Thursday, December 27, 2012

බැලන්ස් කරමුද? නැත්නම් අනිත් එක බලමුද? (තෑගී නැති ප්‍රශ්න - 8)



කට්ටිය බලන්න ඇති නේ මේ සතියේ තෑගී නැති ප්‍රශ්නේ කෝ කියලා..! මේ අද දාන්න යන්නේ ඒ පෝස්ට් එක තමා.. 

මේ දවස් වල වහින වැස්ස හින්දා අපේ ගෙදරට කරන්ට් එක එන ලයින් එකේ අවුලක්.ඉතින් දවස් දෙකක් කරන්ට් තිබ්බෙත් නෑ.ඊයේ හවස (අඟහරුවාදා) තමා CEB එකෙන් ඇවිත් හදලා ගියේ.තව මගේ වැඩ වගයකුත් තිබුණා කරගන්න.ඉතින් ඔයින් මෙයින් වුනේ හැමදාම වගේ සතියේ මුල බ්ලොග් එකේ වැටෙන තෑගී නැති ප්‍රශ්න පෝස්ට් එක දාන්න කල්ගිය එක.මේ පෝස්ට් ඒක ලියලා තිබුනෙත් බාගේට.අනික් කාරණාව තමා මේ දවස් වල රෑ අපේ පැත්තට තියෙන සීතලත් එක්ක ඇහැරලා වැඩක් කරන්නවත් හිතෙන්නේ නැති එක.හොදට පොරවගෙන නිදාගන්න්නමයි හිතෙන්නේ.ඉතින් තාමත් කලින් පෝස්ට් එකට ආව කමෙන්ට් එකකටවත් රිප්ලයි එකක්වත් දාන්න බැරි වුනා.මීට කලින් අහපු ප්‍රශ්නෙට ලැබුණු කමෙන්ට් වලටත් රිප්ලයි කරලා තියෙන්නෙත් බාගේට. ඒවාට පස්සේ උත්තරේ දෙන්නම්.පට්ට කම්මැලියි මේ දවස් වල .ඒකයි.. 




ඉතින් අද ප්‍රශ්න දෙකක් තියෙනවා.හිතන්න පටන්ගමු එහෙනම්.. 

ප්‍රශ්න අංක 1 : 



මේ දීලා තියෙන වචන වලින් නොගැලපෙන වචනය මොකද්ද

1.FLOW 
2.SNIP 
3.TRAP 
4.DRAW 
5.BACK


ප්‍රශ්න අංක 2 : 


කෝසල කියන්නේ ව්‍යාපාරිකයෙක්. ඉතින් කෝසලට ඕනේ වුනා අළුතෙන් බැංකු ගිණුමක් ආරම්භ කරන්න.ඉතින් එයා ටවුන් එකේ අලුතින් විවෘත කරපු KIE කියන බැංකුවට ගොඩවැදිලා ගිණුමක් පටන් ගත්තා. කෝසල මුලින්ම තැන්පත් කරේ රුපියල් 100,000.00ක්. 



ඉතින් ඊටපස්සේ කෝසලට ආය බැංකුවට සල්ලි දාන්න ලැබුනේ නෑ.එයාගේ ව්‍යාපාර බංකොලොත් වුනා.ඉතින් අර KIE බැංකුවේ තැන්පත් කරපු සල්ලිත් 6 වතාවකදී ආපහු ගත්තා.කෝසල සල්ලි ගත්ත ඒවා හා ඒ ගත්තාට පස්සේ බැංකුවේ ඉතිරි වෙලා තිබුණු ගාණ ගැන පොතක සටහන් කරගෙන තිබුනා මේ විදියට.


අන්තිමේදී මේ Withdrawals හා Bank Balance Left එකතු කරලා බලද්දී (ඔය යටින් Total කියලා දාලා තියෙන්නේ ඒ එකතු කරපුවාම ආව ගණන්)  දෙපැත්ත බැලන්ස් නෑ කියලා කෝසලට පෙනුනා.ඒ කියන්නේ කොහේ හරි මිස් එකක් වෙලා වගේ පෙන්නේ.

ප්‍රශ්නය : ඇයි මේ දෙපැත්ත එකතු කරපු එක බැලන්ස් වෙන්නේ නැත්තේ?  

එහෙනම් ට්‍රයි කරලා බලමු නේ.. 



මේ දෙවෙනි ප්‍රශ්නේනම් හරිම ලේසියි.ඒත් පළවෙනි එක ටිකක් හිතන්න වෙයි.ඒක තමා වැදගත්ම ප්‍රශ්නේ මේ දෙකෙන්. හරි උත්තර ඉරිදා පබ්ලිෂ් කරනවා. උත්තර හේතුත් එක්කම කමෙන්ට් කරන්න.



ප.ලි : කලින් අහපු ප්‍රශ්නෙට හරි උත්තර දැක්කේ නැත්නම් මෙතනින් යන්න..

පිළිතුරු: 


1වෙනි එකට උත්තරේ BACK
මුල් වචන අග ඉඳන් මුලට ලිව්වොත් තවත් වචනයක් හදන්න පුළුවන්.

FLOW - WOLF
SNIP - PINS
TRAP - PART
DRAW - WARD

ඒ උනාට BACK කියන වචනෙ අග ඉඳන් මුලට ලිව්වහම තේරුමක් ඇති වචනයක් හැදෙන්නේ නෑ.

BACK - KCAB

2වෙනි එකට උත්තරේ, ඔය ක්‍රමය වැරදියි.ඉතිරිවෙන බැලන්ස් එක එකතු කරලා මුල් ගානට සමාන කරන්න බෑ.

උදා: රුපියල් 200කින් ගිණුමක් අරඹලා ඒ සල්ලි ටිකෙන් ටික ගත්තා කියලා හිතන්න.
පේනවනේ ඒක වෙන්නෑ කියලා. එහෙනම් එච්චරයි.

මේ වතාවෙත් හුඟක් අය උත්තර දීලා තිබුණා.ප්‍රශ්න දෙකෙන් එකකට හරි හරි උත්තරයක් දීලා තියෙනවනම් ගොඩ.තරගෙට ඇතුල් වෙනවා.උත්තර දෙකම හරි ගියානම් අවස්ථා දෙකක් හම්බවෙනවා.එහෙමයි මේකේ සීන් එක.හරිනේ?

පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ වෙච්ච Back කියන වචනේ මං බලාපොරොත්තු වුන උත්තරේට වඩා වෙනස් විදි වලින් පහදලා තිබුණා. ඒ හින්දා Back කියන එක හරියට කියපු හැමෝම තරඟෙට එකතු කරගන්න තීරණය කරා.ඒකත් හරිනේ එහෙනම්! :)

ප්‍රශ්නෙට උත්තර දුන්නු ඇනෝලා තරඟේ යන විදිය දන්නවා ඇති කියලා හිතනවා. 

එහෙනම් ඊලඟ සතියේ තවත් ප්‍රශ්නයකින් හම්බවෙමු. ජය!

71 comments:

  1. හොලි ශිට් .............අයි'ල් තින්ක් ඇන්ඩ් රිප්ලයි ලේටර් ....

    ReplyDelete
    Replies
    1. අඩේ! ඔහොම බැනලා යන්න එපා බං.මං පවුනේ. ;)

      Delete
  2. Tagi denwanam try ekak dala balana tibuna..(vihilwata).
    Reply eka Comment wagema vatinawa.
    Mama Niwadu yanawa..Alut Arudy hamuwemu
    2013...Jayawewa

    ReplyDelete
    Replies
    1. තෑගී දෙනවා උඩින් නෑ කියලා තිබ්බාට. මං හිතන්නේ ඒ ගැන කියපු පෝස්ට් එක ඔයාට මිස් වෙලා. මේ තියෙන්නේ ඒ පෝස්ට් එක.

      තෑගී නැති ප්‍රශ්න..

      Delete
    2. Mata Niwadu yana dena nada? Niwadu kalaya tula Lap,Mobil, Internet nati nisa 2013 Prasnakata utara denawa.
      Aniwa..Aniwa...Depa...
      Jayawewa

      Delete
    3. කොච්චර දවස් නිවාඩුද බං? 2013 එනවා කියන්නේ මේ කමෙන්ට් එක වැටුණු දවසේ ඉඳලා දවස් 12! එච්චර නිවාඩු දෙනවැයි?

      එළ එළ! එහෙනම් ඊලඟ අවුරුද්දේ හම්බෙමු.! ජය !

      Delete
  3. 2000 ත් දෙපාරකට ගත්තනම්..1000බැගින් ....එතකොට හරි.

    ReplyDelete
  4. 1- problem

    SNIP

    If you consider other four words they are starting with an even number letter
    (B=2,D=4,F=6,T=20). For the letter S, it is an odd number(19).

    2-Problem
    You can't add the balance left column like this way. Imagine if he withdraw Rs 100 two times. Then if you add balance left numbers corresponding to those two transactions it will give 99900+99800=199700. This does not make any sense at all.

    ReplyDelete
    Replies
    1. 1st answer is incorrect. bt 2nd answer is correct. so, u have one chance to enter the competition. :)

      Delete
  5. අදනම් ප්‍රශ්න ගැන හිතන්න වෙලාවක් නැතෝ..... වැඩ ගොඩගැහිලා පස්සේ බලමු....

    ReplyDelete
    Replies
    1. වැඩ ටික එහෙනම් ඉවරකරන් එන්න. තව දවස් තියෙනවනේ උත්තර දෙන්න.

      Delete
  6. මට හිතෙන විදියට විදියට 1ට උත්තරේ TRAP(අනිත් ඔක්කොම ක්‍රියා පද )...රටාවක් විදියට අවොත් උත්තරේ BACK වෙන්න ඕන.ඒ හැම වචනයකම තුන්වෙනි(3) අකුර වවල් එකක්,මේකේ වවල් එකක් එන්නේ දෙවෙනි (2)අකුරට.


    2ට. කෝසල වැරදි,බැංකු පොතේ පෙන්නන්නේ පොතේ ඉතුරු ගාණ, කෝසල හරියට සල්ලි අරගෙන තියෙනවා,බැංකු පොතත් හරියට අප්ඩේට් වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. 1.නෑ. ඒ විදිය නෙවෙයි.

      2.උත්තරේ මේක නෙවෙයි.මොකක් හරි දෙයක් අඩුයි කියලා හිතෙනවා.

      Delete
    2. මේකේ 1වෙනි උත්තරේ අන්තිමට BacK එන විදිය කියලා තියෙන හින්දා ඒ උත්තරේ ගන්නවා. එළනේ? :)

      Delete
  7. අඩේ පොටෝව පට්ට ඇ.නිකන් ice-age වගේ.

    ReplyDelete
    Replies
    1. හි හි හි.. ගූගල් දෙයියාගෙන් හොයාගත්තේ. :)

      Delete
  8. 1. Back - It couldnt read backwords.

    ReplyDelete
  9. මේ සීතලේ මේවා කල්පනා කරන්නද පුළුවන් ද බොල.....

    ReplyDelete
    Replies
    1. අපෝ පුළුවන්! කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නෑ සීතලේ මොළේ ටිකක් වෙහෙසුවාට. ;)

      Delete
  10. අනේ අම්මප මොලේ මඤ්ඤං වෙන කරටි හැලෙන පුරස්න නෙව මේවා..

    ReplyDelete
    Replies
    1. හයියෝ! දැන් දේශකයාගේ මොළේ මඤ්ඤංම වෙලාද මං දාන ප්‍රශ්න දැකලා?

      Delete
  11. 1. BACK - Anith ewa okkoma aga indan mulata wena wachana hadanawa
    2. depattha samana wenna ona kiyala ekak naa ne. eka ganithamaya widihata beluwoth hena boru ne :) mulinma 20,000k gattha kiyamu

    withdraw balance
    20,000 80,000
    10,000 70,000

    denatama balance eke ekathuwa 150,000k wela ne :)

    ReplyDelete
    Replies
    1. උත්තර දෙකම හරි ඇනෝ! එළ! :)

      Delete
  12. නොගැලපෙන වචනය තමයි BACK
    හේතුව තමයි අනිත් හැම වචනයකම අකුරු දකුනු පැත්තේ ඉදන් පිලිවෙලට හැදුවම තවත් වචනයක් හැදෙනවා.එත් BACK විතරක් දකුනු පැත්තේ ඉදන් පිලිවෙලට හැදුවම එහෙම වචනයක් හැදෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. චූටිගේ උත්තරේ හරියෝ! එළ! :)

      Delete
  13. අයි හේට් ගණිතය සෝ අයි මරැ. ටටා.......

    ReplyDelete
    Replies
    1. බට් අයි ලව් ඉට්.. සෝ ඔහොම මේවාගෙන් ඩෝන්ට් රන්අවේ අෆ්ෆා! මේවා ඊසීනේ.

      Delete
  14. පලවෙනි ප්‍රශ්නෙටBACK. හේතුව අනිත් පද හතරම අග ඉඳන් මුලට කියනකොට ලැබෙන්නෙත් තේරුමක් තියන වචන. නමුත් BACK වලදී එහෙම නෑ. හරිද?

    දෙවැනි එක කෝසල බැලන්ස් එක ලියල තියන විදිහ වැරදියි. 100,000/= පටන්ගෙන 50,000/=,25,000/= ආදී වශයෙන් ලිව්වනම් හරි.

    ReplyDelete
    Replies
    1. පලවෙනි උත්තරේ හරි.

      දෙවෙනි එකනම් වැරදියි. ඒක නෙවෙයි උත්තරේ.උත්තරේ පොස්ට් එකේ යට තියෙනවා.

      Delete
  15. මම දන්නවා ඒත් මට ෂුවර් නැහැ උඹ දන්නවද කියලා ඒක හින්දා උඹ හරිද කියලා බලන්නම් මම අන්තිමට.

    ReplyDelete
    Replies
    1. ඇත්තට! දැන් එහෙනම් කියමුකෝ බලන්න හිතපු උත්තර දෙක හරිද කියලා? :p

      Delete
  16. මෙව්වට මේ පුංචි මොලේ වෙහෙසන්න බැ අයියෝ......

    ReplyDelete
    Replies
    1. 1 back
      2 බැංකුවෙ තැම්පත් කරපු ගාන ගත්ත ගානට සමාන උනාට, ගද්දි ඉතුරු උන ගානෙ එකතුවට සමාන වෙන් නැහැනේ

      Delete
    2. @ සමනලී - කෝ බලන්න පුංචි මොළේ? පුංචි මොළත් මේවා විසදනවා හලෝ. :p

      @ පෙට්ටියේ අධිපති - කොහෙද බං මේ උත්තර කොටලා දාලා ගිහින් තියෙන්නේ? මොකෝ වුනේ? :p

      හැබැයි උත්තර දෙකනම් හරි. එළ!

      Delete
    3. අපොයි සමනළී ගෙ කතාව කියෙව්වට පස්සෙ මට ටැපලිලා අයියෙ. අවුලක් නෑ හරිනෙ නේද. :)

      Delete
  17. පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ BACK.. දෙවෙනි එකට නම් උත්තරේ දන්නේ නෑ. හැබැයි හොඳ වෙලාවට කෝසල ඔහොම සල්ලි ආපහු ගත්තේ. ඔයිට වඩා අඩු වාර ගණනකදී සල්ලි අරන් ඉවර කළා නම් තවත් ලොකු වෙනසක් එනවා.. ඔය ලියල තියන විදිහට. එයා දාපු මුදල ඔක්කොම ඔය අරන් තියන්නේ..

    ReplyDelete
    Replies
    1. චන්දනත් එහෙනම් හරි උත්තරයක දුන්නා නේ කොහොමහරි! එළ එළ! :)

      Delete
  18. පළවෙනි එකට උත්තරේ back. මොකද ඒක විතරයි ඒ වචන් වලින් අනික් පැත්තට කියවන්න බැරි.
    දෙවනි එකනං බෑ ඕං. මං කොහොමත් ඉලක්කම් හරඹ වලට කැමති නෑ :)

    ReplyDelete
    Replies
    1. පළවෙනි එකට උත්තරේ හරි මචන්! දෙවෙනි එකත් ලේසියි.අමාරු නෑ ඒකනම්

      Delete
  19. 1. උත්තරේ BACK. 3 වෙනි අකුර vowel එකක් නොවෙන නිසා.
    2. කොහොමද ගත්ත ගානයි ඉතිරියෙ එකතුවයි සමාන වෙන්නේ.

    Isuru

    ReplyDelete
    Replies
    1. උත්තර දෙක හරි ඉසුරු. :)

      Delete
  20. 1 ප්‍රශ්නෙට BACK

    2 ප්‍රශ්නෙට මංදා....

    අනිද්ද ලෝක විනාසෙ. උඹ මේ ප්‍රශ්ණ අහනවා

    ReplyDelete
    Replies
    1. 1 හරි.

      2. වැරදියි. :P

      ලෝක විනාසේ වුනේ නෑනේ. අපරාදේ නේ?

      Delete
  21. 1).BACK- anek hema padayakma aga sita mulata kiyawanakotath therumak thibena pada lebenawa WOLF,PINS,PART,WARD washayen. namuth BACK ehema neweyi.

    2)balance eka liyala thiyena widiya weradyi.

    100,000
    -50,000 =50,000
    -25,000 =25,000
    -10,000 =15,000
    - 8,000 = 7,000
    - 5,000 = 2,000
    - 2,000 = 0.0
    harida malli?

    ReplyDelete
    Replies
    1. පළවෙනි උත්තරේ හරි. දෙවෙනි එක නම් ඒක නෙවෙයි උත්තරේ.ලියලා තියෙන විදිය නෙවෙයි අවුල.බැලන්ස් එකතු කරන්නේ නෑ කොහොමත්. උදාහරණයක් මං පොස්ට් එකේ අන්තිමට දැම්මා.ඒක බලන්නකෝ. එක උත්තරයක් හරි ගිය හින්දා තරගෙට ඇතුල් වෙනවා. :)

      Delete
  22. දෙවෙනි ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්නම්.
    ඉතිරිය එකතු කරාට කොහොමත් තැන්පත් කරපු මුදල එන්නෙ නෑනෙ.

    ReplyDelete
  23. පලවෙනි එකට නම් Back තමා උත්තරේ...
    වචන අනිත් පැත්ත ගැහුවම අනිත් ඔක්කොටම අදහසක් තියෙන වචන එනවා( WOLF , PINS , PART, WARD ), මේකට නෑ :)

    දෙවැනි ප්‍රශ්නෙ නම් කියන්නේ තියෙන්නේ මහා ගොන් වැඩක් නේ කරලා තියෙන්නේ , එහෙම එකතු කරන්න ඕනෙද , පිස්සුවක්නේ ..

    -පූර්ණ-

    ReplyDelete
    Replies
    1. පූර්ණගේ උත්තර දෙකත් හරි. ගූගල් එකවුන්ට් එකක් නැද්ද ?

      Delete
  24. ෂා..ප්‍රශ්නයක් තියනවා දැකලා ආවේ :) ඒ උනාට ඔය දෙවැනි ප්‍රශ්නේ හරියට ඇම්පියර් 2 ද වෝල්ට් 3 ද ලොකු? කියලා ඇහුවා වගේ ප්‍රශ්නයක් නේ. හික්. පලවෙනි එකටනං BACK ද? අනිත් එව්වා ක්‍රියා පද. මේක ක්‍රියා පදයක් වෙන්න නම් "up" වගේ එහෙකුත් අමුණන්න වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. 1 වෙනි එකට උත්තරේ back..

      ඔය මුල් වචන 4ම අග ඉඳන් මුලට ලිව්වහමත් තවත් වචනයක් හැදෙනව

      flow ----> wolf
      snip ----> pins
      trap ----> part
      draw ----> ward

      ඒ උනාට back කියන වචනෙ අග ඉඳන් මුලට ලිව්වහම එහෙම වචනයක් හැදෙන්නෙ නෑ..

      back ----> kcab

      * හැම වචනෙම තුන් වෙනි අකුර ස්වරයක් කියන එකත් හරි උත්තරයක්නෙ ඉෂාන්.. අන්තිම එකේ විතරක් ස්වරය තියෙන්නෙ 2වෙනි ස්තානෙ.. ඔබ බලාපොරොත්තු වෙන උත්තරේ ඒක නොව්නට ඒකත් හරි උත්තරයක් තමයි..

      සමීගේ පුංචි ලෝක‍ය

      Delete
    2. ඕ. මං බලාපොරොත්තු වුන උත්තරේ ඒක නෙවෙයි.ඒත් අන්තිමේදී ඒ උත්තරෙත් ගත්තා.තව දෙන්නෙක් විතර හිටියද කොහේදෝ ඔය විදියට කියපු.ඒ විදියත් හරිනේ. ඒකයි. :)

      Delete
    3. සයුරිත් හරි එහෙනම්. :)

      මේ ප්‍රශ්නේ දැකලා ආවනම් ඉස්සරහට අහන්න ඉන්න ඒවාටත් ඇවිල්ලා උත්තර දෙයිනේ එහෙනම්? :)

      Delete
  25. 2වෙනිඑක නම් හරිම ලේසියි.. ඕක මේ පොඩි මෙව්ව එකක්නේ.. මෙහෙමයි .. ඉතිරිය කියන දේ එකතුවක් විදිය්ට ගන්න බෑ.. ම්ම් ඉන්නකො බලන්න මට මීට වඩා පැහැදිලි කරන්න පුලුවන්ද කියල

    අපි බැන්කුවෙන් සල්ලි ගන්න වාර ගණන වැඩිවෙන්න වැඩි වෙන්න බැංකුවෙ ඉතිරි වෙන වාර ගණන වැඩි වෙනව.. ඉතින් ඒ වාර ගණන් වැඩි වෙනව කියන්නෙ ඉතුරු වෙන මුලු ප්‍රමාණයත් වැඩි වෙනවා.

    උදාහරණෙකුත් දෙන්නද..

    ඔය ඉස්සෙල්ලම ගත්ත 50000 කියන ප්‍රමානය 25000 කොටස් දෙකකට ගත්තයි කියමු..
    දැන් එතකොට ;
    withdrwls වල එන්නෙ මේ විදියට 25000+25000+25000+10000+8000+5000+2000 = 100,000

    withdrwals වලට සල්ලි ගන්න වාර ගණන බලපෑමක් වෙන්නෙ නැති බව පේනවනෙ,.

    දැන් බලමු ඉතිරිය
    75000+50000+25000+15000+7000+2000+0= 174,000

    ඔන්න සල්ලි ගන්න වාර ගණන අනුව 'ඉතිරි උනු ප්‍රමානෙ එකතුව' වෙනස් වෙන හැටි පේනවනේ..

    මෙතන කරල තියෙන්නෙ 99,000 ට ඒ එකතුව හදපු එක.. එතකොට ගාන දිහා බලන කෙනාව ඇන්දෙනව පටස් ගාල .. හී හී..

    1වෙනි ප්‍රශ්නෙට උත්තරේ තව හිතන්න ඕනි. ඒකනං බෑ වගේ. :(

    සමීගේ පුංචි ලෝක‍ය

    ReplyDelete
    Replies
    1. නියම පැහැදිලි කිරීමක් සමි. මට ඕක කියාගන්න විදියක් හිතාගන්න බැරි උනානේ..

      Delete
    2. සමී ප්‍රශ්නේ,උත්තරේ නියමෙට පැහැදිලි කරලා තියෙනවා.එළ ඈ..! :)

      Delete
  26. මොකෝ බන් හැමදාම ප්‍ර‍ශ්නම අහන්නෙ...වෙනස් දෙයක් ලියපන්කො...

    ReplyDelete
    Replies
    1. ලේසි වැඩේනේ. සතියට එකයි. මේ වතාවේ වෙලාවක් තිබුනේ නෑ බං වෙන විදියේ එකක් ලියන්න. ළඟදීම වෙනස් ඒවා එනවා. :)

      Delete
  27. කෝ මේ ඉෂාන් අයියා... සද්දයක් නැහෙනේ ?
    කොල්ලව උස්සලවත්ද ?

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ.මං යහතින් ඉනෝ. මේ දවස් වල වැඩ ටිකක් තිබුනා.ඒකනේ ඔහොම වුනේ! :)

      Delete
  28. මොකාද බොලේ මේ පාර දින්නේ?

    ReplyDelete
    Replies
    1. නම් ටික ලිව්වේ නෑ බං.උත්තර හරියට දීලා තියෙන අය ගොඩ කියලා හිතාගන්න.:)

      Delete
    2. හරි අය ගැන ඒ කමෙන්ට් වල ලියලා තියෙනවා. :)

      Delete
  29. මට කොමස් එච්චර බෑ..
    එච්චර බෑ කියන්නේ කොහොමත් බෑ..
    ඒකනිසා මං උත්තරෙං පලා යනවා...

    ReplyDelete
    Replies
    1. තාමත් පලා යන ගමන්ද තරියෝ! ;)

      Delete
  30. හුරේ දෙකම හරියට ඉස්සල්ලම මම තමා කියල තියෙන්නෙ. ජය වේවා (මං තුමාට)

    ReplyDelete