Wednesday, June 5, 2013

78. දාර්ශනික ප්‍රශ්න… | When we eat animals they die…

පසුගිය දිනෙක රාජකාරී ස්ථානයෙන් දීර්ඝ චාරිකාවක් යන්නට සිදුවුනා… යන එන මඟට කතාකරන්නට කෙනෙකු නොවූ නිසාම ඒ මුළු ගමනම මට ගත කරන්න වුණේ ඉයර්ෆෝන් එක කනේ රුවාගෙනයි… එහිදී මම සවන්දෙන්නට යෙදුන එක්තරා දීර්ඝ සාකච්ඡාවක ඔවුන් කතාකලේ දර්ශනය සහ දාර්ශනිකයින් ගැනයි… සංකීර්ණ වචන වලින් ගහන වුණු එහි අවසානයේ මම ලබාගත් එක් දළ අදහසක් වුණේ දාර්ශනික ගැටලු යනු, යම් ගැටලුවකදී එකිනෙකට පරස්පර විසඳුම් එකකට වඩා වැඩි ගනනක් ඇතිවිට ඒවා කෙතරම් එකිනෙකට පරස්පර වුවත් අවසන් ගැටළුවට ඒ සියල්ලම විසඳුම් ලෙස තර්ක කල හැකිනම් එය දාර්ශනික ගැටළුවක් ලෙස සැලකිය හැකි බවත්, ඒ මොහොතේදී දර්ශනයේ හෝ දාර්ශනිකයෙකුගේ මැදිහත් වීම අවශ්‍යයි වගේ මෙව්වා එකක්…

 

ඒ ඔස්සේ හිතද්දී මට හිතුණේ මිනිසෙකු නිර්මාංශ වියයුතුද නැද්ද යන්නත් මෙවැනි දාර්ශනික ගැටලුවක් බවයි… මේ දාර්ශනික ගැටලුව විසඳන්න ලියවුණු ලිපි, දේශන, සකච්ඡා අපමණයි… මේ ඊයේ පෙරේදා සිදුවුණු සිය දිවිනසාගැනීමේ (හෝ ජීවිත පූජාවේ) ප්‍රතිඵලයක් විදියටත් ඒ ගැන බ්ලොග් ලිපි ගණනාවක කතාවූ බොහෝදේ මමත් කියෙව්වා… නිර්මාංශ වීමේ නිවැරැද්ද, මාංශය ආහාරයට ගන්නා විට කොහොමත් සතා මියගොස් ඇති නිසා එහි ගැටලුවක් නොවන බව තාක්ෂණික පැත්තෙන්ද , ශාස්තෘවරයන්ගේ දේශනා වලට අනුව කැප ඇකැප, අනුමත කළ නොකළ යනාදී ලෙස ආගමික පැත්තෙන්ද, මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය අම්ල වර්ග ශාක ආහාර වලින් පමණක් ලඟාකරගත නොහැකිය යනාදී ලෙස වෙයිද්‍ය විද්‍යාත්මක පැත්තෙන්ද, සමහර සත්ව ගහන පාලනයකින් තොරව ඉහළ යන හැටි සමීකරණ මඟින් ගණිතමය පැත්තෙන්ද, මාංශ ආහාරයේදී පමණක් නොව ශාක ආහාර නිෂ්පාදනයේදීත් කෘමිනාශක යනාදියෙන් බොහෝ සත්ව ජීවිත අහිමි වන බැවින් මෙසේ සිතුවොත් මිනිසාට කෑමට කිසිත් ඉතිරි නොවෙන බව තාර්කික පැත්තෙන්ද යනාදී නොයෙක් ක්‍රම මඟින් පෙන්වා දුන්නා… ඒ සියල්ල මා පිළිගත්තේ එකඟ නොවිය හැකි කරුණු ඒවායේ නොතිබුණ තරම් බැවින් සහ මමත් පුද්ගලිකව නිර්මාංශකයෙක් නොවෙන බැවින්…

 

මේ සියලු පැහැදිලි කිරීම් සාධාරණ යැයි සිතාගෙන සිටින විටයි මට මේ වීඩියෝව දැන් ටිකකට කලින් බලන්න ලැබුනේ… හය හතර නොතේරෙන පුංචි පැංචෙක් ඒ සංකීර්ණ දාර්ශනික ගැටලුව අතිශය සරලව විසඳන හැටි මම බලාගෙන හිටියේ කටත් ඇරගෙන… මුළු ලෝකයම විරුද්ධ උනාවේ… ලුඊස් පුංචි දාර්ශනිකයෝ මම ඔයත් එක්ක එකඟයි…

 

 

Mom : Now eat your Octopus gnocchi

Luiz : OK mom… alright… This Octopus is not real right..?

Mom : No…

Luiz : Then alright… He doesn’t speak and he doesn’t have a head right?

Mom : He doesn’t have a head… These are only the chopped little legs of the Octopus…

Luiz : HUH… But is his head in the sea…?

Mom : It is at the Fish Market…

Luiz : The man chopped it..? Like this..?

Mom : Yes he did…

Luiz : Why..?

Mom : So we can eat it… otherwise we’d have to swallow it all…

Luiz : But… Why..?

Mom : So we can eat it love… Just like a cow is chopped… a chicken is chopped…

Luiz : Ah… the Chicken… No nobody eats chicken…

Mom : Nobody eats chicken…?

Luiz : No… Those are animals…!

Mom : So lets not eat the gnocchi…? Eat the potato then…?

Luiz : Just potato and just rice…

Mom : OK…

Luiz : Octopuses are animals…

Mom : Alright…

Luiz : All of them are animals… Fish are animals… Octopus are animals…Chicken are animals…Cows are animals… Pigs are animals…

Mom : Yeah…

Luiz : So when we eat animals they die…

Mom : Yeah…

Luiz : Why…?

Mom : So we can eat love…

Luiz : Why do they die..? I don’t like that they die… I like that they stay standing up…

Mom : OK…Alright… So we’re not gonna eat it anymore OK..?

Luiz : OK…

Luiz : These animals… you gotta take care of them… and not eat them..!

Mom : You are right Son… So eat the potato and rice…

Luiz: Alright...Why are you crying?

Mom: I'm not crying...I'm just touched by you.

Luiz: I'm doing something beautiful?

Mom: Eat. No need to eat the octopus, alright?

Luiz: Ok!

 

ප.ලි. – බිලියන ගණනක් මුදල් සහ ජීවිත හානි කරමින් රටවල් ජාතීන් අවුරුදු ගණන් මරාගන්නා බොහොමයක් ගැටලු වලට පිළිතුරුද මෙවැනි සරල තර්කයක තිබෙන්නට බැරිද…

 

වීඩියෝව ගත්තේ මෙතැනින්… ඔහු ලුඊස් ඇන්තෝනියෝ…අවුරුදු තුනක බ්‍රසීල ජාතික දරුවෙක් බවයි ගුගල් කියන්නේ…

31 comments :

  1. ඔය වගේ ප්‍රශ්න වලින් වෙලාවකට අන්ත අසරණ වෙන අම්මෙක් මමත් . අපි දුන්නේ නැත්තන් ළමයි දන්නේ නැහැ . අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නෙන් අසරණ වෙලා නැද්ද? :) කොහොමද ගොඩදාගත්තේ..?

      Delete
    2. මගේ අම්මල වැඩිය මස් කෑවේ නැහැ . එකක් ඒ කාලයේ මස් එච්චර බහුල නොවීම . අනික අපේ ගෙදර අයට ඒ කාලේ හරක් මස් කන කොට කසල පලු දානව . තාත්තලාගේ ගෙවල් වලත් කාල නැහැ . ඉතින් අපේ දිහා කෑවේ මාළු . මිගමු මාළු එනව අපිට . පස්සේ කාලෙක කුකුල් මස් කන එක බහුල වුනහම ඉඳහිට කුකුල් මස් කෑවා . මේ මෑතක නේ ඔය වෙජිටේරියන් වෙන එක ටිකක් වැඩි වුනේ . මන් හිතන්නේ ඕනවට වඩා හිතිමත් ජීවිතය අමාරු කරවනවා .

      ඒ පුරුද්ද නිසා අදටත් මන් වැඩිය මස් ප්‍රිය කරන්නේ නැහැ . නොකනව නෙමේ . දැන් නම් ඉතින් මේ වයසට අඩුවෙන් මස් කන එක ශරීරෙට හොඳයි .. හැබැයි ළමයින්ට නම් දෙනවා .

      නිතර ඔය ප්‍රශ්නෙත් අහනව . මොකද ඒගොල්ලන්ගේ ඉන්දියන් යාලුවෝ දෙන්න ශාක භක්ෂක . මන් දන්නවා පුර්ණ වෙජිටේරියන් වෙන මගේ මිතුරිය එයාගේ ළමයින්ට කන්න දෙන පිළිවෙල. මන් කියන්නේ හරි දැනට ප්‍රෝටීන් ඕන නිසා මට මස් දෙන්න වෙනවා , එහෙම අකමැති නම් ඕගොල්ලෝ ඉන්දියන් විදිහට ඇට වර්ග ගොඩක් , නිවිති , දිනපතා යෝගට් කෝප්පයක් ,දවසට දෙපාරක් කිරි විදුරු දෙකක් , සෝයා වලින් හදන බින් කර්ඩ් ,,ඕවා කනවා නම් වෙජිටේරියන් වෙන එක මට කරන්න පුළුවන් කියල .

      ඒගොල්ල එකඟ වෙලා ඉන්නේ ලොකු වුනහම එගොල්ලම තමන්ගේ පෝෂණය සපයා ගන්න කාලෙට වෙජිටේරියන් වෙන්නම් කියල . ඇත්තටම මන් හුඟක් වෙජිටේරියන් වීම ගැන කියවලා තියනව .

      වෙජිටේරියන් වීම කියන්නේ හැමදාම එලවලුයි බතුයි විතරක් කන එක නම් නෙමේ . ශරීරෙට ඕන පෝෂ්‍ය පදාර්ථ ලැබෙන සේ සමබරව එළවලු සහ ඇට වර්ග , හතු ආදී දේවල් කන එක .

      තව එකක් ළමයෙක්ගේ වර්ධනය ගැන අම්ම කෙනෙක්ට වගකීමක් තියෙනවනේ. ඒගොල්ල ලොකු වෙනකම් . අපේ මති මතාන්තර විශ්වාස නිසා එය අඩාල කරන්න මන් නම් කැමති නැහැ .

      Delete
    3. මගෙත් ඉන්දියානු යාලුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා... හැබැයි අවුල තියෙන්නේ ඒ අය මස් නොකන්නේ සත්තු ගැන අනුකම්පාවකටත් වඩා ඒ ගොල්ලෝ ඉන්දියානු කුල ක්‍රමේට බ්‍රාහ්මී කුලේ අය නිසයි...

      Delete
  2. බයේ බෑ..... ලොකු වෙලා ගිණි තියාගනීද දන්නෑ!

    ReplyDelete
    Replies
    1. ලොකුවුනාම ගිණි තියාගන්නේ නැති බව මටනං ෂුවර්...

      Delete
  3. මාරයි බන්.. මාරම මාරයි...බොහොම සරල තර්කයක්..අපි කෑවොත් උන් මැරෙනවා..

    මට මේ දෙවෙනිදා හදිසියෙ ක්ශ්ණික සිතුවිල්ලක් ආවා ඇයි මම මේ මළ කුණු කන්නෙ කියලා. නිර්මාංශ විය යුතු බවට තද, බොහොම ගැඹුරු සිතුවිල්ලක් ඇති වුනා.. අද පහ.. දැනට මම දවස් තුනක් නිර්මාංශව ඉඳලා තියනවා.. බලමු කොච්චර දුර යන්න පුළුවන්ද කියලා..මේ පුංචි දරුවගෙ තර්කයත් ඒකට ලොකු හයියක් වෙයි... උඹටත් ස්තූතියි ඒක බෙදලා දුන්නට..

    ReplyDelete
    Replies
    1. උඹ හිතනා දේ මට වැටහේ...

      Delete
  4. අපි නිර්මාංශික වීම හෝ නොවීමට පෙර අපි අපෙන් අසා ගතයුතු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඇයි අපි ආහාර ගන්නේ කියන එක. එතකොට අපි ගන්න ආහාර අපි ගන්න ඕනේ අපි අකමැති කෑමද කැමති කෑමද? මාංශික ආහාර වලට කැමති පුද්ගලයෙක් ඒ ආහාර ගත්තාවේ.

    ලොව ආගම් ඇතිවීමට බොහොම කාලයකට කලිනුයි සතුන් ආහාර අනුභව කරන්න පටන් ගත්තේ. ඔවුන් පරිණාමය වීමේදී ශාක භක්ෂක, මාංශ භක්ෂක සහ සර්ව භක්ෂක ලෙස කොටස් තුනකට බෙදුනා. ඉතින් ඒ ඒ අය ඒ ඒ විදිහට ආහාර ගත්තාවේ. ලෝකේ මිනිස්සු සියළුම දෙනා ශාක භක්ෂක උනොත් ඔබේ ආගම අනූව ඔබට සතුටක් දැනේවිද? හැබැයි එහෙම උනොත් ලෝක විනාශය වැඩි ඈතක නොවෙන්න බැරි නෑ. දැන් ඔබ කියාවි කිසිම දවසක ලෝකේ මිනිස්සු හැම දෙනාම ශාක භක්ෂක වෙන්නෙ නෑ කියලා. අන්න... ලෝකයේ ජීවීන් අතර සමතුලිත තාවය පවත්වා ගැනීම සඳහා ඔබේ හෘද සාක්ෂිය මාංශ භක්ෂකයින්ට සපෝට් එකක් දීලා.

    පොඩි ළමයෙක් ඉස්සරහට දාලා හිඟා කනකොට අපේ හිතට හරිම අනුකම්පාවක් දැනෙනවා නේද? එහෙම තමයි. පොඩි ළමයි හරිම මායාකාරියි!

    අවසානයේ කියන්නට තියෙන්නේ තමන් කන දේ තමන් කන්න. කටේ තියෙන දේ එළියට අරන් අනිත් අයට පෙන්නන්න එපා අපි කන්නේ මේවා කියලා. ඒක හරි අප්‍රසන්නයි!

    ReplyDelete
    Replies
    1. හිතවත් ඇනෝ...

      ලෝකයේ මිනිස්සු සියළුදෙනා ශාඛ භක්ශක වූවොත් වෙනදේ හෝ මස් කෑවම පව් සිද්ද වෙනවද වැනි සංකීරණ දේ ගැන නෙමේ මම කියන්න හැදුවේ...

      Luizගේ When we eat animals they die… කියන සරල තර්කය ගැන විතරයි... අඩුත් නෑ වැඩිත් නෑ ඒ ගැන විතරමයි...

      හැබැයි මේ පුංචි වාක්‍යයේ තියෙන තේරුම අල්ලන්න ලේසි ඇතියැයි මම හිතන්නේ නෑ... ලේසි කරන්න ක්‍රමයක් මට වැටහෙන්නෙත් නෑ... මේ සියල්ල අමතක කර කුඩා කාලයට ගොස් ට්‍රයි කර බලන්න...

      ස්තූතියි දිග ප්‍රතිචාරයට...

      Delete
  5. පුංචි උනත් ඒ පොඩි එකාට හිතුන තර්කය ගැන ඇත්තටම කියන්න වචන නෑ.. දැනටම මෙහෙමනම් ලොකු වෙද්දී කොහොමට හිටියිද?

    ReplyDelete
    Replies
    1. සමහරවිට පොඩ්ඩි කියනවා වගේ ලොකුවෙනකොට වෙනස් වෙන්න(කරන්න?) පුළුවන් දීනේශ්...

      Delete
  6. ළමා කාලෙදි ජීවිතේ හැමදේම හරි සරලයි. ඒ විදියට සරලව ජීවිතේ දැකපු අපිම තමා පසු කාලෙක මේ විදියට හැමදේටම අපේ තර්ක ඉදිරිපත් කරමින් කෑගහන්නේ. ඔය පුංචි ළමයත් කවද හරි දවසක ලොකු වේවි. එතකොට එයාගේ අදහස් ඔහොමම තියෙයිද?

    ජීවිතේ ඇත්තටම සරලයි. ඒක සංකීර්ණ කරගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ අපි. ඔය ප්‍රශ්න ගොඩත් ජීවිතය සංකීර්ණ කරගත්තු අය විසින් හදපු දේවල්. දාර්ශනිකයෝ වැඩි උණාමත් ජීවත් වෙන්ට අමාරුලු. කීවේ මම නෙමේ.:D

    ReplyDelete
    Replies
    1. ලස්සන අදහස පොඩ්ඩි... ඒක තමයි එහෙනම් මටත් සමහර අය, ඔයා වෙලාවකට හැසිරෙන්නේ පොඩි ළමයෙක් වගේනේ කියලා කියන්නේ... ඒ ජීවිතේ සරල කරගන්න හදන වෙලාවට වෙන්න ඇති...‍

      Delete
  7. Replies
    1. THANKS FOR THE ARTICLE. ( KATHANDARA DOES NOT PUBLISH MY COMMENTS, b CAUSE, I REMIND HIM ABOUT HIS POSTS SUCH AS PUKA, PADA, JOKKU, CHOO,JEE ETC.NOW HE IS FEELING SHY.

      Delete
  8. මෙතැනදී බීටල් අර උඩින් පෙන්නපු තර්ක ඔක්කොම තවම වලංගුයි අඩු වැඩි වශයෙන්.

    මෙතනදී වෙන්නේ මේ දරුවා අත්දැකීම් අඩු කම නිසාම එක් ප්‍රභල හැඟීමකින් පමණක් පාලනය වීමයි. තව විදියකට කිව්වොත් he was a bit carried away. ඔහු දකින්නේ එක පැත්තයි. අර බීටල් උඩින් කියපු තර්ක ඔහුට වටහා ගැනීමට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නෑ. සිදුහත් කුමාරයා ගිහිගේ හැරයාමට හේතුවූ සතර පෙර නිමිති නිසා සමාජයත් හමග ගැටෙමින් ජීවත් වූ සාමාන්‍ය පුද්ගලයෙක් කළකිරී ගිහිගෙය හැර යයිද? මේ දරුවාත් මස් ලැබෙන්නේ සතුන්ගෙන් යන්න පවා නොදන්න ලමයෙක්. ඔහු දකින්නේ ප්‍රශ්නේ එක පැත්තයි.

    මම කතා කරන්නෙත් මස් කෑම ගැන නෙවෙයි බීටල්.

    ඉතින් බීටල් හිතනවද ප්‍රශ්ණයකට මේ ආකාරයේ විසඳුමක් දෙන එක සාධාරනයි කියලා.


    ඔය වගේ ගත්ත තීරණයක් උදාරහරණයක් හැටියට කිව්වොත්:

    ස්ත්‍රී දූෂණ වෙන්නේ ගෑණු කොටට ඇඳගෙන යන නිසා.



    ReplyDelete
    Replies
    1. Maybe I was bit carried away too... but I like it...

      ඔය වගේ ගත්ත තීරණයක් උදාරහරණයක් හැටියට කිව්වොත්:
      ස්ත්‍රී දූෂණ වෙන්නේ ගෑණු කොටට ඇඳගෙන යන නිසා.

      මට අනුව මේකනම් වැරදි,... ගේම් එක ප්ලේ කරන්නේ මෙහෙමයි... ඉස්සෙල්ලාම පොඩි ළමයෙක් වෙන්න ඕනේ... ඊට පස්සෙයි තමන්ගෙන්ම ප්‍රශ්නේ අහන්න ඕනේ... ආයේ ප්ලේ කලොත්...

      ස්ත්‍රී දූෂණ වෙන්නේ ඇයි...?
      මිනිස්සු ස්ත්‍රී දූෂණ කරන නිසා...

      Simple as that...හැබැයි Luiz ගේ උත්තරේ වගේම තමයි... මේ සරල උත්තරේ අල්ලන්න ඕනේ හැමදේම තියෙනවා...

      Delete
    2. හෙන්රි ගේන්නේ ඉතාමත් හොද තර්කයක්. පොඩි දරුවන්ගේ මෙහෙම සරල තර්ක මේ වගේ සුන්දර වීඩියෝවක් විදිහට විදින්න හොදයි. ඒත් තත්‍ය ජීවිතයේ ඔහොම සරලව ප්‍රශ්න විසදන්න යන අය තමා ජාතිවාදීන් ආගම් වාදීන් විදිහට අපි දකින්නේ.

      Delete
    3. අනේ මන්දා ඇනෝ... එහෙම හිතන කෙනෙක් ආගම්වාදියෙක් ජාතිවාදියෙක් වෙන්නේ කොහොමද කියලා මට වැටහෙන්නේ නෑ... මම මේ කියන්න හදන්නෙත්... මට වැටහෙන්නෙත්... හෙන්රියි ඔයයි කියන දේට සම්පූර්ණයෙන්ම විරුද්ධ දේ... :) ඒ කියන්නේ සරලව ප්‍රශ්න විසඳන්න අර කියපු දෙගොල්ලන්ට බෑ කියන එකයි...

      ඔබ උදාහරණයක් දුන්නානම් පැහැදිලි කරගත හැකියි...

      මේ මම කියපු දේ උදාහරණෙකින්...

      Mom : Luiz Do you eat Halal biscuits?
      Luiz : What is Halal biscuits?
      Mom : Its the same biscuit.. but they have a logo printed on the cover.
      Luiz : If its the same biscuit its ok... I eat it...

      Delete
  9. පෙනෙන විදිහට, යමක් ගැන දන්න ප්‍රමාණය වැඩි වෙනකොට තීරණ ගැනීම අපහසු වෙනවා වගේ.
    පොඩ්ඩගෙ තර්කය දැක්කහම මතක් වෙන්නෙ මම පොඩි කාලෙ හිතුව විදිහ. අපේ ගෙදර සත්ව ආහාර විදිහට භාවිතා වුණේ කිරි, කරවල හා ඉඳහිට බිත්තර. ඒ දවස්වල මම හිතාගෙන හිටියෙ අපිට කන්ඩ කියල හාල් මැස්සො මැරිල වෙරළට පාවෙලා ඇවිත් ඉන්නවා කියලා. අම්මලත් ඒ අදහස වෙනස් කරන්ඩ මහන්සි වුණේ නැහැ. පස්සෙ ඇත්ත දැන ගත්තහම කාලයක් නිර්මාංශ වෙලා හිටියා. ප්‍රශ්නෙකට තියෙන්නෙ මස් මාළු තියා එළවළු වර්ගවත් හරි හැටි නොකන කෙනෙකුට එහෙම ඉන්ඩ අමාරු එක. විශේෂයෙන් නිතරම කඩෙන් කන කෙනෙකුට. කිරි බොන එක පවා වරදක් කියලා හිතන නමුත් දැන් පූර්ණ ශාක භක්ෂකයෙක් නොවෙන්නෙ ඒකයි.

    ඔය විෂය කතා කරන්ඩ ගියහම මතක් වෙන අනික් සිද්ධිය, උග්‍ර සායි භක්තිකයෙක් වෙලා හිටිය මගෙ යාළුවෙක්. දවසක් අපිට කේක් එකක් හම්බුණා. මගෙ යාළුවා අත පපුවෙ ගහගෙන අඬනවා, "අය්යෝ ස්වාමීඊඊඊ" කියලා. එයා කොහොමත් කෑමබීමට බොහොම රුචි කරන කෙනෙක්. කේක් එක දැක්කහම කන්ඩ ආසයි අපිට වඩා. නොකන්නෙ ස්වාමි එපා කිව්ව හින්දා. මං ඉතින් කිව්වා, "දැන් ඕකට තණ්හාව ඇති වෙලා ඉවරයි, ඕක නොකා ඉඳල ඔයාට ඇති වුණු තණ්හාව විතර තණ්හාවක් කාපු අපිට ආවෙ නෑ. ඒ හින්ද ඔයත් ඔන්නොහෙ කාල දාන්ඩ, එතකොට පව් අඩුයි" කියල. එතකොට එයා කියාපි, "අපෝ බෑ, ඉස්සෙල්ල දවසක මං ඔහොම ඉවසගන්ඩ බැරුව බිත්තර කෑව හින්ද, අපෙ අම්මට පිත්තාශෙ ඉදිමුණා" කියල!

    එක අතකට දැන දැන වැරදි කරන අපි වගෙ අයට වඩා නොදැන හරි දේ කරන අය අතින් වෙන විපත අඩුයි. ;-)

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනේ අර ගැහැනියක් කර තබා ගඟෙන් එගොඩ කල සෙන් හාමුදුරුවන්ගේ කතාව

      Delete
    2. අහ්, බින්දි, මම කැමතිම කතාවක් ඒක.

      Delete
  10. මට හිතෙන්නේ මෙහෙමයි... දැන් මේ ළමයට කලින් ලැබුනු දැනුමක් තියනවා සත්තුන්ට හිංසා කරන්න හොඳ නෑ, සත්තුන්වත් බලාගන්න ඕනේ කියලා. මට හිතෙන්නේ ඒක ළමයා ලබාගන්නෙ ස්වාභාවිකව නෙමෙයි, කවුරු හරි උගන්නන්න ඕනේ. ඒ දැනුමට අනුව තමයි ළමයා මේ දේවල් කියන්නේ. මේ වගේ තව තව දැනුම එකතු වෙනකොට තමයි බීට්ල් කියන දාර්ශනික ප්‍රශ්නය මතුවෙන්නේ. මෙතන වෙන්නේ ළමයා දන්නා එකම දැනුමෙන් පමණක් ඔහු ප්‍රශ්නය දිහා බැලීම. නමුත් ඒකත් වැඩිහිටියෝම ළමයට දීපු එකක් කියලා මට හිතෙන්නේ...

    ReplyDelete
  11. සමහර වෙලාවට පොඩි ළමයින්ට එයාලා කන්න අකමැති කෑම දුන්නමත් මේ වගේ කතා කියලා නොකා ඉන්න ට්‍රයි කරනව

    ReplyDelete
  12. මේ වගේ සරල තර්ක වලින් නිගමනවලට එන්න පුළුවන්කම තියෙද්දි අපි දන්න දැනුම ඔක්කොම එකතු කරලා ප්‍රශ්නේ සංකීර්ණ කරලා ප්‍රශ්නය දාර්ශනික කරන්නේ අපේ තියන කුහකකම නිසා කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
  13. බීටලේගේ පෝස්ට් එක ඇස නොගැටුනේ කොහොමද මන්දා. මම බෝ ව රීඩරේට ගෙන්න ගන්නවා වුනාට මේක දැක්කේ නෑ නේ.
    අපි හැමෝටම අපේ අපේ කතා ඔය නිර්මාණ්ශ වීම ගැන තියෙනව මට හිතෙන්නේ. මට මතක විදියට මම පොඩි කාලේ වෙජිටේරියන්. දැන් බිත්තර කරවල කෑවේ නෑ කියන්න බෑ. ඒවා කන්න ඒ කාලෙ ආසයි. ඒත් අපේ ගෙදර මමයි අම්මයි මස් කෑවේ නෑ. අපි පොඩි කාලේ අපිට නිතර දඩ මස් ලැබුනා. මට මතකයි අයියයි අක්කලා දෙන්නයි මුවෝ ගෙනාව දවසට අප්පච්චි එක්ක ඒවා කෑවා. ඒත් වල් ඌරෝ ගෙනාව දවසට අප්පච්චියි අයියයි විතරයි කෑවේ.
    කොහොමත් අදටත් අපෙ ගමේ ගෙදරට හරක් මස් ගේන්නේ නෑ. ඒත් අයියා හරක් මස් කනවා. අක්කලාගේ ගෙදර හරක්මස් නිතර කන කෑමක්. අප්පච්චි ගෙදරට හරක්මස් නොගෙනාවේ හා නොකෑවේ එයා අපි ඉපදෙන්න කලින් තවලම අයිතිකාරයෙක් (හරක් ගෙන් ආදායමක් ලබපු) හින්දා කියලා අපි දන්නවා. මම ලංකාවෙදි කිසිම මසක් කන්නේ නෑ. ඒ සත්තුන්ට කරන ගෞරවයක් හින්දා නෙමෙයි දැක්ක ගමන් මට මසුත් එපා වෙන හින්දා අපිරිසිදු විදියට මස් කඩ වල තැන් තැන් වල මස් විකුණන ක්‍රමේ අවුලක් හින්දා.
    මම පොඩි කාලේ වෙජිටේරියන් උනේ අම්මා හින්දා කියලා මම දන්නවා. එයාගේ ක්‍රමයට ගරු කිරීම වෙන්නැති. දැන් හරක් මස්, කළුකුම්, බැටළු මස්, කුකුල් මස් කනවා. හාවෝ කන්නේ නෑ. මට අනුව උන් අහින්සක සත්තු. ඒක මහ ගොන් කතාවක් වෙන්නැති. ඒත් මම කැලේ සත්තු කන්නේ නෑ. පිජන්ස්ලා වගේ කුරුල්ලො කන්නෙත් නෑ. මස් වුනත් අත්‍යාවශ්යම දෙයක් කියලා කන්න ඕනෙත් නෑ. සමහරවිට මාස ගණන් කන්නේ නෑ. ඒත් නොකන්නෙත් නෑ. හොඳ ස්ටීක් එකක් එක්ක මගේ අර පවු ඔක්කොම අමතක වෙනවා.
    මගේ අර්ථ දැකිවීම මේ රටවල හරක් මස් නොකෑවොත් කී දෙනෙක්ගේ ආර්ථිකය කඩා වැටෙනවද? අනික මසට හදන හරක් වෙන මොනවා කරන්නද. මෙහේ කිරි හරක් වෙනයි. උන්ව මසට ගන්නේ නෑ. කුකුලොත් එමමයි. අපි නොකෑවා කියලා උන් නොමැරී ඉන්නේ නෑ. ඒක ප්‍රාණගාථ අකුසලයකටත් වඩා බොහෝ දෙනෙකුගේ ආර්ථික වැටීමක් නම් වෙන්න පුළුවන්. ඒ පවුල් වල මිනිස්සු බඩගින්නේ ඉඳියි අපි නොකෑවොත්. ඔය වගෙ තර්ක දාහක් මට තියෙනවා. ඒත් ඒක ඒ විදියටම කැලේ සතුන් ගැන හිතෙන්නේ නෑ. උන් ජීවත් වෙන්න ඕනේ කියලා මම හිතනවා.
    ඔය එකම තර්කයක්වත් මාළු කනකොට මට එන්නේ නෑ. අහුවෙච්ච ගමන් මාළු කන්න මම ආසයි. එයාලා ගැන මට අනේ පවු කියලා හිතෙන්නේ නෑ. අර ලුයිස් වුනත් ඔය වගේ ලොකු වුනාම එක එක තර්ක හදාගෙන මස් කයි. ):

    ReplyDelete
  14. මේ මස් මාළු අල්ලගන මිනිස්සු දගලන එකනං මහ මෝඩ වැඩක්, තමන් කන්න කැමතිනං තමන්ට දිරවනවනං පළුදාන්නෙත් නැත්තං ඕන එකක් කන එකනේ තියෙන්නේ. අනිත් මිනිස්සුනගේ ආහාර රටාවට අභියෝග කරන්න අපිට තියන අයිතිය මොකක්ද

    ReplyDelete
  15. Sthuthi Nalini, Thisara, Ano, Ru, Rangi, Atam

    ReplyDelete

Web Statistics