Tuesday, December 11, 2012

ආදරේට ආදරේ කරන්න......

ආදරේ කරනවා නම්....
හදවතින්ම අවන්කවම ආදරේ කරන්න...
රුවට,නමට,හඩට ආදරේ කරන්න එපා...
ආදරේ කරන ඒ හිතට බොරු කරන්න එපා...
ආදරේ කරන ඒ හිතට කිසිදෙයක් හන්ගන්න එපා...

අවන්ක ආදරයක අවසානය විවාහයෙන් අවසන් වෙනවා
අවන්කවම ආදරේ නැත්නම්......
ආදරේ කරන හිතට බලාපොරොත්තු දෙන්න එපා...
සුළු මොහොතක සතුටක් වෙනුවෙන්
ජීවිතයක් අදුරු කරන්න එපා...
දන්නවද......
ආදරේ නිසා දුක් විදින් ,විදවන හිත්
මේ ලෝකේ කොයිතරම් ඉන්නවද කියලා...
ඒත්..ඔබ නොදන්න දේකුත් තියනවා..ඒ තමයි,
මේ ආත්මයේ එහෙම දුක් විදින්නේ,,ගිය ආත්මයකදි
ආදර හිත්වලට දීපු දුකක ප්‍රතිපලයක් නිසයි...
ඒක ඇත්තම ඇත්තක්.....
කවදාවත් ආදරය කරන හිතකට දුකක් දෙන්න එපා...
හිතක් බිදින්න ...හිත් දෙකක් වෙන් කරන්න උදව් වෙන්න එපා...
ආදරේට ආදරේ කරන්න....ජීවිතෙ සුන්දර වේවී....

4 comments:

  1. හරිම අපූරු සිතිවිල්ලක්...

    ReplyDelete
  2. ඇත්තටම ගොඩක් වටින අවවාදයක්! ආදරයක් පටන් ගන්න කලින් කව්රුත් මේ ගැන හිතනවා නම් වටිනවා.

    ReplyDelete
  3. කෙනෙක්ව දැක්ක ගමන් මුලින්ම ඇති වෙන්නේ ආකර්ශනයක්. ඒක ආදරේට පෙරලුනේ නැත්නම් ආකර්ශනය නැති වෙච්ච දාට ඒ කෙනාවත් එපා වෙනවා !

    ඒ ගැන පෝස්ට් එකක් ලියන්නත් හිතෙනවා :)

    ReplyDelete
  4. අනිවා ඩෙෆා...නියම සිතුවිල්ලක්...පට්ට

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete