Sunday, November 11, 2012


අන්තර්ජාලය කියන දේ අපි හැමෝම මේ වෙනකොට භාවිත කරනවා. ඒකට වයස් භේදයක් නෑ. හැමෝටම අන්තර්ජාලය කියන දේ ගොඩක් උදව් වෙනව වගේම තමයි ඒ තුළින් අන්තර්ජාලය නොමනා භාවිතයටත් බොහොමයක් දෙනා පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අන්තර්ජාලය එක්ක ගනුදෙනු කරන අයට FB ACCOUNT එකක් නැතිවෙන්නෙ එහෙමත් වෙලාවක. මෙතැනදි ගොඩදෙනෙක්ට යාළුවො හම්බවෙනව වගේම තමයි මේ හින්ද රට වටේ තියෙන කරදර පටලවගන්න වෙලාවලුත් එමටයි. තමන්ගෙ ජීවිතේ නොතේරුම්කමට කරපු දෙයක් හින්ද තේරුම්කමක් තියෙන වයසකදි තමන්ට ඒක මානසික පීඩාවක් වෙනවනම් ඒ කරුණම මොනතරම් UPSET ද? ඒත් මේ වගේ දෙයක් හින්ද මානසික පීඩාවට ලක්වුණු තරුණියක් පසුගියදා තමන්ගෙ සුන්දර ජීවිතයෙන් සදහටම සමුගත්තා. ඈ තමයි AMANDA.


AMANDA MICHELLE TODD කියන්නෙ වයස අවුරුදු 15ක කැනේඩියානු ජාතික තරුණියක්. ඇය පසුගිය ඔක්තෝබර් 10 වැනිදා සවස 6.00 වෙන්න මොහොතකට පෙර සදහටම තමන්ගෙ ජීවිතයෙන් සමුගෙන යන්නට තීරණයක් අරගෙන තිබුණා. මේ වෙනකොට AMANDA ඉගෙන ගත්තෙ 10 වැනි පන්තියෙ.  සියදිවි හානි කරගන්නට හේතුවූ කාරණා සියල්ල YOUTUBE එකට මුදාහරින්නටත් AMANDA අමතක කළේ නෑ. 2012 ඔක්තෝබර් 7 වැනිදා  පළ කළ විස්තරය ඔක්තෝබර් 13 වැනිදා වෙනකොට මුළු ලෝකය පුරාම පැතිර ගියා. මින් අනතුරුව කැනේඩියානු පොලිසිය FACEBOOK තුළින් පරීක්‍ෂණ ආරම්භ කළා. ඇය විසින් YOUTUBE වෙත මුදාහළ කරුණු සියල්ල මේ සඳහා ඔවුන් උපයෝගී කරගනු ලැබුවා.

  
ඇය 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේ VIDEO CHAT මඟින් හමුවූ මිතුරකුගේ ඉල්ලීමක් මත තම ළැම පෙදෙස කැමරාව ඉදිරියේ නිරාවරණය කරන්නට වුණා. ඉන්පසුව ඔහු දිගින් දිගටම ඇයට කරදරයක් වන්නට පටන් ගත්තේ ඇයගේ නිරුවත් ඡායාරූප තමන් සන්තකව පවතින බවත්, නැවත ඒ ආකාරයට නොසිටියහොත් එම ඡායාරූප හා වීඩියෝව අන්තර්ජාලයට එක්කරන බවත් ප්‍රකාශ කර සිටිමින්. නමුත් ඇය එකී තරුණයාගේ යෝජනාවට අකැමැති වූ නිසා ඔහු AMANDA ගේ නිරුවත් ඡායාරූප ඇයගේ පාසලේ මෙන්ම ප්‍රදේශය පුරාද බෙදාහැර තිබුණා. මෙයින් මහත් මානසික පීඩාවට ලක්වූ ඇය සියලුම අන්තර්ජාල ක්‍රියාකාරකම්වලින් ඉවත් වුවත් ඇයගේ ඡායාරූප හා වීඩියෝ යොදාගෙන තරුණයා AMANDA ගේ නමින් නව FACEBOOK ගිණුමක් ආරම්භ කළා. මෙම සිදුවීම්වලින් ලැජ්ජාවට හා මිතුරු මිතුරියන්ගේ අවමානයට ලක්වූ ඇය තම නිවැසියන්ද සමඟින් පදිංචි ප්‍රදේශයෙන් ඉවත් වූ අතර තම පාසලද වෙනස් කළා. මේ වන විට ඇයගේ මානසික පීඩනය මකා ගන්නට මත්කුඩුවලට හා මත්පැන්වලටද ඇබ්බැහි වුණා.

ඇයගේ ඡායාරූප යොදාගෙන නව FACEBOOK ගිණුමක් පවතිනවා යැයි දැනගත් AMANDA දෙවැනි වරටත් තම පාසල මාරු කළා. එම පාසල තුළදී වැඩිමහල් සිසුවෙක් AMANDA හා ආදර සබඳතාවක් පවත්වාගෙන ගිය අතර ඔහු ඇයව අත්හැර ගියේ ඇයට අතවර කිරීමෙන් අනතුරුවයි. අවසානයේදී ඔහු AMANDA ට පැවැසුවේ තමා ඇයගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලය තුළින් නරඹා ඇති බවත් එම නිසා AMANDA සමඟ සම්බන්ධතාවක් ඇති කරගත් බවත්ය.



මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන පොලිසිය වයස අවුරුදු 32 අයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින අතර අන්තර්ජාල හා සම්බන්ධ වී මෙවන් ව්‍යසනයන්ට පත්වූවන්ට මානසික උපදෙස් හා නීති ක්‍රියාමාර්ග ගතහැකි විධිමත් ආයතනයක් තිබිය යුතු යැයි ප්‍රකාශ කරන ඇගේ මව CAROL මේ වන විටත් ඒ වෙනුවෙන් මුදල් රැස්කිරීමේ අරමුදලක් පිහිටුවා තිබේ.

තම ජීවිතයෙන් සමුගැන්මට පෙර ඇයගේ තරුණ ජීවිතය බිලිගත් අන්තර්ජාලයටම ඇය වැදගත් කරුණක් එක්කර තිබුණා. ඒ කවර ලෙසවත් නිවැරැදි කරගැනීමට නොහැකි වූ ඇගේ දුක්බර කතාවයි.



‘I can never get that photo back’ යනුවෙන් ඇය අන්තර්ජාලයට කරුණක් එක් කළේ අන්තර්ජාලයට එක් කළ කිසි ඡායාරූපයක් කිසිදාක නැවත ගන්නට නොහැකි බවයි.



- රජිත බස්නායක

0 comments:

සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget