Wednesday, April 17, 2013

සත්සරණි [7] - නුගේගොඩ හංදියේ මැරතන් ධාවනය



[Image]

" බලපං අතේ පිරිත් නූලක් බැඳගෙන ඉන්නේ "

" ඔව් නේ.. මාත් දැං නේ දැක්කේ.."

" උඹ කිව්වා නේද පිරිත් නූලක් බැඳගත්තාම අදාල පුද්ගලයා වටේ ශීල්ඩ් එකක් හැදෙනවා කියලා"

මුග්ධයා මේ කියන්නේ පහුගිය කාලවල ගිහිපු ශාස්ත්‍රීය සංවාද වල කතා කරපු දෙයක් ගැන. පිරිත් නූලක් බැඳගත්තාම එකේ තියන බලය නිසා ඒක බැඳගෙන ඉන්න කෙනා වටා ආරක්ශක රශ්මි ප්‍රාකරයක් හැදෙන බවත් ඒ නිසා මන්තර ගුරුකම්, පෙර ආත්මයේ කරපු කර්ම සීයට සීයක් වදින්නේ නැති බවත් අපේ උපකල්පනය වුනා.

"එහෙනම් ඒක තමා කේස් එක "

" අවුලක් නෑ. පිරිත් නූල ටික දවසකින් අයින් කරනවා නේ. "

දැන් ඉතින් මේක කපනකං හිටහං කො... ඔහොම සතියක් දෙකක් ගියත් පිරිත් නූල ගැලවෙන පාටක් නම් නෑ.


මේ වෙනකොට සත්සරණි ගේ දින චර්යාවේ එක එක වෙනස් වීම් අපිට පේන්න තිබුනා. Mr Lonely ව මගහරින එක, ගණන් නොගෙන ඉන්න එක වගේම යන ක්ලාස් වල ඉන්ටර්වල් එක වෙලාවෙන් පස්සේ අතුරුදහන් වීම වගේ දේවල් වෙන්න ගත්තා.

ලොකුම ප්‍රශ්නේ උනේ ඉන්ටර්වල් එකෙන් පස්සේ අතුරුදහන් වෙන එක. ඇයි ඉන්ටර්වල් එකේදි යන්නේ, කොහෙද යන්නේ වගේ ප්‍රශ්න ගොඩක් Mr Lonely ගේ හිතේ කැරකෙමින් තිබුනා.

මේ නිසා ක්ලාස් වල ඉන්ටර්වල් දෙන වෙලාවට අපිත් හුඟක් අවධානයෙන් හිටියේ. සත්සරණි මාරුවෙලා යනවා වගේ දැක්ක ගමන් අපිත් ඒ එක්කම පනිනවා.

" අදත් ඉන්ටර්වල් එකේ යයි ද දන්නේ නෑ. "

" ඒකම තමා මාත් මේ බලන්නේ "

සත්සරණි බෑග් එකත් අරගෙන තව යාලුවෙකුත් එක්ක එලියට යන හැටි අපිට පේනවා.

" මචං, අරයා යනවා. වරෙං යන්න. "

අපිත් වහාම ක්‍රියාත්මක වන පරිදි අපේ  අඬු බඩු ටික එකතු කරගෙන ක්ලාස් එකෙන් එලියට එන්නේ මේ වෙලාවේ මේ අය මගහැරුනොත් ආයි ලොවෙත් හොයනවා බොරු නිසා.

"අද අම්මා නෑ. කොහොමහරි talk කරන්න ඕනේ. "

සත්සරණියි තව එයාගේ යාලුවෙකුයි එක්ක රොටරියේ පිටිපස්සෙන් එලියට යනවා. අපිත් එයාලා පස්සෙන් පන්නනවා.

මෙයාල දැන් පොල පාරෙන් එලියට ඇවිල්ලා පාර පැනලා නුගේගොඩ හංදිය පැත්තට යනවා. සත්සරණි ත් අපි එයාලා පස්සෙන් එන බව දන්න නිසා යාලුවාගෙත් අතින් ඇදගෙන යනවා නෙවි.. දුවනවා.

දැන් තමා වෙලාව කියලා හිතපු Mr Lonely මුග්ධයා ට ඔළුවෙන්  සංඥා කරලා වේගේ වැඩි කරලා සත්සරණිට කිට්‍ටු උනා. සත්සරණි ටත් Mr Lonely ලඟට එනවා දැනිලාද කොහෙද යාලුවාගේ අත බදාගත්තා.

දැන් Mr Lonely සත්සරණි එක්කම සමාන්තරව යන්නේ. Mr Lonely ට අහන්න දහසක් දේවල් තිබුනත් කතාව පටන්ගන්න මෙහෙම ඇහුවා.

" එක්ස්කියුස් මී, මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද? "

බදාගෙන හිටපු යාලුවාගේ අත අත්හැරලා යන ගමන්ම එයා Mr Lonely ගේ මූන දිහා බලලා හිනාවෙලා කියනවා...

" බෑ ... "

Mr Lonely ගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් ඇති උනා. වැඩේ හරියාගෙන එනවා වගේ හැඟීමක්. බෑ කිව්ව එක නිකං හා කිව්වා වගේ තමා Mr Lonelyට දැනුනේ.

තවත් කතා කරන්න දෙයක් නැති නිසා සත්සරණිට යන්න ඇරලා පිටිපස්සෙන් නිශ්චිත දුර සීමාවක් තියාගෙන වෙච්ච දේවල් ඔක්කොම දැකපු මුග්ධයාට සෙට් වෙනවා.

"අමුතු විදියට හිනාවෙලා බං බෑ කිව්වේ "

" උඹ ලඟට යනකොට ඒකී යාලුවගේ අතත් බදා ගත්තා. "

" එහෙමද "

"ඔව් ඔව් "

" කොහොම උනත් මචං එයාගේ හිතේ මං ගැන පොසිටිව් මොනාහරි තියනවා. "

ගුරුකම ටිකක් විතර වැඩ කරලා තියන පාටයි. දෙවනි පාරටත් ගුරුකම කරලා බලන්න ඔනේ කියල හිතෙන්නේ මේ නිසා.


"පිරිත් නූලේ බලය වැඩි දවසක් තියෙන්නේ නෑ. දැන් පවර් එක බැහැලා ඇති. ආයි පාරක් අර වැඩේ කරලා බලන්න හිතෙනවා. "

Mr Lonely එහෙම කියන්නේ ඊලඟ පාර ගුරුකම හොඳටම කරනවා කියලා හිතාගෙන.

" එහෙමනම් කරමු. කරන දවසට උඹ වරෙන් අපේ ගෙදර.."

මුග්ධයාත් ඕනේ දෙයකට රෙඩි.

ආයිත් දවසක මුග්ධයාගේ ගෙදර ගිහින් කලින් ටත් වඩා හොඳට හිතට අරගෙන කරන්නේ මෙහෙම දෙයක් දෙපාරකට උනත් කරන්න වැඩක් නැති නිසා.

[Image]


හැබැයි දෙවනි පාර ලේ සෙලවීම් නෑ. ගෙදර ගියේ නම් අසිහියෙන් තමා. මොකක් හරි හේතුවක් නිසා ඒ ගුරුකම කරාට පස්සේ සිහිය අප්සෙට් යනවා.

කොහොම උනත් ගුරුකමෙන් ප්‍රතිපලයක් ලැබුනේ නෑ කියලා කිව්වොත් හරි. මේ නිසා ආයි පාරක් කතා කරන්න චාන්ස් එකක් හොය හොයා හිටියේ.

ඊලඟ සතියේදී ත් කලින් වගේම ඉන්ටර්වල් එකේදි සත්සරණි මාරු වෙනවා බලාගෙන් හිටපු Mr Lonely ඒ පස්සෙන්ම යන්නේ එදා වගේම අදත් අම්මා නැති නිසා කතා කරන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන.

මේ දවසේ මුග්ධයා ඇවිල්ල තිබුනේ නෑ.  මේ වගේ හදිසියේ වෙන දේවල් කාටවත් කිය කිය ඉන්න වෙලාවක් නැති නිසා මෙදා Mr Lonely තට්ට තනියම තමා මේ වැඩේට එන්ටර් වෙන්නේ.

ඔව්, දැන් මේ යන්නේ සත්සරණියි Mr Lonely අතරේ රේස් එකක් කියලා කිව්වොත් වැරදි නෑ. පොළ පැත්තෙන්  බැහැලා  සත්සරණියි එයාගේ යාලුවයි අතින් අල්ලාගෙන දුවන නොදුවන ගානට නුගේගොඩ හංදිය පැත්තට යනවා.

Mr Lonelyත් ඉතින් දිව්වේ නැතුවා විතරයි. ලෑල්ලටම පාගලා ගිහින් සත්සරණි ලඟටම ඇවිල්ලා සත්සරණි එක්කම සමාන්තරව යනවා. සත්සරණිත් උවමනාවෙන්ම වගේ වටපිට නොබලා යනවා.

" එක්ස්කියුස් මී, මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද? "

සත්සරණි Mr Lonely ගේ මූන දිහා බලලා බොහොම තරහෙන්...

" බැහැ..."

[Image]



එතැනින් එහාට Mr Lonely පසු බැස්සා. හිතට සෑහෙන අප්සෙට්. මොකක් හරි අවුලක් තියනවා. ඒත් තාම මේ වැඩේ අත අරින්න Mr Lonely ලෑස්ති නැහැ.

3 comments:

  1. මොකක්ද බන් මේ සීන් එක? හිතාගන්න බැහැ!

    ReplyDelete
    Replies
    1. අපිටත් හිතාගන්න බැරි උනා මොකද්ද උනේ කියලා...

      Delete

හිතට එන ඕන දෙයක් ලියන්න.