විවිධ

Powered by Blogger.

Monday, November 26, 2012

තවත් සෙල්ලම්බඩු ඉල්ලුවොත් ඕනෙ එකක් අරංදෙන්ඩ සෑර්. අපි ගෙවනවා. අපෙ උන්ට ඔය කුරුම්බැට්ටි මැෂින් තියෙන්නෙ..!

ලංකාවේ දැන් දැන් සිදුවන දේ ගැන කල්පනා කරමින් ලේ කෝප කර ගන්නට ගියොතින් වන්නේ අපේ ආයුෂ කොට කර ගන්නටය. එනිසා මහ එකාලට පොඩි එකාලට සහ ඒකලාට කඹුරන එකාලට ඕන කුදයක් ගහ ගන්නට හැර කට සහ පු* වසා දන්නේ නෑ දැක්කේ නෑ මෙන් සිටීම දැන් මගේ සිරිතය. ඇරත් ඒවා ගැන ලේ කෝප කර ගත්තා කියා අපිට කරන්නට පුළුවන් ලබ්බක්ද නැත. යම් හෙයකින් මොනයම් හෝ එහෙයියන් මාරුවකින් මේ යකා ගියත් එන්නේම මේ වගේම යක්කු බව දන්නා නිසා නිහඬව සිටිනු ඇරෙන්නට වෙන කරන්නට ඇති දෙයක්ද නැත.

ලංකාව චන්ද්‍රිකාවක් යවන්නට යන බව ලංකාදීපය වාර්තා කොළේ මීට මාසයකට පමණ පෙරය. එය කියවා කමෙන්ට් දැමු පිටරට සිටින ඈයෝ ලාබෙට ලංකාවට කෝල් ගැනීමටත් ලංකාවේ සිටින ඈයෝ ලාබෙට පිටරට චැනල් බැලීමටත් සිහින දකිමින් සිටියා මට මතකය.

අනේ සාදු..! අපිටම කියලා චන්ද්‍රිකාවක්..!

ලංකාවේ සිදුවන සියළුම නාඩගම් අතරේ "චන්ද්‍රිකා" නාඩගම [කලින් පෙන්නු විජය-චන්ද්‍රිකා නාඩගම නොවේ වෙන නාඩගමක්] බලාගෙන, ආතල් එකේ චන්ද්‍රිකා උඩ යන හැටිද බලා සිටින අතරේ, අපහට ඇස ගැසුනේ අපූරු විඩියෝවක්. ඒ අභ්‍යවකාශ ඉන්ජිනේරු [වෙන්ට අචාර්යය] රොහිත කුමරු "අද දෙරණට දීලා තිබුණු ඉන්ටර්විවු එකක් [ඒක බලන්න මෙතන කොටන්න]

ඒකට අනුව, මේ චන්ද්‍රිකාව ලංකාවට අයිති වුවක් නෙමෙයි, එය අයිති චීනෙට. ඒක තියෙන්නේ ලංකාව උඩ අහසෙත් නෙමෙයි.  [වෙන්ට අචාර්යය] රොහිත කුමරුට අනුව අපේම අපේම අපේම කියලා චන්ද්‍රිකාවක් යවන්නේ 2015.

අන්තිමේ අපි කරලා තියෙන්නේ චීනෙට චන්ද්‍රිකාවක් යවන්න සල්ලි වියදම් කරපු එක විතරයි. මේ ගැන හරි අපුරූ සටහනක් දාලා තිබ්බා කණාමැදිරියා, කියවන්න "සිහින දකින කුමාරයා-CHINA SAT 12"


චීන කොඩිය අමාරුවෙන් වහලා, ලංකාවේ කොඩිය විතරක් පේන්න ගනිපු චන්ද්‍රිකාවේ ෆොටෝ එකක්, මෙන්න අපේ චන්ද්‍රිකාව "Proud to be a Sri Lankan" කියලා කට්ටිය ඒක ෆේස් බුක් එකේ ශෙයාර් කරද්දි ඇත්තටම මට මන් ගැනම දුක හිතුනා [ඒ බත් හරකුනුත් මගේ ෆ්‍රේන්ඩ් ලිස්ට් එකේ ඉන්න එක ගැන].

මට මතකයි මීට මාස කීපයකට කලින් ෆුටා 6% ස්ට්‍රයික් එක වෙලාවේ අධ්‍යාපනයට වෙන්කරන්න මුදල් නෑයි කියලා කට්ටිය නූලට තිතට ගණන් හදලා ඉරි ගහලා කොටු ගහලා ඔප්පු කරලා පෙන්නපු හැටි. ඒ අය මේ ගැන නම් සද්දයක් නෑ.

ඒ අතරේ මේ චන්ද්‍රිකාව ගැන හදලා තිබ්බ සින්දුව දැක්කම මට සන්සාරේ කියලා හිතුනා. ආච්චිලා, සියලා, නැන්දල මහප්පලා පුන්චි අම්මලා පුතාලා දුවලා හැමෝම මහ දවල් කට ඇරන් චන්ද්‍රිකා යන හැටි බලනවා.




"අපිට මොටෝ අජින මොටෝ" කියලා මේවට කට වහගෙන ඉන්න නම් ඇහැකි. ඒත් මේ බබාලගේ හීන වලට කවදහරි වන්දි ගෙවන්න වෙන්නේ අපේ දරුවන්ට කියලා හිතෙන කොට තමයි හිත කිරී ගැහෙන්නේ.


මේ ගෑන; ඕන දෙයක් ආතල් එකෙන් ගන්න චාමි සෑමා අපූරු ස්ටේටස් එකක් දාලා තිබ්බා. ඔය පහතින් උපුටා දක්වා තිබෙන්නේ ඒක.
---------------------
මගේ පොඩි උන් දෙන්නාගේ වගේම අනෙක් අයගේ දරුවන්ගේද සතුට ගැන මම හැකි පමණ සැලකිලිමත් වෙමි. තමා ප්‍රිය දෙයක් ලද විට දරුවෙකුගේ මුහුණේ ඇ‍ඳෙන තෘප්තිමත් සිනහව කාලාන්තරයක වෙහෙස අමතක කරවයි.

ගරු ජනාධිපතිතුමනි,
ඔබේ දරුවාගේ මුහුණේ තෘප්තිමත් සිනා පොදක් නංවන්නට මට හැකි දෙයක් මමද කරමි. ඔබේ දරුවාගේ සෙල්ලම් සැටලයිට් සිහිනය මල්ඵල ගැන්වීම සඳහා එක් ලාංකීය පුරවැසියෙකුට රුපියල් 2300 බැගින් මා, මගේ බිරිඳ සහ දරුපැටවුන් දෙදෙනා සඳහා වැටෙන රුපියල් 9200/- ක මුළු චීන ණය මුදල කිසිදු ප්‍රමාදයකින් තොරව නියමිත කාලය තුලදී කෙසේ හෝ ගෙවා දැමීමට මා පියවර ගන්නා බව සතුටින් දන්වා සිටිමි.

(ප/ලි - තවත් සෙල්ලම්බඩු ඉල්ලුවොත් ඕනෙ එකක් අරංදෙන්ඩ සෑර්. අපි ගෙවනවා. අපෙ උන්ට ඔය කුරුම්බැට්ටි මැෂින් තියෙන්නෙ...)

----------------------

ප.ලි: මමනම් දැන් හිත හදාගෙන ඉවරයි. අපේ අනාගත ජනපති කඩවසම් නාමල් කුමරු, ආරක්ෂක සහ විදේශ කටයුතු පිළිබඳ ඇමති යෝශිත රාජපක්ශ, වරාය, සිවිල් ගුවන් සේවා, අභ්‍යවකාශ කටයුතු පිළිබඳ ඇමති ආචාර්යය රෝහිත රාජපක්ශ. අධ්‍යාපන ආමාත්‍ය මාලක සිල්වා [මේ වන විට උසස් අධ්‍යාපන අමාත්‍යංශයක් නැති බව සැළකිය යුතුය]. රජයේ මාධ්‍ය ප්‍රකාශක රංග ජයවර්ධන හෝ - [ඇමති උපදේශක චතූෂ තුෂර කුමාර. කාටද ආඩම්බර..? අපිටනේ]

මෙහෙම වෙනවට අකමැතිනම් කරන්න ඕන පොල්පිති විප්ලව කරන්න යන එක නෙමෙයි [දැක්කනේ බොරැල්ල හන්දියේ ඔපරේශන් වැලිකඩ..?]
1. හැකි ඉක්මනින් ලංකාවෙන් බටහිර අධිරාජ්‍යවාදි යුදෙවු ක්‍රිස්තියානි රටකට තොලොන්චි වීම [අහසින් හෝ බෝට්ටුවෙන්]
2. එය නොහැකිනම් රජයේ මොකෙක්ට හෝ කොක්ක ගසා රජයේ හිතෛශීවන්තයෙක් වීම [මෙය අතුරේ යන්නාක් මෙන් කළ යුතු දෙයකි, ශිරාණි බන්ඩාරනායකද ලංකා බැංකු සභාපතිද කළකට පෙර මෙලෙසම රජයේ=පවුලේ හිතෛශීවන්තයන් වූ බව සිහිකටයුතුය]
3. එයත් නොහැකිනම් කට සහ පු* වසාගෙන, දන්නේ නෑ දැක්කේ නෑ මෙන් වාසය කිරිම [ඔවු මම මේ කියන්නේ දැන් ජීවත් වෙනවා වගේම ජීවත් වෙන්න කියලා]

4 comments:

මාතලන් said...

උඹ මගුලක් කතා කොරනවා. අපි දැන් සංවර්ධිත රටක්

ඒක පුග්ගල ආදයම ඩොලර්ම දෙදාහක්.

මට දුක එයාගේ ලමයි ඉල්ලන දේවල් ඔක්කෝම දෙනවා. අර අරගෙන හදාගන්න එකා උදේ ඉඳන් රෑ වෙනකන් අඬ අඬා ඉල්ලන 13 අරන් දාන එක කොරන්නේ නෑනේ. පේනවනේ හදාගත්ත දරුවන්ට කොරන අසාධාරන කම්.

සරත් අමු ගොම මහත්තයා කියලා තියෙන්නේ ආන්ඩුවට සල්ලි නැතෙයි කියලා. ඉස්සරනම් ආන්ඩුවෙන් බැංකුවලට ණය දුන්නලු. දැන් බැංකූ ආන්ඩුවට ණයට දෙනවලු. එහෙමත් බැරි නම් සල්ලි අච්චු ගහන්න වෙනවලු. අච්චු ගහලා ලංකාව පුරාම හෙලිකොප්පරේකින් බෙදුවම වැඩේ අහවරනේ.

Anonymous said...

සංවර්ධිත රටක ලොකු හීන තියෙන්නත් එපායැ. අපේ පොඩි උන්ට පොඩි හීන තිබ්බට. නියමෙට ලියල තියෙන්නෙ.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...


චන්ද්‍රිකාව ගැන මුණු පොතේ හොඳම එව්වා යන්නේ SlMeme වල . අනික් උන් ඉතින් අර "බත්...." තමා . දීලා තියන ඔප්ශන් වලින් පලවෙනි එකට තමයි මගේ පැලැන් , බැරි වුනොත් දෙක . තුන නම් මට ටිකක් අමාරුයි !

SilentSahan said...

ko ban dan meka thama ape wishwaye doratu arinna thiyena kiwwa ekamamaga kiwa aya?
ape as kan naas nathi hinda hondai..
amathaka una moleth naha...wadagathma eka..

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය