Wednesday, January 16, 2013

අතීන්ද්‍රීය ඥානය




අධිමානසික සිද්ධීන් වර්ග 2කට බෙදා වෙන කල හැක. එනම් මානසික හා භෞතික වශයෙනි. මානසික අංශය Extra Sensory Perception (ESP) ලෙස හඳුන්වයි

පංච ඉන්ද්‍රේන්යන්ගෙන් තොරව පිටත සිදුවන සිදුවීම් දැනගැනීමට ESP යනුවෙන් හැඳින්වෙන එම අතීන්ද්‍රීය ඥාණයේ අංශ 3කි.
                             
                             දිවැස - Clairvoyance
                             පරසිත් දන්නා ඥානය - Telepathy
                             අනාග
 ඥානය - Precognition

පරිසරය පිළිබඳව පංච ඉන්ද්‍රියන් මඟින් ලබා ගන්න දැනුම නොහොත් සංනිවේදනයට වඩා අධිමානසික සංවේදනය ඍජු මාවතක් වේ. කෙසේ වෙතත්, අධි මානසික ශක්තීන් විද්‍යාගාර පරීක්ෂණ වලින් හෙළි දක්වා තිබුනද එය ක්‍රියාකාරී වන්නේ කෙසේද යන්න තවමත් බැරෑරුම් ප්‍රශ්නයක්ව පවතී.

ලොව පිළිබඳ දැනුම අප ලබා ගන්නේ පංච ඉන්ද්‍රියන් මත විශ්වාසය තබා ගනිමිනි.අපේ පංච ඉන්ද්‍රියට ස්වභාව ධර්මය හරියටම අහු වෙනවාද? නිසදුනක් වශයෙන් තත්පරයට කම්පන 16 000 ඉහල සංඛ්‍යාතයේ 'ශබ්ද' අපේ කණට නොඇසේ. සුනඛයන් හා වවුලන් වැනි අයට සතුනට ඊට ඉහළ සංඛ්‍යාත ඇසේ. වවුලනට 70 000ක් වැනි ඉහළ සංඛ්‍යාතයෙන් යුතු ශබ්ද වශයෙන් ඇසෙන බව පරීක්ෂණ අනුසාරයෙන් සොයා ගෙන ඇත.

මෙසේම අපට පෙනීම ඇති වන්නේද අලෝක තරංග වල එක්තරා සංඛ්‍යාතයක් තුලදීය. රූපයක් වශයෙන් නොව උෂ්ණයක් වශයෙන් අපට සංවේදී වන දෙයක් බකමූණන් විශේෂයට ඇස් වලට පෙනේ. මේවා පිළිබඳව වැඩි විස්තර භෞතික විද්‍යා පොත් කියවා දත හැකිය.

එබැවින් ලොව විනිශ්චය කිරීම පංච ඉන්ද්‍රියටම භාර කිරීම බුද්ධියෙන් පලා යෑමකි. එබැවින් අධි මානසික ශක්තීන් ගවේශණය කිරීමෙන් ලබා ගන්නා දැනුමද පංච ඉන්ද්‍රියන්ට සීමා වූ විද්‍යාව නව මඟකට යොමු කිරීමට උපකාර වෙනවා ඇත.

1934 දී මහාචාර්ය ජේ.බී.රයින්(J.B. Rhine) විසින් Extrasensory Perception නමින් වසර ගණනාවක් තමා කල පර්යේෂණ අලලා ඉතා වටිනා ග්‍රන්ථයක් පල කලේය. වර්ෂ 28ක් මොහුගේ අධිමානසිකාගාරය ඇමරිකාවේ ඩියුක් විශ්ව විද්‍යාලයේ අංශයක්ව පැවතුනි.

ඔහුගේ පරීක්ෂණ වලදී කාඩ් පත් ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එය කාඩ්පත් 25කින් සමන්විතය. ඒවායේ ඇත්තේ සරල රේඛාමය රූප සටහන් 5කි. අද ඒවා ESP කාඩ් වශයෙන් හැඳිවෙන අතර එම කණ්ඩායමේ සිනිර්(Zenar ) නම් තැනැත්තෙක් එය සැකසූ බැවින් Zenar Cards වශයෙන් ද හඳුන්වයි.

ඒවායේ ඇති සංඛේත නම්,


  1. වෘතය
  2. තරංග රේඛා 3
  3. සතරැස් කොටුව
  4. එකතු කිරීමේ ලකුණ
  5. තරුව



මේ එක් රූප සටහනකින් පහ බැගින් පිළියෙළ වූ විට කාඩ් 25කින් යුත් කට්ටලයක් සෑදේ. ESP වල  ස්වාභාවය, මිනිස් සිතේ ස්වභාවය පිළිබඳව භෞතික න්‍යායන් සැකසීම, නවීන විද්‍යාව හා ESP මානසික විද්‍යාව විශ්ලේෂණය, මානව විද්‍යාව හා ESP, අධිමානසික විද්‍යාව පිළිබඳ මාර්ගෝපදේශනය වැනි බොහෝ මාතෘකා ඔස්සේ ලොව පුරා පර්යේෂණ සිදු වෙමින් පවතී.




ESP ශක්තීන් වැඩි වශයෙන් බලපවත්නා විශේෂ පුද්ගලයින් සිටියද එම ශක්තීන් විටින් විට සාමාන්‍ය පුද්ගලයින් තුළද විද්‍යාමාන වන බව පෙනේ. උදාහරණයකින් මෙය බලමු. ඔබ ඔබේ නිවසේ පුටුවක නිදහසේ වාඩි වී සිටින විට හදිස්සියේ ඔබේ සිතට පරණ මිත්‍රයෙක් මතකට නැඟී එයි. වසර ගණනාවකින්වත් ඔබට ඔහු හමුවී හෝ, ඔහු ගැන ඇසීමට හෝ අවස්ථාවක් නොලැබුණි.නිකන් අහම්බෙන් මෙන් මතක් වීමක් පමණි. විනාඩි කීපයකට පසු එම මිතුරා ඔබේ දොරකඩ ලඟ පෙනී සිටිනු දැක "දැන් මතක් කලා විතරයි"කියනු ඇත. මෙවැනි අත්දැකීම් බොහෝ දෙනාට ඇත.

මෙවැනි දෙයක් අහඹු දෙයක් යැයි සිතනවාට වඩා 6වෙනි ඉන්ද්‍රියක් ගැන සැක කිරීමට සාධාරණ හේතු දැන් සොයාගෙන ඇත.

මෙසේ අපිට නොදැනෙන අයුරින් අපේ අධි මානසික ශක්තීන් ක්‍රියාත්මක විය හැක.කිසියම් කෙනෙකු හමුවීමට අපට යෑමට සිදුවූ අවස්ථාවක අපට නිකමට මෙන් ඔහුව අද මුණ නොගැසෙන බව දැනේ.ඇත්ත වශයෙන්ම අපට ඔහුව මුණ නොගැසී ආපසු ඒමට සිදුවේ.මෙබඳු දේවල් පවා අපට නොදැනී ක්‍රියාත්මක වන ESP ශක්තීන් විය හැක.

සියළු අහඹු සිදුවීම්  ESP සිද්ධීන් ලෙස වරදවා වටහා නොගත යුතුය.මේ නිසා අධිමානසික ශක්තීන් වල බලපෑම තෝරා බේරා ගැනීමට දුෂ්කර වී ඇත.අධිමානසික ශක්තීන් පරික්ෂා කිරීම සඳහා මාර්ගෝපදේශන යන හිසින් පර්යේෂණ පවා දියත් කර ඇත්තේ මේ නිසාය.

පර්යේෂණ වලදී සොයාගත් වැදගත් දෙයක් වන්නේ ESP වල ඍණ ස්වභාවක්ද පවතින බවයි. එනම් කිසියම් හේතුවක් නිසා කිසි කරුණකදී නිවැරදි පිළිතුර වෙනුවට වැරදි පිළිතුර අපේ සිතට පහල වීමයි

මෙය පරීක්ෂණයකින් පැහැදිලි කරගත හැක.කාසියක් බිම හෙළමින් එය වැටෙන පැත්ත කඩදාසියක ලකුණු කරනු ලැබේ.සමහරවිට ඔබ සලකුණු කරන පැත්ත නොවැටී පිට පිටම දිගු වාර ගණනක් අනික් පැත්ත වැටෙන බව නිරීක්ෂණය කල හැක.මෙය ESP පරීක්ෂණ වලදී Gold Effect ලෙස හඳුන්වනු ලැබේ.

පිට පිට බොහෝ වාර ගණනක් හරි පැත්ත කීමට හැකි අවස්ථාවල එය Sheep Effect ලෙස හැඳින්වේ. මෙය ESP පරීක්ෂණ වලදී සොයාගත් අපූරු සිදුවීමකි.

කිසියම් වැඩ පිළිවෙලක් හරියන කොට දිගටම හරි යන්නේ වරදින විට දිගටම වරදින්නේත් මේ නිසා දැයි සැක කල හැක. ඔබ ගමනක් යනවිට බසය වරදියි, ඔබ ගිය රාජකාරිය ඉටු නොවේ, වෙනත් මඟකින් ඔබ එය ඉටු කර ගැනීමට යද්දී එයත් වරදී, ආපසු එනවිට තවත් කරදරයකි.

තරඟ වල දිගටම දිනන අවස්ථාද,පරදින විට දිගටම පරදින අවස්ථාද එළබෙන බව බොහෝ අය දනිති

එහෙත් මෙවැනි සිදුවීම් සඳහා ESP මෙන්ම චිත්ත බලය (Psychokinesis - PK) බලපෑම්ද තිබෙන්නට ඇති ඉඩකඩ ගැන විද්‍යාඥයෝ විමසිලි වෙති. එනම් කිසියම් දෙයක් සිදු වෙන්නට කලින් ඒ විය හැකි දේ විය හැකි අන්දම අපේ සිතට අනාගත ඥාණයක් හැටියට අපට දැනෙනවාද එසේ නැතිනම් අපට එසේ සිතෙන නිසා සිතේ බලපෑමකින් අනාගතේ එසේ සිදුවීමට බලපෑමක් කලාද යන්න දැන් සංකීර්ණ ප්‍රශ්නයක් වී තිබේ. විශාල වාර ගණනාවක් දාදු කැට බිම පෙරළමින් පරීක්ෂණ සිදු කල අවස්ථාවල සම්භාවිතාත්මක අගය ඉක්වමින් සිතකට දාදු කැට උවමනා පැත්ත පෙරළිය හැකි බවටද දැන් සංඛ්‍යාත්මක තොරතුරු ලබා ගෙන තිබේ.

එබැවින් අධිමානසිකව දැනුවත්ව හෝ නොදැනුවත්ව අන්තර් ජාලයක් සේ ක්‍රියා කරමින් සිතෙන් බාහිරයට බලපෑම් සිදු කරන බවට සාධක සොයා ගෙන ඇත.එබැවින් සිත හයවැනි ඉන්ද්‍රිය ලෙස තේරුම් ගන්නා අවස්ථාද ඇත.බුදු දහමෙහි ඉන්ද්‍රියන් 6ක් කියවෙන අතර සිත මනේන්ද්‍රීය වශයෙන් නම් කර ඇත.

උපුටා ගැනීම:  අධි මානසික විද්‍යාව Parapsychology - මඩවල උපාලි හිමි

පින්තූර: 

ප.ලි.


මීට සමගාමීව යන තවත් බ්ලොග් ලිපියක් මම දුටුවා. මෙන්න ඒ ලිපිය: පින් කැමැත්තෝ කියවා පින් ලැබ ගනිත්වා...... දේව් ගේ අඩවිය


3 comments:

  1. මේක උඔ උපුටාගත්තු ලිපියක් නේ...මේක කියන්න ඕනි ලියපු කෙනොට.... :)

    මචං... අධිමානසික හැකියාවෙ කොටස් තුනක් නෙවේ....

    ඕව ඔය බටහිරයන්ගෙ ගොන් ආතල්

    මචං.... සමහර අය ඉන්නවා මනසෙ බලයෙන් යම් යම් වස්තු චලනය කරන්න පුලුවං අය...සමහර දේවල් මවන්න පුලුවං අය....උදාහරණයකට ගත්තොත් ගින්දර මවන්න පුලුවං අය....එතකොට ඒව ඔය උඩින් කියල තියෙන තුනෙන් මොකටද වැටෙන්නෙ....

    සරලව ගත්තොත් අධිමානසික හැකියාව කියන්නෙ අපි පංච ඉන්ද්‍රියන්ගෙන් කරන දේවල් ඊටත් එහා ප්‍රභලව මනසේ ශක්තියෙන් කරන ක්‍රමයකට...

    ඔය සමථ භාවනාවක් කරල ධ්‍යාන තත්වයකට හිත පත් කරල එතනින් පස්සෙ ඔය අධිමානසික බලය ගන්න හිත පුරුදු කරන්න පුලුවං...සමහර අයට උප්පත්තියෙන් ඔය හැකියා එනව...එක්කෙ පහුගිය භවයන් වල ඒ හැකියා පුරුදු කරපු නිසා...නැත්තං පුණ්‍ය ශක්තියෙන්..

    www.waharaka.com/mp3/2012/07/03/2012.07.03-8.samapaththiyakin.dakina.deya.mp3

    මෙන්න මේ දේශනාව අහල බලපං මචං...වහරක අභයරතනාලංකාර හාමුදුරුවන්ගෙ....හොඳට පැහැදිලි කරල දෙනව ඔය අධිමානසික ශක්තිය ලබා ගන්න හැටි ගැන...

    ReplyDelete
  2. ගොඩක් පින් මචං

    ReplyDelete