a

Friday, January 4, 2013

ආසියාව ඇමරිකාව වන දවස...................



ආසියානු ආර්ථිකය නව මානයකට ගමන් අරඹා ඇත.කොරියානුහා චීනය  පසුගිය දශක කීපය තුළ අත් කරගත් දැවැන්තආර්ථික ඉදිරි පිම්ම ,ආසියාන් කලාපයේරටවල් හරහා මියන්මාරය හා ඉන්දියාව දක්වා පැතිරව ඇත.
ස්මාර්ට් දුරකථන සඳහා වෙළඳ දැන්විම් බෙදා හරිනඇමරිකානු ගුගුල් සමාගමට ආසන්නයටම පැමිණිමට සමත් වු ඉන්දියානු සමාගමක් තිබේ.ඉන්දියාවේසිලිකන් නිම්නය ලේස හඳුන්වන බැංගලෝරය මුලාස්ථානය කර ගත්InMobiසමාගමයි.රටවල්165 කට මිලියන 600ක ග්රහාක පිරිසකට තම ජාලගත වෙලඳ දැන්වීම් බෙදාහැරිමේහැකියාව එම සමාගම සතුය.




වෙලඳපොළ තරගකාරිත්වය දැඩි ඇමරිකානු හා යුරෝපාපාදක නොකට මුලිකව ආසියානු වෙළඳපොළ ආක්රමණය කිරිම මේ සමාගමේ මෙහෙයුම් න්යායයි.2009 දී එකවර ඉන්දුනීසියාවඇතුළු දකුණු හා නැගෙනහිර ආසියානු රටවල කාර්්යාල විවෘත  කරමින් ඉන්දියාවෙන් බැහැර වෙළඳ මෙහෙයුම් ආරම්භ කලමේම සමාගම අද වන විට ජපාන වෙළඳපොළ තුළ ද ස්ථායි ලෙස මුල් බැසගෙන සිටියි. සමාගමේ තරුණCEO Naveen Tewari ජපාන ආර්ථික පුවත් පතට ප්රකාශ කර තිබුනේ තම සමාගම බිහිකිරිමේන් පසු එහි රැකියාවට පැමිණි ඔහුගේ මව් පාසලවු  IndianInstitute of Technology හි දක්ෂ ශිෂ්යයින් ඔහුටසමාගම දැවැන්ත දියුණුවක් ලබා ගැනිමට දායක වු බවයි.

ලෝක යුද්ධයෙන් පසුව ජපාන ආර්ථිකය ඉතා කෙටි කාලයකින්දැවැන්ත දියුණුවක් ලැබුවේය. දැන් ආර්ථික විශේෂඥයින් පවසන්නේ අද ආසියානු රටවල ආර්ථික දියුණුව
එදා ජපානේ වේගයෙන් කීප ගුණයකට වඩා වැඩි බවයි.වසර
6ක් වැනි කුඩා කලයිකින් InMbobi සමාගම අත් කර ගත් දියුණුව ඒ සඳහා හොඳම උදාහරනයවනු ඇත.

මිල අධික අළුත්ම අයි ෆොන් හෝ සුඛෝපභෝගී යයි කියනුලබන louis vuitton බැග් භාවිතා කරනපාසල් සිසුන්ව ඇමරිකාවේ ජපානේ පමණක් නොව ඉන්දුනිසීයාවේද තායින්තයේද සුලබව දකින්න හැකිය.නවමධ්යම පංතියක් බිහිව තිබේ. එම පංතියේ පාරිභෝගික සංස්කෘතිය ඇමරිකාවේ හෝ ජපානයේ මධ්යමපංතිය හා සමානය.ඔවුහු අත වියදම් කිරීමට මුදල් තිබේ.වෙළඳපොළ පිළිබඳ සමික්ෂණ පවත්වන බ්රිතාන්යEuromonitor වාර්තා දක්වනේඉහල යන ආසියානු මිලදී ගැනිමේ හැකියාව වසර 2020 වන විට ආසියානුමධ්යම පංතික ජනගහනය බිලියන 2.3දක්වා වර්ධනය වනබවත් , ඇමරිකානුගේ මිලදී ගැනිමේශක්තිය ඉක්මවා යන බවත්ය.

තව දුරත් ආසියානු සංවර්ධන බැංකු වාර්තා දක්වන්නේආසියානු රජ්යන්හි GDP මේම වසර තුලදීලෝක අගයන්හි 30%කට පැමිනෙන බවත්එයට ජපානය,චීනය සහ අනිකුත්රටවල් වශයෙන් දළ වශයෙන් 10% බැගින් බේදා යන බවත්,2050 වන විට ලෝක අර්ථිකයේ50% හිමිකම් කිමට ආසියාවටහැකිවනබවත් ඉන් වැඩි කොටසක් ජපානය හෝ චීනය නොවන රටවල් වලටද අයත් වන බවයි.

ලෝක බංකුව 1993 දී නැගෙනහිර ආසියානු ආශ්චාර්යය
(
EAST ASIA MIRACLE:Economic Growth and Public Policy 、A World Bank Research Report)ලෙස නම් තැබු ආසියානු ආර්ථික පිම්ම ආරම්භ වී වසර 20 ක් වන 2013 දී ආසියානු ව්යාඝ්රයින්සතර දෙනට අමතරව තවත් බෝහෝ රජ්යයින් අළුත් ආර්ථික වේදීකාවක් ගොඩ නගමින් සිටියි.
වියට්නාමය, 2012 ඔක්තොම්බර් මාසයවන විට වියට්නාම ජාතික ආර්ථිකයට දැවැන්ත දායකතවයක් ලබාදෙමින් ජංගම දුරකථන අපනයන ඉහලමකාර්මික නිෂ්පාදන අපනයන අගය වාර්තා කිරිමට සමත් විය.ප්රධාන අයෝජකය කොරියානු සැමුසන්සමාගම.2009 දී වියට්නාමය තුළනිෂ්පාදන කටයුතු ආරම්භ කර වසරකට ජංගම දුරකථන යන්ත්ර මිලියන 100 බැගින් ජගත් වෙලඳපොලට නිකුත් කරමින්, මේ දක්වා වියට්නාමවෙලඳපොල තුල ප්රමුඛ අපනයන නිෂ්පාදකය වු ජපන කැනොන් සමාගම එක රැයකින් ඉක්මවා යමට හැකිවිය.
වියට්නාමය තුළ පමනක් නොවේ මියන්මාරය හෝ ඉන්දියාවතුළ ද දැවැන්ත ජපාන,කොරියානු සමාගම්අයෝජන යුද්ධ ආරම්භ කර ඇත. ඔහුහු තව දුරත් ඇමරිකානු හෝඅ යුරෝපා වෙලඳපොළ  මත රැඳී සිටිය නොහැකි බව අවබෝධ කරගෙන සිටියි.වෙළඳපොළ ඉල්ලුම සිග්ර ලේස වෙනස් වෙමින් පවතියි. විද්යුත් උපාංග බෝහොමය සොයා ගනු ලැබුවේඇමරිකාවේ හෝ යුරෝපයේ වුවද, එහි වෙලඳපොළ දශක කීපයකට පෙර ජපාන සමාගම් අත් කර ගත්හ.අදවන විට ඒ වෙලඳ පොළ චීන සහ කොරියානු නිෂ්පාදන විසින් අත් කරගෙන සිටියි. හෙට ඒ වෙලඳපොළටවියට්නාමය ,තයිලන්තය වාගේමඉන්දියාවද හිමිකම් කියනු ඇත.

පැවසිය යුතු කාරනය ඉතා සරලය.ආසියාව පුද්ගලික වව්යසායේ කාර්ය්යභාරය වටහාගෙන සිටියි. .නිෂ්පාදනයසහ සේවා රජය ප්රමුඛව මෙහෙයවමින් යා හැකි දුර සීමා සහිත බව  එම රටවල් අත්දෑකීමෙන්ම දනියි.. දේශිය ප්රජාව ද විදේශ අයොජකයින්වද අයෝජනය සඳහා පෙළඹවීමට බොහෝ දේ වෙනස් විය යුතුව තිබේ .අත යටින් ඉල්ලන දේවල් සඳහා තිත තිබිය යුතුව තිබේ..විදේශ අයෝජන ගෙන්වා ගැනිමත් ඉන් උපරිම ඵල ලැබීම යන කරුණසඳහානම් අයෝජන නිතී හා සීමාවාන් ,පහසුකම්  වලට වඩා බහුජාතික බුවල්ලන් පිළිබඳ ජාතික ෆොබියාවදුරු නොකරගෙන බැරිය.

පිංතුරය

http://www.digitalmarket.asia

2 comments:

  1. හොඳ ලිපියක් , ආසියාව ආර්ථික බලවතුන් වුනත් යුරෝපයේ සහ ඇමරිකාවේ ජීවන තත්වය ජනතාවට උදාවෙන්න සැහෙන කාලයක් ගත වෙන්න පුලුවන් (දකුණ්U කොරියාව සහ ජපානය මේ මට්ටමේ ඉන්නවා ) . චීනය කොයිතරම් දියුණු වුනත් මානව නිදහස අතිශයින් සීමාවන ඒකාධිපති පාලනයක් ඇතුලේ ආර්ථික වර්ධනයේ නිසි ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නෑ , ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පිලිවෙතක් අනුගමනය කරන ඉන්දියාව හරි ට්‍රැක් එකේ හිටියත් , අතෝරක් වෙච්ච දූෂණ , ආගමික සහ සමාජීය ගැටලු ඔවුන් ඉදිරියට තබ පියවර දෙකකින් එක හමාරක් ආපහු අදිනවා . ඔබ අන්තිමට මතුකරල තියන අනියත බියයි බොරු දේශප්‍රේමයයි නිසා අපි ආසියාවේ අනික් රටවල් දියුණු වෙනවා බලාන ඉන්නවා , දැන් ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ යන මිනිසුන් වෙනුවට ඉන්දියාවට හෝ ඉන්දුනිසියාවට බෝට්ටුවෙන් යන තත්වයක් උදාවෙන කනුත් අපි මෙහෙමම ඉඳියි !

    ආසාවෙන් කියවුව ලිපියක් !

    ReplyDelete
  2. අස්සාර්ය කොපි රයිට් අපේ හරිය.

    ReplyDelete