රසවත්ව, හරවත්ව, ගුණවත්ව හා වැදගත්ව සිංහල ලියමු.

Thursday, June 6

සිංහලයේ පද බෙදීම

අප අදහස් පළකරන්නේ වාක්‍ය මගිනි. පද ගැලැපීමෙන් වාක්‍ය සැකැසේ. අකුරැ වලින් පද ලියා දක්වයි. ලියන සිංහල බස අකුරු, පද හා වාක්‍ය යන අංග තුනකින් සමන්විත වෙයි. පද බෙදීම යනුවෙන් අදහස් කරන්නේ වාක්‍යක් නිරමාණයේදී පද වෙන් කොට ලියමුද හෝ එක් කොට ලියමු ද? යන්නයි. 

පද අර්ථ වශයෙන් නාම, ආඛ්‍යාත, නිපාත නම් වර්ග තුනකට බෙදා දක්වයි. සිංහල වාක්‍යයක් ලියන විට එහි ඇති එක් එක් පදය තවත් පදයකින් වෙන් කොට ලිවීම පිළිගත් රීතිය යි. 

සිංහල ව්‍යාකරණයට අනු ව, ඉතා පැහැදිලි ලෙස සිංහලයේ පද වර්ග හඳුන්වා දී ඇත. ඒ අනු ව, සිංහලයේ පද බෙදීම යනු, ඒ ඒ වර්ගවලට අයත් පද වෙන් වෙන් වශයෙන් ඈත් කොට ලිවීම යි.

1989 දී, ජාතික අධ්‍යාපන ආයතනයේ මෙහෙයවීමෙන් සැකැසුණු ‘සිංහල ලේඛන රීතිය’ පරිදි “නාම, කි‍්‍රයා, නිපාත යනුවෙන් පද වර්ග තුනක් වෙයි. මෙයින් සමහරක් තනි අකුරකින් පමණක් යුක්ත වෙතත්, සියලු පද ලිවිය යුත්තේ එකිනෙක අතර පරතරය ඇති ව ය. එනම් පද බෙදා ය.” යනුවෙන් ඉතා පැහැදිලි ලෙස පද බෙදා ලිවිය යුතු රීතිය දක්වා, එතැන් සිට අකුරු එක් කොට ලිවිය යුතු අවස්ථා නිදසුන් සහිත ව පැහැදිලි කර සම්මතයක් සම්පාදනය වී ඇත්තේ ය.

1. ප‍්‍රකෘති හා විභක්ති

(අ) ගේ - ගෙන් - හට - ට යන විභක්ති ප‍්‍රත්‍යය පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- ඔහුගේ, මිනිසාගේ, ඔවුන්ගෙන්, ගැහැනුන්ගෙන්

(ඇ) විසින්, කරා, කෙරෙන්,, කෙරෙහි, වෙත, වෙතින් ආදී විභක්ති සූචක රූප පෙර පදයෙන් වෙන් කොට ලිවීම.

උදා. :- අප විසින්, මා කරා, කාන්තාවන් කෙරෙන්

(ඉ) සම්බන්ධාර්ථයෙහි හා කාලාර්ථයෙහි යොදන, දී - ලා යන රූප පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- ගෙදරදී, බැංකොක්හිදී, ලන්ඩන්වලදී

(උ) කරණ විභක්ති සූචක ‘කරනකොටගෙන’ යන්න තනි වචනයක් සේ ලිවීම.

2. නිපාත

(අ) තනිව යෙදෙන අර්ථයක් ප‍්‍රකාශ කරන නිපාත තනි පද සේ ලිවීම.

උදා. :- එහෙත්, තරා, තරම්, තාක්, තුරු, තෙක්, දක්වා - වැනි, විනා, සහ, සේ, හා

(ඇ) ‘නො’ නිපාතය පසු පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :– නොකරන්නේය, නොකළ, නොගොස්, නොයයි, නොවූ,

(ඈ) ‘ම’ නිපාතය පෙර පදය හා එක් කොට ලිවීම. අදම, අවස්ථාවේදීම, කොළඹටම

(ඉ) සමුච්චයාර්ථයේ හා ප‍්‍රශ්නාර්ථයේ ‘ද, දෝ’ යන නිපාත පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- අඹද, පොල්ද, ඔහුද, මමද, අපහසුද?, යනවාද?, කවදාදෝ

(ඊ) වාක්‍යාවසානයේ ය, යි, හ, සේක, දෑය යන නිපාත පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- කළාහුය, ගියේය, යන්නේය, දැන්වූසේක, වදාළසේක, ගියදෑය, වදාළදෑය

3. ආඛ්‍යාත

(අ) ‘ව‘ වීමේ ධාතුව හා සම්බන්ධ වන ‘ව‘ කාරය පෙර පදය සමඟ එක් කොට ලිවීම.

උදා. :- අනුව, ගුරුවරයකුව, නොවෙනස්ව, පැහැදිලිව, පිළිබඳව

පද බෙදීම ව්‍යාකරණාංගයක් නොවූවත් ලේඛන ව්‍යවහාරයට අදාළ ලක්ෂණයක් වෙයි. 

3 comments:

  1. sammathayath , sampradayath matha wadath nisa ek adahasakata paminiya hakke keseda ?

    ReplyDelete
  2. බොහොම ස්තූතියි.... ඔබගේ ලිපිය ඉතා ප්‍රයෝජනවත්

    ReplyDelete