2/26/13

ලොකු බල්ලෝ පොර කති

පුවතක්: පුතා ලා දෙන්නා ගහ ගනිති

මහ උන් පැටව් රට හැම තැන පැතිරීම

එහෙයින් උනුන්ගේ අතපය පැටලීම
එනයින් එකිනෙකා නොදැනම පොර කෑම
දුහුනන් හට බලන්නට ටෙලි සැපයීම

අප්පගෙ නමින් ගුටි කෙළ ගත්තාට රැයේ
කප්පරකට අහිංසක කම තවම තියේ 
ඔක්කොම කතන්දර මාද්‍ය මවන පැයේ
සත්තයි මඩකි එහි ඇත්තක් නැතිය පියේ

උන්ටත් උන් ව අමතක වී ගියපු සඳේ 
දැන් දැන් රටේ දියුණුව තව පෙරට ඇදේ
ඉල්ලන්නේ බලය බෙදුමට මොකද වදේ
ගොට්ටන් අසූ කෝටියකට බලය බෙදේ

මෙපමණ කලක් ගුටි කෑ මහ ජන සොක්කා
පෙරලා ගහනු බැරි කල දෙදණින් දොක්කා
වලිගය දෙපා මැද ගහගත් බලු කුක්කා 
ලොකු බල්ලන්ගෙ පොරයේ අසිරිය දැක්කා

15 comments:

  1. Replies
    1. ආවාට ස්තුතියි අරුණි.

      බලය විමධ්‍යගත කරලා තියෙන හැටි තමා.

      Delete
  2. බිරුවම බල්ලෝ
    පත්නොවෙති කදු
    කිව්වත් කොතෙකුත්
    ගනං ගන්න එපා
    හැටිය බල්ලන්ගේ

    ReplyDelete
    Replies
    1. බල්ලන් ගේ හැටි මැක්කන් වන අප අම්බානට ගණන් ගත යුතුවේ.

      Delete
  3. මහ මග මිනි මරති දේපල ගසා ගති
    චන්ද ද තියති කොහොමද මන්දා දිනති
    ජෙප්පෝ බුරති ගොන් අලියෝ නිදි කිරති
    සොහොයුරු දරු පරපුරම රට කති විකති

    ReplyDelete
    Replies
    1. මහමග මැරෙන්නේ අප වැනි අසරණයෝ
      චන්දෙන් දිනවන්නෙ පිළිමල් රට පඹයෝ
      කාලය ඉකුත් දෙස්පාලන කොමිටලයෝ
      කවුරුත් රජ පවුල සුරකින්නට රුසියෝ

      Delete
  4. ඉල්ලන්නේ බලය බෙදුමට මොකද වදේ
    ගොට්ටන් අසූ කෝටියකට බලය බෙදේ

    :D :D

    ReplyDelete
    Replies
    1. මෙහෙ බලය බෙදන්නේ ඔන්න ඔහොම තමයි ළමයි. ලද දෙයින් සතුටු වන්න. අද මේ රටේ සියලු සුළු ජාතීන්ට මේ ආකාරයට බලය බෙදලා තියෙනවා. හකීම්ලා, බදුදීන්ලා, කේපී ලා හරහා.

      Delete
  5. All four legged animals are not dogs!

    ReplyDelete
    Replies
    1. I know your claim, that i stereotyped. Of course i do not know either of teh individuals, never heard their names before. They may be innocent, at least one party.

      My point is, consider an incident with minister's son and a common man's son. It is latter who receives the punch. If he goes to a police station he has no help. Similarly with DIG's son vs common man's son it is same treat. We have a special case where two ppl of Lokka's power circles.

      To me I don't feel like taking a side of either, as a common man would have suffered heavily and unfairly at the hand of either of them.

      Delete
  6. මේකට ආවෙ අදමයි.
    2013 (1)
    ▼ February (1)
    ලොකු බල්ලෝ පොර කති

    ► 2012 (8)

    ► 2011 (20)

    ► 2010 (17)

    ► 2009 (13)

    කම්මැලි නැති හොඳ ළමයෙක් :)

    ReplyDelete
    Replies
    1. අත දෙන්න කෙනෙක් හිටියේ නැහැ බං...

      Delete
  7. බරපතල සීන් එකක් නේ...මටනම් ගාණක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. අපිටත් ගාණක් නැහැ. වලිගය දෙපා මැද ගහගත් බලු කුක්කාට ලොකු බල්ලන්ගෙ පොරයේ අසිරිය දැක්කාම පොඩි ආතල් එකක් යනවා විනා වෙන මොනවා වෙන්නද?

      Delete