Tuesday, February 5, 2013

පසළොස්වක පොහොය හා එහි වැදගත්කම

දුරුතු පොහොය
v  බුදුන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කොට ඔවුන්ගේ මිස දුටු අදහස් නැති කර දහම් මගට යොමු කිරීම
v  බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ මහියංගනයට වැඩම කිරීම
v  කැළණි විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහැර පැවැත්වීම.

නවම් පොහොය
v  බුදුන් වහන්සේ මුල්වරට සංඝයා වහන්සේලා රැස් කරවා රජගහනුවර වේළුවනාරාමයේ දී සංඝ සම්මේලනයක් පැවැත්වීම
v  සැරියුත් මුගලන් දෙනමට දෑගසව් තනතුරු පිරිනැමීම
v  බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා උදෙසා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම. (භික්ෂූන් වහන්සේ නමක් විසින් හැසිරිය යුතු කරුණු ඇතුලත් විනය ශික්ෂාවන්)
v  බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම

මැදින් පොහොය
v  බුදුන් වහන්සේ සිය සුද්ධෝදන පිය රජතුමා ඇතුළු ශාක්‍ය වංශිකයන්ට දහම් දේශනා කිරීම සඳහා රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් නුවරට වැඩම කිරීම ආරම්භ වීම.

බක් පොහොය
v  බුදුන්වහන්සේ දෙවන වරට ශ්‍රී ලංකාවේ නාගදීපයට වැඩ චූලෝදර හා මහෝදර යන නා රජුන් අතර මැණික් පුටුවකට පැවති ආරවුල සමථයකට පත් කිරීම
v  මහ බෝසතානන් වහන්සේ උයන් ක්‍රීඩාව සඳහා යන අවස්ථාවේ මුල් වරට මහල්ලෙක් දැකීම (සතර පෙර නිමිතිවල පළමු රූපය දැකීම)
v  බුදුන් වහන්සේ රජගහනුවර සිට යොදුන් හැටක් මග ගෙවා කිඹුල්වත් පුරයට පැමිණීම

වෙසක් පොහොය
v  බුදුන් වහන්සේගේ උපත සිදුවීම
v  බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීම
v  බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවීම
v  කිඹුල්වත් නුවරදී ශාක්‍යයන් ඉදිරියේ යමාමහ පෙළහර පෑම
v  බුදුන් වහන්සේ තුනවැනි වරට ශ්‍රී ලංකාවේ කැළණියට වැඩම කිරීම
v  ආනන්ද හිමියන් පිරිනිවන් පෑම
v  සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම
v  බොහෝ සිංහල බෞද්ධ රජවරු සිය අභිෂේක මංගල්‍ය සිදු කිරීම
පොසොන් පොහොය
v  මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ඇතුළු ධර්මදූත පිරිස මිහින්තලයට වැඩීම
v  ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිටුවීම.
v  දෙවන පෑතිස් රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්තිපදෝපම සූත්‍රය දේශනා කිරීම
v  ලංකාවේ සිදු වූ මුලම මහණ උපසම්පදාව වූ මිහිඳු හිමියන් සමඟ පැමිණි ධර්ම දූත පිරිසේ සිටි භණ්ඩුක කුමාරයා පැවිදිවීම

ඇසළ පොහොය
v  බෝසත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීම
v  සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය සිදුවිම
v  බුදුන් වහන්සේ බරණැස ඉසිපතනයේ දී පසවග තවුසන්ට දහම් දෙසිම
v  ප්‍රථම ධර්ම සංගායනාව රජගහනුවර වේහාර ධර්ම මණ්ඩපයේ දී පැවැත්වීම
v  රාහුල කුමරුගේ උපත සිදු විම
v  භික්ෂූන් වහන්සේලා පෙරවත් විසීම
v  කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු භික්ෂූන් ගෙන්වා මෙරට උපසම්පදාව නැවත ඇති කිරීම
v  මහනුවර, කතරගම, බෙල්ලන්විල, රත්නපුර, දෙවිනුවර, අලුත්නුවර, ඇම්බැක්කේ ඇසළ පෙරහැර පැවැත්වීම
නිකිණි පොහොය
v  ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම

v  පෙරවස් මගහැරී ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් එළඹෙන දිනය ඒම

බිනර පොහොය
v  ධූතාංග සමාදානය සිදුකිරීම (මුලික භික්ෂු විනයට අමතරව කෙළෙස් නැසිම පිණිස අනුගමනය කරන පිළිවෙත්)
v  මෙහෙණි සස්නේ ආරම්බය සිදුවිම

වප් පොහොය
v  බුදුන් වහන්සේ තව්තිසා දෙව්ලොවෙන් දඹදිව සංකස්ස පුරයට වැඩමවිම
v  මහා පවාරණය සිදුකිරීම
v  මෛත්‍රී බෝසතුන් පැවිදිවීම
v  සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම
v  ලංකා ශාසන ඉතිහාසයේ අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංගායනාව මහාරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් සිදු කිරීම

ඉල් පොහොය
v  එහතන් වහන්සේලා හැටනමක් වූ බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්මදූත පිරිස ධර්මය ප්‍රචාරය සඳහා ගමන් ඇරඹීම
v  සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම
v  පසුමස් පවාරණය, කඨිනචීවර පූජාව කළහැකි අවසාන දිනය වීම
v  චීවර මාසයේ අවසාන පොහොය මෙයයි

උඳුවප් පොහොය
v  ශ්‍රී මහා බෝධි දකුණු ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කිරීම
v  ශ්‍රී ලංකාවේ මෙහෙණ සස්නේ ආරම්භය සිදුවිම
v  සිරිපා වන්දනාව ආරම්භ කිරීම

No comments:

Post a Comment

Welcome Comments..!!!