Pages

Wednesday, May 8, 2013

ග්‍රීස් ගහේ මුදුනටම ගියා මම- Ajith Kumarasiri...


ග්‍රීස් ගහේ මුදුනටම ගියා මම
ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා
සිංහල අවුරුදු දවසේ
කොඩිය අරන් මම බැහැල ගියා
ඇය ඔටුණු පැළඳ නගරයට ගියා
සිංහල අවුරුදු දවසේ //

පබාවතිය මගෙ යන්න ගියා
කුසට ගෑස්ට්‍රික් අම්ල තියා
සිංහල අවුරුදු දවසේ

කොළඹ කට්ටියක් අරන් ගියා
ටිකක් කැමැත්තෙන් ඇයත් ගියා
සිංහල අවුරුදු දවසේ
රටක් වටින ඇය යන්න ගියා
වැඩිම මනාපය ඇයට ගියා
සිංහල අවුරුදු දවසේ

රටක් වටින ඇය යන්න ගියා
වැඩිම මනාපය ඇයට ගියා
සිංහල අවුරුදු දවසේ

she has been is sold out
she has been is sold out
she sold out
she has been is sold out
sold out
sold out

ඔබෙ දෙතොල් විකුණන්න
ඔය දෙතන් විකුණන්න
ඔය තැල්ල විකුණන්න
මෘදු ඇගිලි විකුණන්න
ඇහි දෙබැම විකුණන්න
හසරැල්ල විකුණන්න
ඔබෙ බල්ල විකුණන්න
ඔබෙ පූස විකුණන්න
ඔය දෑස විකුණන්න
ඔබ ඔබම විකිණෙන්න
she is sold out
sold
she's been sold out

මුළු රටම සනසන්න
මුළු රටම නලවන්න
මුළු ගතම විකුණන්න
but you my baby
මුළු හිතම මට දෙන්න....


ගායනය, සංගීතය, රචනය - අජිත් කුමාරසිරි

                මේ සින්දුව වර්ථමාන සමාජය ගැන කියන්න පුලුවන් හොඳම ගීතයක්... සියලු දේ මාකට් වන සමාජයක, එකට හැඩ ගැහෙන මිනිස්සු බලගෙන ඉන්නෙ හොඳට මාකට් කරන්න පුලුවන් මොකක් හරි දේයක් එලියට එනකම්... නමුත් මේ සින්දුව තුල මම දකින ප්‍රධාන දේ තමයි... ඒ කුරිරු යථාර්තය දැකීම හා එම සිද්දිය පද පෙලකට ගෙන ඒම කියන එක....
"ඔබෙ දෙතොල් විකුණන්න
ඔය දෙතන් විකුණන්න
ඔය තැල්ල විකුණන්න
මෘදු ඇගිලි විකුණන්න
ඇහි දෙබැම විකුණන්න
හසරැල්ල විකුණන්න
ඔබෙ බල්ල විකුණන්න
ඔබෙ පූස විකුණන්න
ඔය දෑස විකුණන්න
ඔබ ඔබම විකිණෙන්න"

ශරීරයේ මේ සියලු දේටම මිලක් තියන සමාජයක තමයි අපි ඉන්නෙ එක බොහොදෙනෙක් නොදකින යථාර්තය වෙලාතියනවා... නමුත් ඒ සියළු දේ සාධාරනය කරන්න තමයි සමාජය පුරුදු කරලා තියෙන්නේ... නමුත් ඒ අතරතුර මානුශික ආදරයක වෙලී සිටින තරුනයෙකුගේ අසරණ බව. ඔහුගේ මානුශික ප්‍රේමය ගැන අජිත් කියන්නේ මෙහෙම

මුළු ගතම විකුණන්න
but you my baby
මුළු හිතම මට දෙන්න...

No comments:

Post a Comment