Monday, November 19, 2012

෴වැහි කුණාටුව පටන් ගත්තා෴


ජීවිතේ වෙලාවකට කුනාටුවක් වගේ, මං ඒවගේ ජීවිත කුණාටුවක පීඩා මැදින් යන වැහි ලිගිණියෙක් වගේ.

අද නං මට හරිම සතුටුයි. මේ බ්ලොග් එක හදන්න දවසක්ම ගත උනානෙ. හදලනම් ටිකක් කල් ඔන්න අද තමයි පලවෙනි ලිපිය දාන්නෙ.  දැන් ඉතින් මම ඔයාලට මගේ කතා ලියනවා. මට විශ්වාසයි ඔයාලා මගේ බ්ලොග් එක කියවලා හොඳ නරක කියයි කියලා.  මං ඔයාලගෙ බ්ලොග් ගොඩක් බලලා තියනවා.. මටත් ආස හිතුනා මගේ හිත ඇතුලෙ තනියෙම හිර වෙලා තිබ්බ දුක, සතුට මගේ අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න.. මාත් ඉතින් ඔන්න බ්ලොග් ලෝකෙට ආවා මම වැඩිය මේවා ගැන දන්නේ නෑ. ඔයාලා මට උදව් කරනවා නේද? හි හී ඔන්න එහෙනන් ඊගාව දවසේ ඉඳන් මේ කුණාටුවෙන් මගේ ජීවිතේ ගැන මගේ අදහස් ගැන ඔයාලට කියවන්න පුළුවන්. :)

මම මහේෂි.

13 comments:

  1. ආ ඔන්න මම ආවා ලියහංකෝ දැන් මට බලන්ඩ . දිගටම මම එනවා

    වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරන්ඩ . කමෙන්ට් කරන්ඩ එපා වෙනවා

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි අයියෙ ඔන්න ඔයා තමයි මගේ බ්ලොග් එකේ පලවෙනියටම කමෙන්ට් කරේ :) කොහොමද අයියේ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්නෙ

      Delete
    2. Design ගියා settings වල post and comments එකේ Show word verification කියල තියෙනවා ඒක no කරාහම වැඩේ ගොඩ...

      Delete
  2. සුභ පැතුම්. මම දිගටම මේ පැත්තෙ එන්න බලාපොරොත්තු වෙනව

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ටියුලිප්. ඔන්න ඊලඟ ලිපියත් බලන්න එන්න ඕනේ :)

      Delete
  3. අහම්බෙන් වගේ ලින්ක් එක සෙට් වෙලා ඔන්න මමත් ආව මේ පැත්තට. ජයවේවා!!

    උඩ කියල තියන වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නේ මෙහෙම. blogger dash board යන්න. settings > post and comment > show word verification කියන එක ඉස්සරහින් no දීලා සේව් කරන්න.
    එතකොට කමෙන්ට් කරන්න පහසුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි අයියෙ. අනේ සමාවෙන්න උත්තර දෙන්න පරක්කු උනාට :)

      Delete
  4. සුභ පැතුම් මහේෂි...දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි බට්ටි. ඔයත් සමාවෙන්න උත්තර දෙන්න පරක්කු උනාට :)

      Delete
  5. දිගටම ලියන්න... සමහර බ්ලොග් වගේ මග නවතින්නෙ නැතුව...සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි පිස්සෝ. ඔයත් සමාවෙන්න උත්තර දෙන්න පරක්කු උනාට :)

      Delete
  6. වැහි කුණාටුව...මම ද මගේ කාමරය ද බ්ලොග් කරණයට නවකයෝ වෙමු.
    කොටින්ම කිවුවොත් මම ඔබේ සමකාලීනයෙක් කියා මමම හිතමි. අපිත් බ්ලොග් කරණය ලෙසටම කරමු. ජය !!!

    ReplyDelete
    Replies
    1. අනිවා ලොකු අයියේ :) ඔයාටත් ජය වේවා :)

      Delete