Pages

Tuesday, February 5, 2013

"අළුයම"ක හමුවෙමු...


                       මේ දවස් වල කාගෙ කාගේත් සිංහයා එලියට පැනලාය. බැලු බැලු අත හෙන පත සයිස් සිංහ කොඩිය. සිංහ කොඩි ගහගත්තු ත්‍රීවිල් මල්ලිලා හයර් එනතුරු හන්දියේ ඉන්නේ මහා අභිමානයෙන්ය. "මේ සිංහල අපගේ රටයි" වැනි ජාත්‍යානුරාගී ස්ටේටස් ෆේස්බුකියේ සූ ගාලා ශෙයා වෙන්නේ උණු උණුවෙන්මය. කාට කාටත් හෙනටම සැටිස්ය.නිදහස වුනාට ඒක සමරන්ට මෙයාලා සෑහෙන බිසී වෙලාය.මේ හරි සෝක් දවස් වල "අළුයම" නමින් බ්ලොගක් ආරම්භ කරන්ට හිතුනේ මේ දැනෙන නිදහස් කිතියේ චූන් එක හන්දමය.
              

                         ෆේස්බුකියේ ෆේක් ප්‍රොෆයිලයක රසය නිදහස දන්නේ එහෙම ඉන්න උන්ය.මමත් එහෙම ෆේක් එව්වා දෙක තුනකින්ම බුකියේ මෙගා ගේම් දෙන්ට දත කාපු හැඩ ඩයල් එකක් බව කීමට මට ලජ්ජා නැත.එක්තරා කාලයක ඉර ඩොටේ යනකම්ම මගේ ඩියුටිය වුනේ එක එකාත් එක්ක බුකියේ දේශපාලන සංවාද කිරීමය.සංවාද අල කිරීමය. ඇරියස් පිටම මාත් එක්ක ඇරගත්තු එවුන් එමටය. කොහොමින් කොහොම හරි කැම්පස් එකේ ඉන්න බැබුන් ලාට අමතරව එලකිරි බොක්කේ මිතුරු මිතුරියන් ටිකක් සෙට් කරගන්ට හැකි වුනේ ඒ හන්දය.
                  

     මේ ලොරි ටෝක්ස් දෙන්ට ගත්තේ පොරවෙන්ට තියෙන කැහිල්ලක් නිසාවත් පම්පෝරි ගසා ගොන් පාට් වීමටවත් නොවේ. දේශපාලන අගයකින් යුතු පෝස්ටුත් මෙහි දාන්ට හිතා ගෙන  ඉන්න නිසා දැනුවත්භාවය පිලිබඳ අංශු මාත්‍රයක හෝ සලකුණක් ආරම්භයේදීම තියන එක හොඳ හන්දාය.
                 

              ගිනි ගිනි බෝලෙ රැලි රැලි මාලේ කලේ ඒ කාලේ චූටි සන්දියේය. දැන් අපි ලොකුය. ඒ නිසා බ්ලොග් ලියන එකේ ආයෙ අමුතු මැජික් එකක් නැත . මොනා වුනත් ඔබ තමුන්නාසේලා ඉස්සරහටත් "අළුයම" කියවනවා නං එච්චරය. ජයවේවා...!!

3 comments:

charmi said...

එල එල........ ලියාපිය ඉතිං.....!

Dinesh said...

ඔන්න මං ආවා.. දිගටම ලියමු..

Unknown said...

මොනවා උනත් උබ කැම්පස් කොල්ලෙක් අපිට බැරිඋන දේ උබ කළා .ඒ උන්ට දුකෙන් උනත් කියන්න දෙයක් තියෙනව.අපිත් බ්ලොග් ලියනවා එත් උබට මොනවත් උනොත් අපිට උබ ලගට එන්න බෑ .එන්න ඕන කමකුත් නෑ මොකද උබ වගේ බ්ලොග් fb එකෙන් talk දෙන පුස් වීරයෝ දහකට වැඩ direct talk දෙන එක කොල්ලෙක් වටිනවා මචන් .

Post a Comment

Powered by Blogger.

Popular Posts

Blogroll