Sample Text

Friday, January 11, 2013

දුම්පානය

දුම්වැටියක දිග සෙන්ටිමීටර් කිහිපයක්‌ වුවද එහි ශරීරයට විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. නිකොටින්, තාර, කාබන් මොනොක්‌සයිඩ් නමැති මරණය ගෙන දෙන විෂ වායුව, ඇසිටෝන් නමැති නිය සායම් දියකරන ද්‍රවණවල අඩංගු ද්‍රව්‍ය, ඇමෝනියා, ආසනික්‌ හා බෙන්සීන් නමැති කෘමිනාශකවල අඩංගු විෂ ද්‍රව්‍ය, බෙන්සොපයිරීන් නමැති මෙලොව ඇති ඉතා ප්‍රබලම පිළිකා කාරක රසායනික ද්‍රව්‍යය, කැඩ්මියම් නමැති විෂ ලෝහ වර්ගය ‍ෆෙර්මැල්ඩිහයිඩ් නමැති මිනී කල් තබා ගන්නා ද්‍රව්‍ය හා ටර්පන්ටයින් නමැති තීන්ත ද්‍රවකයක්‌ ලෙස යොදා ගන්නා ද්‍රව්‍ය ඉන් කිහිපයකි.

දුම්වැටියක්‌ දල්වා එහි පළමු දුම් උගුර මුඛයෙන් පෙණහළුවලට ඇතුළුවීමත් සමගම විෂ ද්‍රව්‍ය විනාඩි කිහිපයක්‌ ඇතුළත ශරීරය පුරා ගොස්‌ ශරීරයේ සියලු ම සෛලවලට ඇතුළු වී  සෛල තුළ ක්‍රියාත්මක වේ. එවිට සෛලවලට අවශ්‍ය පෝෂණය නොලැබී ශරීරයේ පටක ද අවයව ද දුර්වල වී රෝග සෑදීම පහසු වේ.දුම්බීමට කවර කාලයක්‌ නතු වී සිටියද යමෙකුට එකී නොමනා පුරුද්ද නතර කිරීමට අවශ්‍ය නම් එය නතර කළ හැකිය. ඉන් මිදීමේ සැබෑ අවශ්‍යතාව වේ නම් ඒ සඳහා මිනිස්‌ මනසට අවශ්‍ය ශක්‌තිය ඇත. යමෙකු කිසියම් මොහොතක “මා කරන්නේ වැරදි ක්‍රියාවකි. මෙය මටත් සමාජයටත් අයහපතකි. එහෙයින් මම ඉන් මිදීම සඳහා ක්‍රියා කරමි” යි කියා ඒ සඳහා උත්සාහ කරන්නේ නම් ඔහුට ඉන් මිදීම සඳහා එක්‌ දොරටුවක්‌ නොව දොරටු බොහෝ ගණනක්‌ විවර වනු ඇත.

1 comments:

දුම්පානය පොතක් කියවලා දැන් පහසුවෙන් නතර කිරීමට පුළුවන්.ඒ පොත කියවලා ඉවර උනාම ආයේ සිගරට් බොන්න හිතෙන්නේ නැහැ.පොත ඩවුන්ලෝඩ් කරගන්න මේ වෙබ් පිටුවට යන්න.
you can stop smoking easily and permanently just by reading a magic book. after reading this book you feel no temptation to smoke again.To download this book visit
http://www.facebook.com/easywaysrilanka

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More