Wednesday, January 9, 2013

තාවකාලික හමුවීම



එන්න…
අපි හමුවෙමු
 යලි යලිදු මේ සොදුරු නවාතැන් පලේ…
ලැගුම් ගමු 
අපි 
තාවකාලික හමුවීමක සුවය අත්විද ගැනුමට..
ඉඩහසර ලබා ගමු 
අපි මේ තාවකාලික හමුවීම රසවත් කර ගැනුමට,
ඔබද මා ද එක්ව අපේම වූ ලොවක තනිවෙමු.
උනුන් දෙස බලා සැනසෙමු 
හිනැහෙමු
ස්නේහයෙන්
 උදාවන එක් අලුත් අලුයමක
 වෙන්ව යමු 
අපි 
නැවත නොහදුනන්නන් ලෙස වෙස් ගෙන…
කිමද සෝ සුසුම්,
කුමටද විරහ වේදනාවන්…
නුඹ නොමැති මගේ ලොවට මම යන්නෙමි තුටින්..
 අපි අපේ කරගත් ඒ කාලයක සිහිවටන මම දමා යන්නෙමි මේ තාවකාලික නවාතැන තුලම…
ඉදින් එන්න 
රදවා සිනාවක් මුවග,
එන්න නොපැකිලව මේ සොදුරු නවාතැනට…
අපි තුටින් අරඹන අපේ තාවකාලික හමුවීමට…

1 comment:

  1. ඇතුලාන්තය තුල ඇති අදහස ගොඩනගපු ක්‍රමය ලස්සනයි සරලයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...