සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Saturday, March 23, 2013

Monalisa(1503-1506)


මෝනාලිසා (Monalisa)(1503-1506)
Monalisa (Francesco Del Giocondo)
මෙම චිත්‍රය තරම් ලොව විචාරයන්ට බඳුන් වූ වෙනත් චිත්‍රයක් නැති තරම්ය.ඒ මෙම චිත්‍රයේ වස්තු විෂයේ කලාත්මක නිරූපණයත් සමඟ කැටිවුනු ගුප්තභාවය හේතුවෙනි.මෙමඟින් "ෆ්‍රැන්සිස් ඩේල් ගියෝකොන්ඩේ"(Francesco Del Giocondo)නම් ප්‍රභූවරයගේ දෙවන බිරිඳ වන 20හැවිරිදි මෝනාලිසා නිරූපණය වන බව දැනට පිළිගත් මතය වන නමුත් මේ පිළිබඳව විවිධ මත පළව ඇත.

ඒ අනූව,
01.මෙයින් ඩාවින්සිම කාන්තා රුවක් තුළින් නිරූපිත බව
02."ප්ලීබර්තා ඩී සැවොයියා"(Filiberta De Savoia) නම් කාන්තාවක් දැක්වෙන බව
03."ඉසබෙලා ඩී ඉස්ටේ"(Isabella Deste)නම් කාන්තාවක් දැක්වෙන බව
යනාදී වශයෙන් විවිධ මත පළ වී ඇත.
මෙය විසිතුරු කැටයම් රාමුවකින් වටවූ උස අඟල් 20 (77 cm) පළල අඟල්16 1/2(53cm) ප්‍රමාණයේ කුඩා චිත්‍රයකි.
කඳු,හෙල් වංගු,ජලාශ සහිත පසුතලය මායාහුරු බවකින් යුත් ඈත විහිදෙන භූමි භාගයකි.මෙය මට්ටම් දෙකකින් යුතුව දක්වා ඇත.එය විස්තරාත්මකය.සූක්ෂම ලෙස නිරූපනය කර ඇත.මෙමඟින් මෙකළ භූමි සිතුවමකරණය පිළිබඳ ඇතිවූ නව පිබිදීම සමඟ භාව ප්‍රකාශන සහ මානව රූප නිරූපනයේ ඩාවින්සිගේ මනා හැකියාව ප්‍රකට කරයි.
ත්‍රිකෝණාකාර ආකෘතියක් චිත්‍රය සඳහා භාවිතාකර ඇත.සෘජු පු‍ටුවක වාඩිගෙන ඉදිරිය බලා සිටින අයුරින් නිරූපිත චිත්‍රයේ දෙනෙතෙහි කාන්තියත්,තෙත් බවට්,නාසයේ මොලොක් බවත්,රෝසමල් සිහි ගන්වන බව "වසාරී" නම් ඉතිහාසඥයා පවසයි.මෙම රුව ‍රැලි සහිත හිසකෙස්,පුළුල් නළල,වටකුරු අතැඟිලි සහිතය.
ඡයාමාත්‍ර වූ සිනහව ගුප්තය.දසන් නොදක්වා දක්වන සඟවාගත් සිනහව තරම් විචාරයට බඳුන් වූ තවත් සිනහවක් නැති තරම්ය.සිනහව කුමක් උවත් ඇය තරම් ලොව විචාරකයන් ගේ විචාරයට ලක්වූ සහ විචාරකයන් කුල්මත් කල තවත් කාන්තාවක් නැති තරම් ය.ඇය තමාව තේරුම් ගෙන තමාටම සිනහසෙන්නීය යන්නද තවත් එක් විචාරක මතයකි.එමෙන්ම තම දරුවා මළ සොවින් තැවෙන කාන්තාවක් බවටද මතයක් පවතී.මෙම ප්‍රතිරූපය ඇඳීමේදී සංගීත ශිල්පීන්යොදවා ගැයුම් වැයුම් කිරීමට සලස්වන්නට ඇතිබව එහි වැඩි දුරටත් සඳහන්ය.එසේ කරන්නට ඇත්තේ කම්පාවෙන් සිටි ඇයගේ මුහුණින් මඳ සිනහවක් මතුකර ගැනීම සඳහාය.
ආභරණ රහිත ඇය සරලය.ඇඳ ඇත්තේ සැහැල්ලු හැට්ටයකි.දුඹුරු කහ පැහැති දික් අත සහිත එහි සියුම් ‍රැලි මෝස්තර කලා කරුවාගේ මනා සංයමය සහ හැකියාව ප්‍රකට කරවයි.කර වටා ලා කොළ පාට රෙදි කඩකි.ඇය වාඩි වී සිටින ඉරියව්වෙන් නිදිබර දෙනෙත්වලින් හා මුහුණේ ප්‍රකාශිත අදහස් වලින් ඇය ගැබ්බර කාන්තාවක් විය හැකි බවට ප්‍රකට නාරිවේද විශේෂඥවරයෙකු වූ කෙනත් ඩී.ක්ලී(Keneth De Klee) මහතා පවසයි.අඳුරු කහ,අඳුරු නිල්,දුඹුරු,කොළ මිශ්‍ර සිතුවම සඳහා භාවිත වර්ණ මාලාවයි.ඇඳුම්,දෑත් හා වේලය පසුව වර්ණ ගන්වා ඇතැයි සැලකේ.
Monalisa
මෙම සිතුවම දැනට ප්‍රංශයේ-ලුවර් කෞතුකාගාරයේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇති අතර මෙය ඩාවින්සිගේ මුල් මෝනාලිසා සිතුවම්ද නැතහොත් ඔහුගේ ගෝලයෙකු විසින් අඳින ලද්දක්ද යන්නත් විචාරයට බඳුන්වූ කරුණකි.
Museum of Louvre  , Paris
සියුම් අඳුරාලෝකය සමඟ නිරූපිත වස්ත්‍රයන්ගේ අති තාත්වික නිරූපනයත් එයට නොදෙවෙනි සුකොමළ කාන්තා ලාලිත්‍යය හා එහි සජීවී බවත් සියුම්,සංකීර්ණ ගුප්තබව මුසු තලයන් දෙකක නිරූපිත,දෙවන තලය මීදුමෙන් වැසීගිය මායාහුරු බවකින් යුත් භූමි දර්ශනයත්,සියල්ල නිරූපනයට ගත් සීමිත වර්ණ ප්‍රමාණයත්,සජීවී බවත්,ගුප්තාර්ථයත්, සංකේතාර්ථයත් සියල්ල ගැබ්කල නිර්මාණශීලී ඉදිරිපත් කිරීමත් සලකා බලන කල්හි,මෙය ප්‍රාණය නොදුන් මැවුම් කරුවෙකුගේ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස හඳුන්වාදිය හැකිය.ක්‍රි.ව.1911දී සොරකම් කරන ලද මෙම සිතුවම නැවත සොයාගනු ලැබ ඇත්තේ ක්‍රි.ව.1963 දීය.
Vacant wall in the Salon Carré, Louvre
"මෝනාලිසා" සිතුවම ඇඳීම සඳහා වසර 4ක් ගතවී ඇතිබව සඳහන්ය. 

6 comments:

  1. බොහොම හොඳයි මේ වැඩේ. සිංහල බ්ලොග් අතරෙ මෙහෙම ඒව අඩුයි.

    මේ තියෙන සින්ඩිකේටර්වලට බ්ලොග් එක එකතු කළොත් තව කට්ටිය එයි කියවන්න.

    http://www.hathmaluwa.org/
    http://kottu.org/
    http://syndi.lankeeya.lk/
    http://blogs.sinhalabloggers.com/
    http://sindiya.com/

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩක් ස්තුතියි.අනිවාර්යෙන්ම මේ හැම එකකටම මගෙ බ්ලොග් එක එකතු කරන්නම්.බ්ලොග් අවකාශයට අලුතෙන් එකතුවුනු මම වගේ කෙනෙකුට මේක ලොකු ශක්තියක්.

      Delete
  2. හොඳ විස්තරයක්. නියම බ්ලොග් එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක්.මේ වගේ comment එකකින් ලොකු ශක්තියක් ලැබෙනව.

      Delete
  3. ඔන්න ඇවිත් Follow කරලම ගියා ගොඩක් දේවල් ඉගන ගන්න තියනවා... ජය වේවා....

    ReplyDelete
    Replies
    1. මම SQL ඉගෙන ගන්න ආසාවෙන් හිටියේ.ඔයාගේ බ්ලොග් එකේ හොඳ පෝස්ට් කීපයක් තිබුණා.මම ඒවා ඔක්කොම කියෙව්වා.ඒ ගැන තව ලිපි තියෙනවනම් දාන්න.ගොඩාක් ස්තුතියි ඔයාගේ Comment එකට.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...