සමා වුව මැන

දුරින් සිටියත් පෙමින් සිටියද
පෙමක් නැතිවද දුරින් හිඳිමුද
ලඟින් හිඳ අද කෙසේ හිඳිමුද
පෙමින් පසුවෙම් මලේ මා අද

මලේ මා නුඹ සිඹූ බව සැබ
නොදුනි සිත් හැර යන්න හද ගැබ
නුදුටුවත් මා එදා පෙම නුඹ
පතමි යළි වෙළෙනුමෙන් පෙම් ගැබ

වියෝ දුක නුඹ දරා ගැනුමට
සෙල්වු රුහිරූ දෑතෙ සිවුමට
නොහැකි මුත් යළි එක්ව සිටුමට
සමා වුව මැන හදින් මා හට

සිඹිමි මා අද මලක් දුර සිට
ලංව හිඳ බෝ රොන් උරන්නට
නුඹ තලා ඒ වෙතට ගිය මට
සමා වුව මැන පුංචි මල මට

Comments