Wednesday, February 13, 2013

අත්

රක්ත වර්ණයෙන් පිරුණු දෙකොපුල්, සතුටින් ඉපිලීගිය මුව කමල .

මනාව දිගටිව තබා වර්ණ ගල්වා තිබූ නියපොතු, පුලුන් රොදක් තරම් සිනිඳු ඒ අත් අහා කෙතරම් සුන්දරද ඇය.

සුදුමැලි වූ ශෝකී මුහුණ .

අවපැහැගැන් වී කොටටම කපා තිබූ නියපොතු, ඉලිප්පුනු නහරවලින් යුත් ඒ ගොරෝසු අත්.

අත්



අත්

මම එක එල්ලේ ඇගේ අත් දිහා බලා සිටියෙමි. වසර පහළොවකට පෙර ඇයගේ තරම් සියුමැලි අතක් මම කවරදාකවත් නොදැක තිබුනෙමි. ඒ අත්ල මොනතරම් සිනිඳුද මට අද වගේ මතකයි, මම ඒ අත් වලට වශී වුණෙමි එහෙත් අද කෝ ඒ අත්? මගෙයි දරුවන්ගෙයි වැඩපල කරලාම ඇගේ අත් අද ගොරෝසු වෙලා.

"ස්වාමීනි මේ දික්කසාද නඩුව මම ඉල්ලා අස් කර ගන්නවා."

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

9 comments:

  1. කොමෙන්ට් නෑ ආයේ...

    ReplyDelete
  2. යකෝ...නඩු දාල කූඩුවෙ ඉන්නකොට එච්චර දුර පේනවද....(හිතට වැදුණා )

    ReplyDelete
  3. හොඳ වෙලාවට ඒ වෙලාවෙ හරි තේරුණේ...

    ReplyDelete
  4. කතාව නම් හිතට වැදුනා හොදටම!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...