Friday, April 19, 2013

ඉතා කුඩා ලොල් කතා - අභය දානය

බෞධායතනය මගින්  නිදහස් කිරීමට ගෙනා
ගවයන් කිහිප දෙනෙක් , 2011
ගල්කිස්සේ උසාවිය ඉස්සරහ , වටරප්පල පාරේ තියෙන්නේ බෞධායතනය. දිවියාගහ යසස්සි ස්වාමින්වහන්සේ කිව්වම දන්නෝ දනිති නේද ? 

පන්සලේ කථිනේ කිට්ටු කරලා සෑම අවුරුද්දකම ගවයන් සිය ගානකට අභය දානය දෙන මහා පින්කමක්. මිට වැඩිමනත් විස්තර ඕන නම් සහ සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් පන්සලෙන් දැනගත හැකියි. ලෙසටම වෙන බව තමයි මං නම් දන්නේ.

කොහොමින් කොහොම හරි අපේ අම්ම මේකට සම්බන්ධ වෙන්න යනකොට වෙන කෙනෙක් .. ඇන්ටි කෙනෙක් කියමුකෝ ... අතර වෙච්චි සංවාදයක් මේක ...

අම්ම : හරි ශෝක් එකට ඒ හරක් නිදහස් කරන වැඩේ වෙනවා අනේ .. ඒ හරක් දෙන තැන වල පොලිසිත් සම්බන්ධ කරගෙන ක්‍රමානුකුලව හාමුදුරුවෝ ඒ වැඩේ කරනවා . හරක් නිදහස් කරාට පස්සෙත් උන් ගැන සෝදිසියෙන් ඉන්නවා. හරක් නිදහස් කරන්න ලේසියි. ඌව ආයි මසට විකුනන්නේ නැති හොඳ කෙනෙක් හොයා ගන්න එකයි ඒ ගැන සෝදිසියෙන් ඉන්න එකයි නේ අමාරු. බ්ලා , බ්ලා බ්ලා ....

ඇන්ටි : ඕකට ඔච්චර කරදර වෙන්න ඕනේ නැහැ අනේ. අපේ පැත්තෙත් නිදහස් කරන හරක් ගන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. අපේ ගෙදරට ඇවිල්ලත් අහනවා. ඒගොල්ලෝ හොඳට බලාගන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය හාමුදුරුවෝ කරනවා වගේ ලොකු ෂෝ දාගෙන කරදර වෙන්න ඕනේ නැහැ.

අම්ම: අනේ එහෙනම් කොච්චර එකක් ද. මමත් ලබන සැරේ හරකෙක් නිදහස් කරාම ඔයා එහෙනම් හොඳට බලාගන්න කෙනෙක් හොයල දෙන්න එහෙනම්. ඔයා ගාව ඒ කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන් ඇඩ්රස් එකක් , ටෙලිපොන් නොම්මරයක් එහෙම තියෙනවද ?

ඇන්ටි: ආ ඉන්න බලන්න. ආ තියෙනවා. මෙයා නම් හොඳටම හොඳයි. දරුවෙක් වගේ ඔය හරකව බලා ගනියි. එහෙනම් ලියා ගන්නකො....

මොහොමඩ් අසීස්
නොම්මර ___ ,
____ පාර ,
මහව
077 _____

3 comments:

  1. ලස්සන කථාව

    ReplyDelete
  2. අැත්තටම ඔය මරන්න ගෙනයන හරක් නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය කිසිම තේරුමක් නැති වැඩක් හැටියටයි මටනම් හැගෙන්නේ. ඒ ක්‍රියාාවලියේදී අපට නොපෙනෙන සිදුවීම් මාලාව පිලිබදව අප සොයාබැලීමක යෙදුන හොත් ඔයාලට මම කියන දේ පැහැදිලිව වැටහේවි.

    අප ඒය මෙසේ පැහැදිලිකර ගමු. අපි හිතමු ඉහත කතාවේ සදහන් මොහොමඩ් නැමැත්තා මස් පිනිස හරකෙකු රැගෙන යන විට ස්වාමීන් වහන්සේ නමක් ඒය දැක ඒ හරකා මරනයෙන් බේරා ගැනීමට සිතා ඒ පිලිබදව මොහොමඩ් සමග කතා කරයි. ඒහිදී සතාගේ මිල තීරණය කිරීමේ සම්පූර්ණ බලය හිමිවන්නේ මොහොමඩ්ටය. ඔහු කියනා ගනනට හරකාව ස්වාමීන් වහන්සේ මිලදී ගන්නා බව මොහොමඩ් අත්දැකීමෙන් දනියි. ඒ නිසා ඔහු හරකාගේ මිල නියම කරන්නේ උපරීම ලාභයක්ද සහිතවය. ඒනම් ඔහු හරකාව මස් මඩුවට ගෙන ලොස් මරා මස්කොට ඉන් පසු මස් කඩයට දමා විකුනා ලබන මුදලටත් වඩා ටිකක් වැඩිපුර ලාභ තබාගෙන හරකාගේ මිල නියම කරයි. කඩ කුලිය, ලයිට් බිල්, වතුර බිල්,සේවක පඩි නඩි, කෑම බීම වියදම් අාදී මේ සියල්ලද ඔහුගේ ලාභයට ඒකතු වේ. හරකාව පණ පිටින් විකිනීම නිසා ඔහුගේ ලාභය දෙගුන වී අැත. ඒ කියන්නේ කලින් ඒක් හරකෙකු මිල දී ගැනීම සදහා පමණක් සෑහෙන අයුරින් ඔහු සතුව තිබූ මුදල දැන් දෙගුන වී හරක් දෙදෙනෙකු මිලදී ගැනීමට හැකි තරම් මුදලක් ඔහු අතට පත්වී අැති බවයි. ඒ නිසා ඒහු ඒ වෙලාවේම ගොස් හරක් දෙදෙනෙකු ගෙනැව්ත් මස් කඩයට දක්කයි.
    අප විසින් කරන ලද පූණ්‍ය කර්මයෙ තරම තේරෙන්නේ ඒ විටය. ඒක් හරකෙකු මරණයෙන් බේරා තවත් හරකුන් දෙදෙනෙතුගේ මරණය ඉක්මන් කරවීමක් අප විසින් කර අැතැයි අපට අවබොධ වන්නේ ඒ් පිලිබදව මෙසේ අධ්‍යයනය කර බැලුව හොත් පමණි. ඒ නිසා හරකුන් නිදහස් කිරීම වෙනුවෙන් මීට වඩා සංවිධානාත්මක වැඩපිලිවෙලක අවශ්‍යයතාවය ඔබ සැමට වැටහෙනු අැතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම කිර්ති. ධර්මය , හොඳ නරක , පවු පින් , කුසල් සහ අකුසල් චිත්තයන් ගැන වැටහීමක් නොමැති නියත අපායගාමී නාස්තික දෘෂ්ටි ගෙන සිටි කාලයේ මමත් දරුවෙ ඔබ ඔය දරන තාර්කික මතයම තමයි.

      ඔබ ඔය නගන තර්කය මම මෙහෙම නගන්නම්. හෙට සොයාගන්නවා ඔබගේ අක්මාවෙහි දරුණු පිළිකා තත්වයක් ඇති බව. සැත්කමට සහ ප්‍රතිකාර වලට රුපියල් ලක්ෂ පනහක් විතර යනවා. ඉන්පසුවත් සුව වේ දැයි හරියටම කිව නොහැකියි. ටික කලක් වැඩිපුර ජිවත් විය හැකියි. එපමණයි.

      මොකද කියන්නේ ? ටික කාලයක් හරි වැඩිපුර ජිවත් වන්න කොහෙන් හරි මුදල් සොයාගෙන සැත්කම කරගන්නවද ? එහෙම නැත්නම් මොකටද මේ සල්ලි නාස්ති කරන්නේ කියල ඒ මුදල වෙනත් පුණ්‍ය කර්මයකට යොදවල මාසයක් ඇතුලත මිය යනවද ? (මෙහෙම කරපු කවුරුවත් ගැන ආරංචියක් නම් නැහැ. හැම එකාම බලන්නේ දවසක් හරි වැඩිපුර ජිවත් වෙන්න තමයි නේද ? )

      සියලු සත්වයෝ තම ජිවිතයට අන් සියල්ලට වඩා ප්‍රිය කරති. කවරෙකුට හෝ දිනයක් හෝ වැඩිපුර ජිවත් වීමට සැලසීමට හැකිනම් එය මහා පුන්යකර්මයකි. මුදල , තර්කය , ලාභය , පාඩුව නොව මෙහිදී වැදගත් වන්නේ කුසල චිත්තයයි. තම්බි, දෙන මුදලින් කුමක් කරාද යන්න මෙහිදී වැදගත් නොවේ. වැදගත් වන්නේ ජිවිතයක් බෙරිමෙන් ලැබෙන කුසල කර්මයයි. පණ්ඩිතයාට ඒදන්ඩේ යාමට නොහැක්කා සේ , ඔබ සේ තර්ක කරන්නාට ඒ කුසලයටද දොර වැසි ඇත.

      හරකුන් නිදහස් කිරීමට සංවිධාන සෑදීම වැනි කිසි කලක සිදු නොවන , ප්‍රායෝගික නොවන අදහස් මල්පල ගන්වෙනා තුරා කුසලින් වැලකි සිටින්නන් අනිවාර්යයෙන් ප්‍රමාදයට පත්වූවන් වන්නාහ. සතර අපාය ඔවුනට නිවෙස් වෙත් .

      Delete