Thursday, March 14, 2013

මත්පැන් පානය කරන්නන් වෙනුවෙන්

මත්පැන් පානය කර ඔබට අගනා තෑගි රැසක්

            ඔබ කළ යුත්තේ මත්පැන් පානය නොකඩවා දිගින් දිගටම කරගෙන යාමයි. මත්පැන් පානය කිරීමට කැමැත්තෙන් සිටින ඔබටද මෙය කදිහ අවස්ථාවකි.. එවිට නියත වශයෙන්ම ත්‍යාගයකට හිමිකම් ලැබෙනු ඇත. 

ඉක්මන් කරන්න මෙන්න තෑගි

ප්‍රථම ත්‍යාගය:- සිරෝසිස් (අක්මාව ඉදිමීම)
දෙවන ත්‍යාගය:- ආහාර ජීර්ණ පද්ධතියේ තුවාල
තෙවන ත්‍යාගය:- අධික රුධිර පිඩනය

සැනසිලි තෑගි:-

මතක ශක්තිය හා හැකියාවන් අඩුවීම
ස්නායු රෝග,
මානසික රෝග,
හදිසි අනතුරු,
පවුල් සමගිය නැතිවීම,

කාන්තාවන් සදහා විශේෂ තෑගි:- අංගවිකල දරුවන් ඇත්වීම, දරුගැබ් විනාශ වීම

වැඩි විස්තර සදහා ළගම සිටින වෛද්‍යවරයා හමුවන්න.

(ත්‍යාග ප්‍රධානෝත්සවය කනත්තේදී සිදුකෙරේ)

සැකසුම:- ධනුෂ්ක කෞෂල්‍ය

 

2 comments:

  1. එහෙම කියන්න එපා
    ගිනි වතුර නැතුව අපි කොහොමද ෆන් ගන්නේ ?
    බ්ලොග් ගේට්ටුවක් තිබ්බත් අපි බිල බල්ලෝ වගේ ස්ටෙලා වෙලා තමයි ආතල් ගන්නේ
    මගුලක , මරනෙක , කොටහළු ගෙදරක , ට්‍රිප් එකක , නාන්න යනකොට ඈත පන්සල් වඳින්න යනකොට උනත් නැතුවම බැරි පානය තමයි මේක
    සිංහලයෙක් උනාම එක අතක ගෙරි මස් කෑල්ලක් , අනිත් අතේ ගල් බෝතලයක් හෝ කසිප්පු පැකට් එකක්
    හිතේ ඉර්ශයාව , කුහක කම
    මේවා නැතුව කොහොමද ??

    ReplyDelete
  2. දැන් බලන්න මහත්තයෝ අපේ මහ-රජතුමාට ඕවා තියනවද. නෑ නොවැ. ඒකනේ බොදු බල සංවිදානේ උනත් බේබදු කම ගැන වචනයක් කියන්නෙ නැත්තෙ.

    ReplyDelete