ආරාධනා . . .
දේදුණු සඟවා සිහිනෙක . . . සුසුමක තැවරූ සඳවත . . .
මහවැලියේ නිල් දියවර අතර පෙනෙනවා . . . .
සෙවනැලි අතුරා එකිනෙක . . . සීතල රෑ මිහිදුම් මැද . . .
හන්තානම බලා ඉඳන් සුවඳ සොයනවා . . . .
දළුලන හිම වසන්තයක . . . සමනල් තටුවක නැoවුන
ඉඳුනිල් නෙත කඳුළු මතක අතර දිලෙනවා . . . .
මල්පෙති විසිරුණු සුලඟට . . . සඳකැන් තවරා හෙමිහිට . . .
සරසවි බිම සැරසීගෙන අපව සොයනවා . . .
-රොෂාන් නයනජිත් හේවාවිතාරණ-
මේකට නිසදැසකින්ම කොමෙන්ට් කරලා මං මොකටද චා වෙන්නේ නේද .... මාරම හැකියාවක් තියෙන්නේ මචෝ ...... සුභ පතනවා ...
ReplyDelete( අද්දැකීමක් අලලා ලියවිනිද ? )