1990
දශකයේ ආරම්භය
යනු 'ඉතිහාසය අවසන් වීමෙන්' පසු ගෝලීය ආධිපත්‍යයට නිතරඟයෙන් තේරී පත් වූ අවසාන - පුද්ගලත්ව කේන්ද්‍රීය - මිනිසාගේ මොහොත විය. සකලවිධ
සාමූහිකත්වයන් පිළිබඳව කෙරෙනා ඕනෑම ආකාරයක සිතා බැලීම් අනිවාර්ය ලෙසම ලේ ගංගාවකින් නිම වීමට නියම වන්නා, ත්‍රස්තවාදී සහ සර්වාධිකාරී සමාජ ක්‍රමයකින්
අවසන් වීම යනු එකල ඉතිහාසයේ සදාතනික නියාමය විය.
"ආදරය සඳහා හෝර්ටන් තැන්න" යන කුඩා ව්‍යාපාරයෙන්
ඇරැඹි 'ප්‍රේමය' පිලිබඳ ලාංකික සංවාදය 1990 දශකය පුරා නව තාරුණ්‍ය හට ඉමහත් ආකර්ශනීය
වූයේ ප්‍රේමය මෙම පුද්ගලත්ව කේන්ද්‍රීය විශ්වය දෙදරවාලූ අත්දැකීමක් වන
නිසාය. ප්‍රේමය යනු සිය පුද්ගල ජීවිතයේ යහ පැවැත්ම පසෙකලා 'දෙදෙනා'
වෙනුවෙන්
ජීවිතය කැප කිරීමේ මිනිස් උරුමයයි. වසර විසිපහකට පමණ පසු බදියු මේ සඳහා සූත්‍රයක්
නිපදවා තිබේ. "ප්‍රේමය = අවම කොමියුනිස්ට්වාදය".
නමුත් එම වසර
විසි ගණන තුල ඇති වූ විපර්යාසයන් අපට අමතක කල නොහැකි වේ. 'ආදරය',
'නිදහස් ලිංගිකත්වය', 'මිනිස් සම්බන්ධතා' - එකල අපගේ සංවාදයේ කේන්ද්‍රීය සංරචක වූයේ
මේවාය - වෙනුවට නව සියවස විසින් රැගෙනවිත් තිබෙන්නේ නව අභියෝගයන් රැසකි. ඒ අනුව අපට පුද්ගලත්වය මුළුමනින් ඉක්මවා ගිය නව සංවාද
කේන්ද්‍රයකට - 'විශ්වීයත්වය', 'සදාකාලිකත්වය', 'සත්‍යය', 'පරමත්වය' - ලඟා වීමට බල කෙරී තිබේ.
තතු මෙසේ
වන්නේනම්,
අපගේ
පුද්ගලවාදී විශ්වය ඉක්මවීමට අපට ගමනාරම්භයක් සැපයූ ප්‍රේමයට - 'අවම කොමියුනිස්ට්වාදයට' - තවදුරටත් අපට උපකාර කිරීමට ඉඩ තිබේද? ඇලෙන් බදියු ගේ "ප්‍රේමය පසසනු
වස්" නම් කෘතිය තුල මෙයට ලබා දෙන ප්‍රශස්ත පිළිතුර වන්නේ "ඔව්" යන්නයි.
කෞශල්‍ය කුමාරසිංහ සහ විදුර ප්‍රභාත් මුණසිංහ එක්ව පරිවර්තනය කල මෙම කෘතිය සමාජගත වන
අප්‍රේල් මස 3 වැනිදා අපගේ පරපුරේ සාමූහික දේශපාලන ඉතිහාසයේ වැදගත් දිනයක් සනිටුහන් වන්නේ එම
නිසාය.
සාමූහිකත්වයක්
වෙනුවෙන් පෙනී සිටිනා ඔබට ආරාධනයක්!
No comments:
Post a Comment