Monday, May 6, 2013

වින්ඩොස් 8 සාර්ථකද? අසාර්ථකද?



මයික්‍රොසොෆ්ට්‌ ආයතනයේ නවතම මෘදුකාංගය වන වින්ඩෝස්‌
 8 පසුගියදා මෙරටට හඳුන්වාදෙනු ලැබීය.ඒ අනුව ශ්‍රී ලංකාවේ වින්ඩෝස්‌ 8 හඳුන්වාදීම පසුගියදා කොළඹ රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.මෙහිදී මයික්‍රාසොෆ්ට්‌ ආයතනයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඇන්තනී සැල්සීටෝ මහතා ස්‌කයිප් තාක්‍ෂණය හරහා රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේදී මෙම හඳුන්වාදීම සිදු කෙරිණි.ශ්‍රී ලංකාවට සමගාමීව ලෝකය පුරා රටවල් 43 කදී මෙම හඳුන්වාදීම සිදු කරන ලදී.වින්ඩෝස්‌ 8 නවතම මෘදුකාංගය මගින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ලැබෙන වාසි සහ එමගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාගත හැකි ප්‍රයෝජනය පිළිබඳව ඇන්තනී මහතා විසින් මෙහිදී පහදා දෙනු ලැබීය. නමුත් විචාරකයන්ගේ මතය වන්නේ මෙය නිෂ්පාදන මට්ටමේ සිට අලෙවි මට්ටම දක්වා අසාර්ථක වූ තවත් එක් මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. මෙහි ආරක්ෂණ පද්ධතියේ ඇති විශාලතම අඩුපාඩුවක් පසුගිය දිනෙක මුරපදයන් අමතක වීම නිසා සිය ගිණුම් වලට පිවිසීමට නොහැකි පරිශීලකයන් සදහා සිය සේවය සපයා දෙන ආයතනයක් වන Passcape
Software සමාගම විසින් හදුනාගෙන තිබෙනවා.වින්ඩෝස් 8
විසින් පරිශීලක මුරපදයන්ගේ පිටපතක් %SYSTEM_DIR%/config/systemprofile/AppData/Local/Microsoft/Vault/4BF4C442-9B8A-41A0-B380-DD4A704DDB28

යන පාත් එකෙහි සේව් කර ගනී. මෙම මුරපදය ඒ.ඊ.එස් ක්‍රමවේදයට අදාලව Encrypt වන නමුත් ඒ සදහා වෙනත් පින් එකක් උපයෝගී කර නොගන්නා නිසා Decrypt මෘදුකාංගයක් මගින් මේ මුරපදය ඉතාම පහසුවෙන් සොයාගත හැකියි.කෙසේ වෙතත් මේ ආකාරයෙන් මුරපදය වෙත පිවිසිය හැක්කේ Administratorආකාරයේ පරිශීලකයන් වෙත පමණි.මෙය අන්තර්ජාලය හරහා පිවිසීම මදක් අසීරු දෝශයක් නිසා එතරම් බලපෑමක් නොවනු ඇති. මෙය හඳුනාගත් එක් දෝෂයක් පමණි. වින්ඩොස් 7 හා සංසන්දනය කරන විට Start මෙනුවට පහසුවෙන් පිවිසීමට හැකියාවක් නොමැති වීම මෙහි තවත් එක් අපහසුතාවයකි. කෙසේ වෙතත් මෙය නිපදවා ඇත්තේ Touch Screen පරිගණක සදහා බැවින් එය එතරම් සැලකිය යුතු කරුණක් නොවේ. මෙම මෙහෙයුම් පද්ධතියේ වේගය පිළිබඳව සඳහන් කරන විට පරිගණකය සම්පූර්ණයෙන් ම ON වීමට ගත වන්නේ තත්: 5-10 අතර කාලයකි. එය වින්ඩෝස් Vista හා වින්ඩොස් 7 හා සංසන්දනය කරන විට විශාල දියුණුවක් සේ සැලකිය හැකිය. වින්ඩොස් 7 යි තිබූ Transparency ලක්ෂණය මෙහි අඩංගු නොවේ. ඒ වෙනුවට Mat look තාක්ෂණය ලබා දී ඇත්තේ වේගය නියමිත පරිදි පවත්වා ගැනීමටයි. වර්ණ සංකලනය අතින් වින්ඩොස් 8 අනෙක් සියළුම මෙහෙයුම් පද්ධති වලට වඩා ඉදිරියෙන් සිටී. කෙසේ වෙතත් ආයතනික මට්ටමින් සැලකීමේදී වින්ඩොස් 8 වෙත දක්වන ප්‍රතිචාර එතරම්ම යහපත් නෙවේ. තොරතුරුතාක්ෂණ ක්ෂේස්ත්‍රයේ  සේවකයන් 1200 ඇසුරින් කල සමීක්ෂණයකින් හෙලි වූයේ ඔවුන්ගෙන් 23.8% පවසන්නේ තම ආයතනයේ ඇති කිසිදු පරිගණක පද්ධතියක් වින්ඩොස් 8 වෙත Upgrade කිරීමට කිසිදු බලාපොරොත්තුවන් නොමැති බවයි. 49.9%ක ගේ අදහස වන්නේ තවමත් තම ආයතනය වින්ඩොස් 8 වෙත Upgrade කිරීමට සැලසුම් කර නොමැති බවයි. 10.7%ක් පවසන්නේ ඉදිරි මාස 12 තුල Upgrade කිරීමකට සැලසුම් කර ඇති බවයි. ඉතිරි පිරිසේ අදහස වන්නෙ මෙහි ඇති Touch  Screen Interface එක කෙරෙහි තම ආයතන කිසිදු පැහැදීමක් නොමැති බවයි. ඉතින් යාළුවනේ ඔයාලගෙ අදහස මොකක්ද? වින්ඩොස් 8 සාර්ථකද? අසාර්ථකද? 

7 comments:

වින්ඩෝස් 8 වේගය අතින් ගත්තම වින්ඩෝස් 7 අභිබවා ගිහිල්ල තියෙනවා, නමුත් අලුත් user interface එක නම් ප්‍රායෝගික නැහැ .

wada karanna amarui............

Windows 8 දැම්ම.. චොර. ඔන්න ඊට පස්සෙ Windows 8.1 කියල රෙද්දක් ආව ඒකත් දැම්ම වැඩක් නෑ.. මේක හොද Computer දිහා බලන් ඉන්න උන්ට.. නැතුව වැඩක් කරන එකෙක්ට කාර්යක්ශම තාවය අඩු කරන OS එකක් හැටියටයි මම Win 8 සලකන්නේ

Windows 8 හොදයි ඒ වේගය අතින් ඒත් එකේ Interface එක එවුල් මට නම් 7 තරම් හරිගියේ නෑ

ලස්සන ගැන පම්පෝරි ගහන අයට නම් හොදයි. අසාර්ථකයි..

Comment එකක් දාන්න