රසවත්ව, හරවත්ව, ගුණවත්ව හා වැදගත්ව සිංහල ලියමු.

Monday, May 27

‘ණ’ හා ‘ළ’ යෙදෙන් තැන්

අකුණ = හෙණය
අකුණු = හෙණ
අකාරණය = නොකරුණ
අගුණ = ගුණ නැති
අග්‍රගණ්‍ය = ප්‍රධානතම
අජීර්ණ = නොදිරන

අණ = නියෝගය
අණ පනත් = ආඥා හා ප්‍රඥප්ති
අණබෙර = රජ අණට හඬවන බෙර
අණව = සාගරය
අණසක = අඥා චක්‍රය
අණුදක්නය = සියුම් දේ දක්වන උපකරණය

අතික්‍රමණය = නීතිය ඉක්මවා යෑම
අතිහරණය = අධිවර්ධනය (ව්‍යාධියකි)
අතීතාරම්මණ = අතීතය අරමුණු කරන
අතුණ = බඩවැල
අධිකරණය = උසාවිය

අනාවරණ = විවෘත
අනුකරණය = සමාන ව කිරීම
අනුකර්ෂණය = ඇද ගැනීම
අනුස්මරණ = සිහි කරන
අපමණ = බොහෝ
අපසරණය = වෙන් ව යෑම
අපහරණය = ඉවත් කිරීම

අප්‍රාණික = පණ නැති
අප්‍රමාණ = බොහෝ
අප්පමාණ = බොහෝ
අබරණ = ආභරණ
අභිපේ‍්‍රරණය = ඉදිරියට යැවීම
භිරමණය = 1. පී‍්‍රතිවීම, 2. රති සැප
අභිරමණීය = සිත් පිනවන
අමරණීය = නො මැරෙන

අමුණ = 1. දිය රඳවන බැම්ම, 2. වී පෑලක ප්‍රමාණය
මුණන = ඇමිණීම කරන
අරණ = ආරණ්‍යය, තුරු බහුල පෙදෙස, වනය
අරමණ = රාමඤ්ඤ දේශය
අරමුණ = අදහස, ඉලක්කය

අරුණ = අලුයම් කාලය
අරුණෝදය = හිමිදිරි ආලෝකය
අර්ණාව = සාගරය
අවතීර්ණය = පැමිණීම
අවධාරණය = බරකොට කීම

අමුණන = එකට ආඳින
ආවේක්ෂණය = විමසා බැලීම
ආවේක්ෂණික = විමසා බැලිය යුතු
අසරණ = පිහිටක් නැති
අසාධාරණ = සමාන නො වූ

අංගණය = මිඳුල, පිට්ටනිය
අංග රූපණය = ලක්ෂණ දැක්වීම
ආකර්ෂණය = ඇදගන්නා
ආක්‍රමණ = බලෙන් කඩා වදින
ආක්‍රමණික = බලෙන් කඩා වදින්නා වූ
ආචීර්ණ = හුරු පුරුදු

ආණ්ඩුව = රජය
ආදරණීය = ආලවන්ත
ආපණ ශාලාව = කඩය
ආභරණ = අබරණ
ආමන්ත්‍රණ = කැඳවන, අමතන

ආරණ්‍යය = වනය, කැලෑව
ආරෝපණය = පැටවීම
ආරෝහණය = නැඟීම
ආවේණික = පරපුරට අයත්
ආඝ්‍රණය = ගඳ සුවඳ දැනීම

2 comments:

  1. මේවයේ හරි වචනය දන්නවාද ?
    සංකාව - කාංසාව
    කරුවල - කලුවර
    කෙලවර - කෙරවල

    ReplyDelete
    Replies
    1. කතා කරන විට පළාත හා කටහුරුව අනුව හෝ ලේඛකයා අනුව චවන උච්චාරණය වෙනස්කර භාවිතා කල තැන් දකින්න පුළුවන්. අක්‍ෂර වින්‍යාසය සංකීර්ණ වන්නේ ඒනිසා

      හරියට එංගලන්තයේදී centre හා ඇමරිකාවේ center එකම අදහස දෙනවා වාගේ

      සංකාව - තනිකම නිසා දැනෙන හැඟීමක්
      කාංසාව - කාන්සිය යන්නෙන් හදාගත් වදනක්ද?
      කලුවර - කලුපාටින් යුත් හෝ අන්ධකාරය හඟවයි.
      කරුවල - මාර්ටින් වික්‍රමසිංහ තම පොතකට භාවිතා කරන්නේ "කරුවල ගෙදර" යන්නයි.

      කරුවල වැටීගන එනකොට කලුවර ගස මෝල්ගහෙන් කොටාගත්
      කරුවල මෝල්ගස මිනී මැරුමක් අල්ලයි
      අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානයක මහතා රෝපණය කළ කරුවල ගස
      කෑලි කපන්නට තරම් හතරැස් වූ කරුවල පරිසරය වෙළාගෙනය
      දැන් බිං කරුවල වැටෙන්න කිට්ටුයි

      බෙලි කලුවර සඳුන් මදාරා වැනි ගස්‌ දේවතාගෘහිත වන බැවින්
      කලුවර ගමට ඇවිදින් දැන් හතර වටින්
      අමාවක අහස කලුවර කලාට, පුංචි සඳවතිය එක්ක අහස කවදාවත්ම

      කෙලවර - යමක හෝ තැනක අග
      කෙරවල - කථාකරන භාශාවේ වදනක්

      Delete