම්බර් 26
Android 2.2 - Froyo - 2010 මැයි 20
Android 2.3 - Gingerbread - 2010 දෙසැම්බර් 6
Android 3.0 - Honeycomb - 2011 පෙබරවාරි 22
Android 4.0 - Ice Cream Sandwich - 2011 ඔක්තෝම්බර් 19
Android 4.1 - Jelly Bean - 2012 ජූලි 9

ආදී වශයෙන් මෙය අකාරාදී පිළිවලින් නම් කර තිබෙනවා.


මොවුන්ගේ මෙම සoස්කරනයෙහි විශේෂත්වය වන්නේ , ස්මාට්ෆෝන් සදහා මෙම සංස්කරනයක්ද (ජින්ජර්බ්‍රේඩ්) වගේම ටැබ්ලට් පරිගණක සදහා වෙනම සංස්කරනයක්ද (හනිකෝම්බ්) ලෙස සංස්කරණයන් දෙකක් භාවිතා වූ මෙහෙයුම් පද්ධතිය, මෙම ස්මාට්ෆෝන් සහ ටැබ්ලට් යන දෙවර්ගයේම භාවිත කරන්නට හැකි අයුරින් නිර්මාණය කරලීමයි.

මෙම Android 4.0 හෙවත් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් හි අපට පැහැදිලිව දකින්න පුළුවන් වෙනස්කමක් විදිහට නම් කරන්න පුළුවන් වෙන්නෙ, මෙහි භාවිත වන Font එක, HD ස්‌ථිරවලත් පැහැදිලිව දකින්න පුළුවන් ආ‌කාරයෙන් මෙහි ෆොන්ට් එක වෙනස් කර තිබෙනවා, ඒ වගේම මූලිකය තිරයේ භාවිත කරන විජට් අවශ්‍ය පරිදි ලොකු කුඩා කරගැනීමට පුළුවන් ආකරයෙන් නිර්මාණය කර තිබෙනවා, ඒ වගේම කලින් සංස්කරණ වලට වඩා යතුරු පුවරුව දියුණු කර තිබෙන අතර නොටිෆිකේෂන් වඩාත් සිත් ගන්නා සුළු ආකරයෙන් පෙන්වීමට මෙය වැඩි දියුණු කර තිබේ.

ඒ වගේම ඔබ දන්නවා ඇති Google Android සතුව විවිධ අලුත් එකතු කිරීම් තිබෙන බව, මෙහිදී තවත් වැදගත් වෙනස්කමක් සිදු කර තිබෙනවා, ඒ තමයි සොෆ්ට් කී ලෙස හැදින්වෙන විශේශාංගය, මෙමගින් පාලන බොත්තම් නොමැති දුරකථනයක උවත් මෙම සොෆ්ට් කී එක භාවිත කරමින් මෙහෙයුම් පද්ධතිය පාලනය කිරීමේ හැකියාව පවතියි. මේවා තිරය මත පවතින ස්පර්ශ සoවේදී බොත්තම් ලෙස ක්‍රියා කරමින් අපගේ එදිනෙදා කටයුතු පහසු කරවයි.


එමෙන්ම මෙහි ඇන්ඩ්‍රොයිඩ් තුළ ඇතුළත් වන වෙබ් බ්‍රව්සර් එකද නවීකරණය කර තීබේ. මෙහි දී එකවර Tab 16ක්‌ විවෘත කර ගත හැකිය. මීට අමතරම ඔබේ Google Chrome Browser සතු Bookmark සමග සම්බන්ධ වීමට හැකි අයුරින් නිර්මාණය කර තිබීම විශේෂයි. මීට අමතරව Gmail සහ Calender ඇප්ලිකේෂන්ද නවී කරණය කර තිබෙනවා.
මෙම අයිස්ක්‍රීම් සැන්ඩ්විච් නව සoස්කරනයට එකතු වූ තවත් විශේෂ පහසුකමක් වන්නේ, Android Beam තාක්ෂණයයි. NFC නමින් හදුන්වන ආසන්න වස්තු අතර තොරතුරු හුවමාරු කිරීම Android Beam ලෙස නම් කර තිබෙනවා, මේ අනුව ඔබගේ යහළු යෙහෙළියකගේ දුරකථයත් සමග වීඩියෝවක්, වෙබ් පිටුවක්, නම්බර් එකක් හුවමාරු කිරීම සදහා කල යුතුතේ, අදාලා දුරකථනය පොඩි තට්ටුවක් දැමීම පමණයි. එහිදී එය අනෙකුත් දුරකථන සමග හුවමාරු කරගැනීමේ හැකියාව පවතී.

ඔබ දුරකථනයේ අයිතිකරුද? එසේ නම් දැන් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් සමග ඔබට තවත් පහසු වේවි, මුහුණ හදුනාගැනීමේ (Facial Recognition) පහසුකම ද ඇතුළත් කර තිබේ, මේ නිසා ඔබේ දුරකථන Unlock කිරීම වඩාත් පහසුය. කැමරාවට මුහුණ පෙන්වූ විට ඔබේ දුරකථනය Unlock කරගැනීමට පුළුවන. ඒ වගේම කටහඩ හදුනා ගැනීමේ තාක්ෂණයද වැඩි දියුණු කර තිබේ. මෙම නිසා ඔබගේ කටහඩ ක්ෂණිකව වචන බවට පෙරළීමට සමත් ආකාරයෙන් නිර්මාණය කර තිබේ. http://x.co/mobiles

මෙම අලුත් එකතු කිරීම් සමගින්, නව මුහුණුවරකින් ඔබ වෙත මෙම නව මෙහෙයුම් පද්ධතිය එනකම් ඔබ පුන පුනා බලා සිටින බව ඔබ අපි නොදන්න රහසකි. දැනට HP සමාගමේ Galaxy Nexus ස්මාට් දුරකථන මෙම නව මෙහෙයුම් පද්ධතිය භාවිත කරයි. ඉදිරියේදී පැමිණෙන දුරකථන සමග මෙය ඔබට අත් විදින්න පුළුවනි. 


අද ලොව තිබෙන සමස්ථ ටැබ්ලට් පරිගණක ගත්විට ඒවයෙහි 17 % පමණ අඩංගු වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතියයි. ස්මාට්ෆෝන් ගත් විට ඒවා අතරින් 43% පමණ දුවන්නේ ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතියෙනි. ගෙවී යන සෑම තප්පරයක් පාසාම විකිණී යන ඇන්ඩ්‍රොයිඩ් සහිත ස්මාට් ෆෝන් සංඛ්‍යාව 13 කි. එනම් දිනකදී දිනකදී අලෙවි වන ඇන්ඩ්‍රොයිඩ් සහිත ස්මාට් ෆෝන් ප්‍රමාණය පන් ලක්ෂ පනස් දහසකට වඩා වැඩියි. ඒ අනුව ලෝකය පුරා ඇන්ඩ්‍රොයිඩ් ජංගම උපාංග ගණන විසිකෝටියකි. මිලියනවලින් නම් 200 කි. 

මෙම පොස්ට් එක ඔබට ඉදිරිපත් කලේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තමයි ලෝකෙ හොදම මෙහෙයුම් පද්ධතිය ලෙස ප්‍රකාශ කිරීමටත්, එහෙම නොමැතිනම් අනෙකුත් මෙහෙයුම් පද්ධති පහත් කොට සැලකීමටත් නොවේ. ඒ නිසාවෙන් වාදයක් ගොඩ නැගීමට උත්සහ නොකරන්න. ස්තූතියි ඔබට, ජයෙන් ජය !

Comments

  1. විස්තරයට ගොඩක් ස්තූතියි. ආයෙ එන්නම්.

    ReplyDelete
  2. ela mcn thanx to talk about this jaya wewa

    ReplyDelete
  3. Thank bn ...godk feel Dana gaththa...wish u all the best.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.