Sunday, December 23, 2012

ඉක්බිති...



ගසක් වෙලා ඔබ මල් නැගුවා රොනවුලෙහි සැරූ මට දැනුනේ නෑ
දොළක් වෙලා ඔබ ගලා ගියා මගෙ දෙපා යටින් මා දුටුවේ නෑ
බිමක් වෙලා අව් වැසි දැරුවා මං අහස නිසා දුර පෙනුනේ නෑ
ඇසක් දිය දිදී පණ සුන් කතරට වැසි හෙලුවා මට දැනුනේ නෑ

ඉරක් වගේ දුක පායා එනකොට හිතම දැවෙන්නැති කීවේ නෑ 
කඳුත් වැටෙන්නැති ඔබට රිදෙන්නැති පොළව නිසා ඔබ ඇඬුවේ නෑ 
මතක් වෙලා මම ආයෙත් එනකොට අහස යටින් ඔබ හිටියේ නෑ
වරක් රිදී මුළු අහසම දවසක බිම වැටුණා ඔබ දන්නේ නෑ


1 comment:

  1. වරක් රිදී මුළු අහසම දවසක බිම වැටුණා ඔබ දන්නේ නෑ
    ඒ අහස යටම මා තෙමුනා ඔබ බලාන හිටියේ නෑ.

    ReplyDelete