a

Tuesday, June 11, 2013

(WWDC - දෙවන කොටස )අළුත් Mac OS X "Mavericks" ගැන සහ යවත්කාලින වුන MacBook Air /Mac pro

ඔන්න WWDC වාර්තාවේ ඉතිරි ටික ,කලින් කථාව නතර කලේ ඇපල් සමාගමේ උපසභාපති වරයෙක් වාගෙම OS X භාරව කටයුතු කරන Craig Federighi වේදිකාවට පැමිණිමත් සමග.









Craig කථාව පටන් ගත්තේ මේ දක්වා ආපු හැම OS X  එකකටම කොඩ් නේම් එක දුන්නේ බළල් පවුලේ සතෙක්ගේ නාමයෙන් කියන එක මතක් කරලා.මේ වෙද්දී බළල් පවුලේ හැම සතෙක්ගේම වාගේ නම් භාවිතා කරල ඉවර නිසා මේ සැරේ OS වර්ෂන් එක "මුහුදු සිංහයින්ගේ" නමින් නම් කරනව කියලා.ප්‍රේක්ෂකාගරයෙන් සිහින් සිනාවක් සමඟ ඇහෙන අත්පුඩි හඬ මැද Craig කියනවා "එක විහිළුවක්" කියලා.....
ඇත්ත නම "OS X Mavericks" . Craig කියපු විදියට මී ළඟ අවුරුද්දු දහය වෙන් කරන්නේ කැලිෆොනියාව තේමා කර ගත් කොඩ් නේම් වලටලු.(Mavericks කියන්නෙත් උතුරු කැලිෆොනියා වල Surfing වලට ප්‍රසිද්ධ තැනක්ලු)



මෙතැන ඉඳන් අළුත් Mavericks OS ගැන විස්තර කරනවා .ඒ Finder Tab,multi-displayගැන එහෙම.මේතැනදී කියපු තවත් කාරණයක් තමයි මේ අළුත්  "Compressed Memory"කියන සිස්ටම් එක  CPU එක භාවිතය 72% අඩු කරලා බැටරිය දිර්ඝව භාවිතා කරන්න පහසුකම ලබා දෙන එක.





ඊ ළඟට Safari වෙබ් බ්‍රවුසර් එකේ යවත්කාලිනය ගැන විස්තර කරන ගමන් අනිත් සමාගම් වල බ්‍රවුසර් වලට වඩා Safari  වල විශේෂත්වයත්(සෆාරි අනිකුත් බ්‍රවුසර් වලට වඩා අඩු processor power & memoryවලින් ක්‍රියා කරනවා කියන එක) සංසන්දනාතමකව සසඳල පෙන්නුවා.සෆාරි 7 වල අළුත් උනේNitro Tiered JIT、Nitro Fast Start、Process per Tabවාගේ දේවල් තව safari බ්‍රවුසර් එක මත ණයවර පත් තොරතුරු,පාස්වර්ඩ් ,ගිණුම් තොරතුරු ආදිය ස්වංක්‍රියව ඇතුළත් කර ගත හැකි iCloud Keychainපහසුකම ගැනත් කථා කරනු ලැබුවා. Maps,Mails,App Napෆන්ෂන් එක එහෙමත් ගැන විස්තර කලා.OS X වලදී iBooks  භාවිතා කරන්න ඉඩ ලබාදීලා තියෙනවා.මේ අළුත් වර්ෂන් එක ඩවුන්ලොඩ් කර ගන්න ලැබෙන්නේ මේ අවුරුදෙ අන්තිම මාස වලදී තමයි .





ඊ ළඟට වේදිකාවට ආවේ ඇපල් සමාගමේ තවත් උප සභාපතිවරයෙක් වෙන Worldwide Marketingභාරව ඉන්න Phil Schiller යි.ඔහු මුලින්ම හඳුන්නලා දුන්නේ අළුත් MacBook Air(MBA) පරිගණකය ගැන. intelසමාගමේ හතරවන පරම්පරාවේ "Haswell" චිප් මුල් වරට Mac වලට යොදා ගත්ත මේ සැරේMBAවල.මේ නිසා ග්‍රැ‍ෆික් වල 40%වේගවත්භාවයකුත් අඟල් 13 මොඩෙල් එක පැය 12ක බැටරි කාලයක් ,ඇපල් සමාගම කියන විදියට "All-day"භාවිතා කරන්නත් ස්ටැන්ඩ්-බයි නම් දවස් 30 තියන්නත් පුළුවන් කම ලැබෙනවා.විඩියෝ බලනවානම් Schiller කියන විදියට The Lord of the Ringsෆුල් සිරියස් එකම අවුලක් නැතිව එක දිගට බලන්න පුළුවන් බැටරිය ගැන වද වෙන් නැතිව.
මේ සැරේ MBA අද දවසෙ ඉඳන් මිලදී ගන්න පුළුවන්.




MBA එකෙන් පස්සේ Schiller හඳුන්වල දුන්නා Mac pro එක.මේතනදී Schiller  කියනවා ඉහල වෘත්තිමය පරිගනක භාවිතා කරන්නන් සඳහා උසස් නිපයුමක් ලබාදෙන්න වර්තමාන තාක්ෂනය සමඟ අළුත් Mac Desktop එකකින් කරන්න පුළුවන් මොනවාද කියලා කල්පනා   කරලා හදපු මේ Mac එක  මේ දක්වා අපු Mac නිෂ්පාදන වල ‍රැඩිකල්ම Mac එක  විදියට මේ සැරේ Mac pro එක හඳුන්වන්න පුළුවන් කියල. ඒ වාගෙම මැෂින් එක ඇසම්බල් කරන්නේ එක්සත් ජනපදය තුලමයි.මේහි සිත් ගන්නසුළු නාවාංග තමයි 4K Displays දක්වා සහාය,Thunderbolt 2 සහාය සහ Dual workstation GPUs

1 comment: