Thursday, March 21, 2013

සත්සරණි [2] - මවු යානාව වටා කක්ෂගත වේ

මුල් කොටස කියෙව්වේ නැත්නම් කියවලාම එන්න.

සත්සරණි [1] - අමතක නොවෙන කතාවක ඇරඹුම


ටික වෙලාවක් යනකොට මවු යානාව රොටරියට සම්ප්‍රාප්ත වෙනවා. මෙයා මවු යානාව වටා කක්ෂගත වීමෙන් අනතුරුව රොටරියේ ඉස්සරහ ගේට්‍ටුවෙන් එලියට යනවා.

මුග්ධයා නිශ්චිත දුර සීමාවක් සහිතව ඔත්තු බැලීමේ කක්ෂයකට කක්ශගත වෙනවා. Mr lonely තාම නෑ. ඒක නිසා ගන්නවා කෝල් එකක්.

"මචන් උබ කොහෙද? සමුද්‍ර දේවි එක ගාවින් හැරිලා පල්ලෙහාට යනවා."

" හරි මචන්, මං ඉක්මනට එනවා. මං රොටරිය පිටිපස්සේ "


[Image]


මුග්ධයා ආරක්ෂිත කක්ෂයේ ඔත්තු සේවාව ක්‍රියාත්මක කරන අතරතුර Mr lonely අෆ්ටර් බර්නර්ස් දාගෙන සුපර්සොනික් වේගයෙන් මුග්ධයා ඉන්න ආරක්ෂිත  ඔත්තු බැලීමේ කක්ෂයට සම්ප්‍රාප්ත වෙනවා.

" අහ් මචන්, උබ ආවා නේ. අර යන්නේ.."

" ඔව්, දන්නැද්ද පොඩ්ඩක් පරක්කු උනා"

දැන් මේ ගොල්ලො ප්‍රධාන පාරේ නුගේගොඩ පැත්තට යනවා. අතරමග තියන රටකජු විකුණන තැනක මේ අය නතර වෙනවා.

"මචන්, අර ගොල්ලො අතන නැවතුනා"

එහෙම කියාගෙනම Mr lonely මුග්ධයා වත් ඇදගෙනම පාරේ අයිනේ බිම එලාගෙන බඩු විකුණන එකෙක් ගාවට සෙට් වෙනවා. 2008 දි එහෙම අය හිටියට දැන් නම් නුගේගොඩ පාරේ අයිනේ බඩු විකුණන්න කාටවත්  දෙන්නේ නෑ. පොලිසියෙන් එලවනවා.


[Image]


" මේවා කියද? "

" එකෂිය පනායි "

" අරවා කීයද..."

තියන බඩු වල ගණන් බොරුවට අහන ගමන් අපි බලනවා අරගොල්ලෝ මොකද කරන්නේ කියලා.

"යං "

අපි නැවතත් ආරක්ෂිත කක්ෂයට පිවිසෙනවා.

"බලපං, එයා නම් හොඳට කකා යනවා. අපි ක‍ටු කනවා. අපි පවු නැද්ද? "

Mr lonely ගේ කීමට මුග්ධයාත් ඔලුව වනලා එකඟ වෙනවා.

මෙයාලා කකා යන හැටි දකින මුග්ධයා ගේ ආමාශගත අම්ල ද්‍රාවණයේ pH අගය පහල යන්නේ ඉතාම වේගයෙන්.

මෙයාලත් ඉතින් පැද්දි පැද්දි නුගේගොඩ හන්දියේ නවත්තලා තියන 176 බස් එකකට නගිනවා.

අපි මුල් දවස් කිහිපයක් යනකම් බස් එකට නගින්නේ නැතුව බස් හොල්ට් එකට වෙලා බස් එක යනකම් බලං හිටියා.

ටික දවසක් යනකොට මෙයාගේ ගෙදර තියන තැන බලාගැනීමේ ආසාව Mr lonely ට තදින්ම තිබුනා. ඉතින් ඔය සුපුරුදු විදියට නුගේගොඩ හන්දියෙ බස් හොල්ට් එකට වෙලා ඉන්නකොට Mr lonely ගේ ඉවසීමේ සීමාව පනිනවා.

" මොකද කියන්නේ. යමුද? "

" මගුලක් කතා කරනවා. යකෝ, එතකොට අපි අතේ මාට්‍ටු නේ "

මුග්ධයා කොහොමත් ඍණාත්මක අදහස් තියන එකෙක්. වැඩේ නොකෙරෙන පැත්තටමයි කතාව.

" නෑ, අවුලක් වෙන් නෑ. වරෙං යන්න. උඹ කොහොමත් ඔය පැත්ත ගැන දන්න එකා නේ."

එහෙම කියලා Mr lonely බස් එකට නැග්ගා. ඕන අල ගෝනීයක් කියල මුග්ධයා ත් බස් එකට නැග්ගා.

[Image]


දැන් අපි බස් එකේ... අරයා ඉස්සරහ හරියට වෙන්න අම්මත් එක්ක වාඩි වෙලා ඉන්නවා.

ටිකකින් බස් එක යන්න පටන්ගත්තා. අපි සත්සරණිගේ විස්තර හොයාගන්න හැටි වගේ ලෝකේ නැති දේවල් කතා කර කර මේ අය කොහෙන්ද බහින්නේ කියන එක ගැන විමසිල්ලෙන් හිටියේ.

ආයුර්වේදේ පාලම කිට්‍ටු කරලා මේ අය වාඩි වෙලා ඉන්න තැන් වලින් නැගිට්ටා. එකත් එකටම මේ අය ආයුර්වේදේ ගාවින් තමා බහිනව ඇත්තේ.

අපි ආයුර්වේදේ හොල්ට් එකේදි බස් එකේ පිටිපස්සේ දොරෙන් බැහැගත්තා.මෙයාල බස් එකේ ඉස්සරහා දොරෙන් බැහැලා ඉස්සරහට ඇවිදගෙන යනවා. අපි හෝල්ට් එකේ ටිකක් වෙලා නැවතිලා බලාගෙන හිටියා. මොකද follow up එකකට නිශ්ච්ත දුර සීමාවක් තියාගන්න ඕනේ නිසා.

අපිත් නොදැනෙන්න පිටිපස්සෙන් ගියා. මෙයාල අතුරු පාරකට හැරුනා.

අතුරු පාරෙන් හැරෙනවා දැකපු මුග්ධයා එකපාරටම නැවතුනා.

" නැවතියං නැවතියං. මෙතනින් එහාට යන්න බෑ. "


තවත් කොටසක් ලඟදීම...

 සත්සරණි [3] - රුපියල් දහදාහේ ඔරලෝසුව

3 comments:

  1. කෑව කට්ටක තරම කිව්වලු.. :b

    කතාව රසවත්ව ලියනවා..ඔහොම යන්..

    ReplyDelete
    Replies
    1. Ae kaapu katta danne api witharai :D

      bohoma isthuthi comment ekata.

      Delete
  2. මුග්ධයා නවතින්න කිව්ව විදියට නම් මොකක් හරි කොස්සක් වගේ.බලමුකෝ!

    ReplyDelete

හිතට එන ඕන දෙයක් ලියන්න.