Friday, March 1, 2013

නරිකෙලා (Narikela).....




සිත හැරදා ගත
පාවෙයි ඈතක....
නුඹ හැරදා තරු
ඇවිදින් මෑතට...
පමණට වැඩියෙන්
සන්සල සාරිය......
අමතක කරවයි
මා ආ කාරිය.....

ලෙන්දොර පිට
සැතපුනු කළ්‍යාණිය.....
තුන්දොස චන්චල
මායාකාරිය......
දිඹුලකු සේ හැරදා
අභිමානය....
පෙළා පොලමි උමතුවු
සන්තානය.....

සර්පිල සිතිවිලි
දර්පණ මතුපිට.....
ගර්හිත කරවයි
පින්මද සෙනෙහස......
කම්පක මතුපිට
ලම්භක රූසිරි....
රූරා විසිරෙයි
විරඟේ සැණකෙළි.......

2 comments:

Anonymous said...

නරිකෙළා කියන්නේ නරි කෙලියා කියන එකද. නාරිකේළ කියන්නේනම් පොල් වලට. අයියෝ මෙලෝ රහක් නෑනේ උන්නැහේ.

Shadow/හේමලයා said...

well Its a personal joke on "Narikela"...a soft liquor made of නාරිකේළ...cheers.:P