Wednesday, April 10, 2013

සිසිරය....


සිත දුර ඈතක
දුක ලඟ මෑතක....
තනිවම වැලපෙමි...... 
අන්ධකාරේ...
සමනළ රෑනක
තටු ලැබුනත් මට.....
යන්න බැහැ......
මතකයෙ අඩි පාරේ.......
ඉන්නට බෑ මට 
ඔබලඟ ආයේ.....

සිතිවිලි විසිර යමින්....
අණදෙයි.....
නපුරු වෙමින්....
හදවත උමතුකමින්.....
ඉපිලෙයි......
උඩඟු වෙසින්......
මොහොතකට සිතමි 
මම නැවතී.....
මේ අඳුරු පහන් වැටි යායේ....
පෙම පලාගොසින්
ඉරි තලා සිත මගේ.....
එන්නෙ නෑ ඔබ ආයේ......

දිදුලන අළුව යටින්.....
මතුවෙයි 
අඳුර කෙමෙන්....
නෙතු කැන් සිනහසෙමින්....
සඟවයි 
උණු කඳුල හොරෙන්....
මොහොතකට හිඳිමි
මම වැතිරී.....
මේ විළිසුන් වූ ඇතිරිල්ලේ....
පෙම පලාගොසින්
ඇල්වෙලා හිත මගේ….
එන්නෙ නෑ ඔබ ආයේ.....


1 comment:

Dinesh said...

නියමයි හේමාල් අයියේ..