දෙ අතක යන අප

දෙ අතක යන අප
එක් වූයේ කිම
වෙන් වන්නට නොම
කාලය මේ විට

වෙළුන ද අද අප
බෝ පෙම් හිතැතිව
වුවහොත් යන්නට
දෙ අතක දිනයක
අන් රටකට අප
නොදකින එකිනෙක
කෙලෙසක සිටිමු ද
නොසලා කඳුලක

හැරදා නොම යන
බව දිවුරනු මැන
කිසි ලෙස ඔබ මම
කොහි සිටියත් වෙන
හැකි වේ නම් අප
දෙදෙනට එක් වන
අයුරක් විගසින
සෙවුමට ඔබ හට

තැබුමට විස්වස
මා පිය සනසන
පෙර සිතු විලසින
යාමට වෙන දෙස
දෙනු මැන උපදෙස
ඒ මං පෙත් යුග
එකක් කරන්නට
ඔබ හා යාමට

ලේ නම් මේ ලොව
ලෝහිත පැහැමය
මා හා පැමිණද
මසු සෙවුමට හැක
හැකි නම් ඔබ හට
එන්නට සමගින
මා සෙවණැල් මෙන
එක් වී සිටිනට

Comments