සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Friday, June 14, 2013

New Kingdom of Egypt (1550-1069 BC)ඊජිප්තු ශිෂ්ඨාචාරයේ නව රාජධානි යුගය

ක්‍රි.පූ.1550-1069 අතර කාලය නව රාජධානි යුගය වශයෙන් සැලකේ.ඉහළ ඊජිප්තුවේ තීබසය මූලිකකරගෙ නිර්මාණය වූ රාජධානි යුගය වඩාත් ශක්තිමත් කලේ හයික්සෝස් රජුය.මෙහි විසූ රජවරු 18 වන රාජවංශයට අයත් වූවෝ වෙති.ඔවුන් නම්,අමෝස් i, ආමන්හොටේෆ් i,තොට්මොසේ i, තොට්මොසේ ii,තොට්මොසේ iii, ආමන්හොටේෆ් ii,හැට්ෂෙප්සුට් ‍රැජිණ,ආමන්හොටේෆ් iii, ආමන්හොටේෆ් iv,ස්මෙන්ඛාරේ, ටූටන්කාමන්, අයී යන රජවරුය.මේ රාජවංශයට පදනම දැමුවේ ක්‍රි.පූ.1567 දී i වන ආමෝස් රජුය.
මේ රාජවංශය සුසානගත පිරමීඩ අවසාන වශයෙන් ම අත්හැර දමන ලද ඒවාය.විශේෂයෙන් ම මේවා නිධන් හොරුන් විසින් කඩා බිඳ දමන ලද බව පෙනේ.ක්‍රි.පූ.1080-715 අතර කාලය පරිහානි යුගයක් සේ සැලකිය හැකිය.මෙය 20 වන රාජවංශයේ මෙන්ම නව රාජධානි යුගයේ ද අවසාන කාලය විය.විසි දෙවෙනි රාජවංශයට අයත් රජවරුන්ලෙස ෂෙෂොංග් i, ඔසර්කෝන් i, ෂෙෂොංග් ii, ටකොලොට් i, ඔසර්කෝන් ii, සහ තවත් රජවරු පස්දෙනෙක් මෙකල සිටි බව පෙනේ.ක්‍රි.පූ.666දී ඇසිරියානු ජාතිකයින්

මෙසපොතේමියාවේ ඇෂූර්බනිපාල් රජු යටතේ මිසරය ආක්‍රමණය කොට තීබිස් නුවර ද අල්ලාගෙන තිබේ.ඊජිප්තුවේ අවසාන ස්වාධීන රාජවංශය වූයේ විසි හයවෙනි රාජවංශයයි.නයිල් ඩෙල්ටාවේ සැයිස් නගරය අගනුවර කරගනිමින් ජීවත්වූ මේ රජවරු"සයිට්" යන නමින් හඳුවාතිබේ.මේ රාජංශයේ සම්භවය ඇතිවූයේ i වෙනි සැමෙටික් රජුගෙනි.එම රාජවංශයේ රජවරුන් ලෙස නාකෝ සැමෙටික් ii, ඇප්‍රීස්, අමෝස් ii, ප්සේමැටික් iii යන අය හඳුන්වා දිය හැකිය.මේ කාලයේදී වෙළඳ කටයුතුවල දියුණුවක් දක්නට ලැබෙන අතර කලාශිල්ප කෙරෙහිද යම් නැඹුරුවක් දකින්නට හැකිය. ii වැනි ආමෝස් ග්‍රීකයන් සමඟ මිත්‍රත්වයෙන් පසු වූයෙක් විය.ඔහු ග්‍රීකයන් වෙත බොහෝ තෑගි බෝග යැවූ බවට සාධක තිබේ.එහෙත් ඔහුගේ පුත්‍රයා වන ii වැනි සැමෙටික් ගේ රාජ්‍ය කාලයේදී කැම්බයිසීස් මිසරය ආක්‍රමණය කළෙන් නගරය පාවා දීමට සිදුවූ හෙතෙම සිය දිවි නසා ගත්තේය.
ඊජිප්තුවේ 27වැනි රාජවංශය ආරම්භ වූයේ කැම්බයිසීස් රජු (ක්‍රි.පූ.525-404) රාජ්‍යත්වයට පත්වීමෙනි.ක්‍රි.පූ.522-85 කාලයේ විසූ i වන ඩේරියස් රජු පර්සියාවේ මෙන්ම ඊජිප්තුවේ ද පාලකයා විය.ඔහු විසින් ඊජිපතුවේ දේවාල ඉදිකරනු ලැබූ අතර,බදු අය කිරීම, මනා රාජ්‍ය පරිපාලනය, වැනි සංවිධානාත්මක කටයුතු සහ නෙකෝවිසින් ආරම්භ කර තිබූ රතු මුහුඳ සහ මධ්‍යධරණී මුහුඳ යා කෙරෙන ඇළ මාර්ගය සම්පූර්ණකර නෞකාවන්ට පහසුවෙන් එහා මෙහා ගමන් කළහැකි මුහුඳු මාර්ගයක් තනා දීම වැදගත්  කාර්යයන් සේ සඳහන් කළ හැකිය.
ක්‍රි.පූ.350දක්වා තිස්වෙනි රාජ වංශය වනතුරු රාජ වංශ කිහිපයක් යටතේ පාලනය වූ ඊජිප්තුව පසුව පර්සියානු ආක්‍රමණයන්ට නිරන්තරයෙන් ගොදුරු වන්නට විය.මේ හේතුව නිසා මෙතෙක් ‍රැකගෙන ආ අවසන් රාජ වංශය වූ තිස්වෙනි රාජවංශයටද රාජ්‍ය අත්හැරීමට සිදු විය.අවසාන වශයෙන් ii වෙනි නෙක්ටනේබෝ රජුගේ මරණය එතෙක් ඊජිප්තුව පාලනය කළ සියළු රාජ පරම්පරාවලද අවසානය විය.
ආක්‍රමණකාරී පර්සියානුවන් විසින් අත්පත් කරගත් ඊජිප්තුව ඔවුනොවුන්ගේ කා කොටා ගැනීම් වලින් ගහණ වූ අතර ඉන් ප්‍රයෝජන ගත්තේ මැසිඩෝනියානු ජාතිකයෙකු වූ ඇලෙක්සැන්ඩර් රජුය.ක්‍රි.පූ.322 දී ප්ර්සියානුවන් පරාජය කරමින් ඊජිප්තුව සියතට ගත් ඇලැක්සැන්ඩර් රජු එහි ඇලෙක්සැන්ඩ්‍රියා නමින් සිය නගරය පිහි‍ටුවා ගෙන ඊජිප්තුවට ගැලපෙන පරිදි සිය දහම,ප්‍රතිපත්ති මෙහෙයවමින් පර්සියානුවන් ට වඩා ඊජිප්තු ජාතිකයන්ට සමීපව සිය රාජ්‍යත්වයේ කටයුතු මෙහෙයවන ලදී.කෙසේ නමුත් පසු කලෙක යුධ මෙහෙයුමක් සඳහා පෙරදිගට ගමන්කරමින් සිටින අතරතුර උණ රෝගය වැළදීම නිසා ඔහු මරණයට පත් වූ අතර පසුව බිහිවූ ග්‍රීක පාලකයන් දොලොස් දෙනෙකු විසින් ඊජිප්තුව පාලනය කරන ලදී.අවසාන වශයෙන් සුප්‍රසිද්ධ ක්ලියෝපැට්‍රා ‍රැජිණ එහි රාජ්‍යත්වයට පත්වුණු අතර ඇගේ අභාවයත් සමඟ ඊජිප්තුවේ ග්‍රීක අධිරාජ්‍ය කාලයද අවසන්ව ගියේය.

(සැ.යු - පත පොත ඇසුරිණි.මෙහි එන රජවරුන්ගේ නම් ගම් අධ්‍යයන පහසුව තකා ඉදිරිපත් කරන ලද බව කරුණාවෙන් සලකන්න)  

1 comment:

  1. MCD : Mr. Gamble Casino | Dr. Maryland
    Visit the MCD website to 오래된 토토 사이트 find information about your favorite 대구광역 출장마사지 casino 원주 출장안마 games and casinos. MCD also makes your own 시흥 출장안마 choices. 거제 출장안마 Visit MCD.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...