Sunday, December 2, 2012

පාත ඉදන් අපි ආවෙමි නාමල් පූජා කරන්න

            බුදු රදුනි, ජාති කුලමල උස්මිටි කම් අතර විරසක වූ රෝගී වු සමාජයකට ඔබ වහන්සේ දේශනා කළේ පන්ති ප්‍රාන්තරයකින් තොරවූ පොදු ධර්මතාවයක්, ඒ උතුමි දහම් දෙසද්දී සෑම හඩ මාත්‍රයක්ම ස්පර්ශ වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ නමදින්නට පාත මාලයේ සිට ඉහළ මාලයට එන්නට නොහැකිව සිටින අපට එක්වරක් හෝ ඔබ වහන්සේට නමස්කාර කරන්නට අවසරයි.

අනේ දළදා හාමුදුරුවනේ වඩිනු මැනවි හිත් පිරිසිදු අත් පිවිතුරු අප වෙනුවෙන් පාත මාලයට

පබැදුම:- රතන ශ්‍රී විජේසිංහ
ගායනය:- වික්ටර් රත්නායක 

පාත ඉදන් අපි ආවේ නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න//

හීල් හෙවනෙ ඉදගෙන බෑ....
හේන් කුඹූරු වැඩ කරන්න
පෙළපත කළු වුනත් අපේ 
කිළි කුණු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ  පාත මාලයට වඩින්න....

පාත ඉදන් අපි ආවේ නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න

මූදු ගියා ලෙලි තැලුවා
පිළී ගදින් බෑ මිදෙන්න //
ඒත් අපේ මල් සුවදයි
එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න....

පාත ඉදන් අපි ආවේ නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න



2 comments:

  1. adai awe me paththe..
    hodai digatama liyanna machan...

    ReplyDelete
  2. ගොඩාක් ලස්සන ගිතයක්...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete