Friday, October 12, 2012

සුදුලූණු සහ මීපැණි කෑවොත් ලෙඩ අඩුවෙයි, දිවි දිගු වෙයි.

මම සුදු ලූණු ගැන ලිපියක් කලින්ම පළ කළා ඔබට මතක ඇති. එක නැවත බලලම ඉන්න.

ටික දිනකින් ලියන්න බැරි වුණා. නමුත් මගේ හදිසි වැඩ නිසා මෙහෙම පමාවෙනකොට මටත් නොදැනිම මගේ බ්ලොග් එක මට අමතක වෙනවා. අන්න එහෙම ඉන්න වෙලාවක මට මේ ඊය ලැබුණා. මට මතක් වුණා මට මගේ ලිපි කියවන්න සූදානම් මගේ මිත්‍රයො රොත්තක් සිටින වග. මේ ඉන් කෙනෙක්. ඔබට ස්තුතියි දේශකයා. ඔබ කලණ මිතුරෙක්....

"හිතවත් මහවෙදනෙනි, ඔබගේ ගැඹුරු ලිපි එනතුරු වෙද ගෙදර පාළුවට නොයවන්න. ඔබගේ ශාස්ත්‍රය ලිපි වෙනම ටැබකට ගොනු කර උඩින්ම කියා ඇති පරිදි ඔබගේ පාරම්බෑම් ‍මෝඩකම් පුරසාරම් වලින්ද වෙදගෙදර ‍පුරවන්න. එවිට බුලත් විටක් හපන්නට‍ හෝ නට්ටිය එනු ඇත. ඔබ කියන්නේ පුරමසාරම් වැඩි පුර තියෙන බවක් නිසා ඒවා වැඩි පුර යොදන්න. අප ඒ සියළු දේ බැලීමට සුදානම්. ඔබ අත්කර ගෙන ඇති තත්වය වර්ධනය කර ගැනීමට මාගේ අවංක අදහස ප්‍රකාශ කළෙමි. සිතු දෙයක් කිරීම ඔබ සතුය. අවාසනාවට මාද පෝස්ට් 20 ක් පමණ ලියා ඇතත් තවම කියවන ප්‍රමාණය අඩුය. එසේ හෙයින් ඔබව කියවන අය අඩු කර නොගන්නේ ‍නම් හොද බව හගිමි. මෙම ‍කමෙන්කටුව පලකිරීම අවශ්‍ය නොවේ."

ඔබ දැන් දන්නවනේ මගේ රැකියාවේ විස්තර එතකොට මගේ වෙන වෙන කටයුතු පිළිබඳව. ඒ නිසයි මේ පමාව. නැතිනම් හපන්කම්, පුරසාරම්, සහ මෝඩකම් වලින් මගේ කෝෂ්ඨාගාරය පිරිල තිබෙන්නේ. ඉන් කොටසක්වත් ඔබ හමුවට ගෙන ඒමම මට මහත් සතුටක්.

අපි බලමු දැන් මී පැණි ගැන.....
ඔබ කියවා ඇති විද්‍යාචක්‍රවර්තීහුගේ බුත්සරණ කාව්‍යය. එය ඇරබෙන්නේ මෙසේයි.
"සුවයෙහි මිහිරි දන්නා දුක් හි දැඩිකම් දන්නා"
එහිම තවත් තැනෙක,
"නව බග සඳක් මෙන් මිහිරි වන්නා කැමති.....සත්පුරුෂයන් විසින් බුදුන් සරණ යෙමි"
මේ ආදී ලෙසින් සරල වූත් ඉතාමත් සුගම පද මෙහි පබඳෑ ඇත.

බුදුන් සරණ යාමෙන් සත්පුරුෂයනට ආධ්‍යාත්මික මිහිරකුත්, බැහැරි සිතන, දකින, අයට තමන් මිහිරි වන නියායෙකුත් එම පද වලින් පැහැදිලි කෙරේ.
එනම් ඇස, කන, නහය, දිව, ශරීරය යන මේ පසිඳුරන් සතප්පන, පිනවන, සනසන, සියල් දෑ මිහිරිය.
මිහිරට නොකැමැත්තෙක් සොයා ගැනීම ම උගහටය.

මලින් බර වසන්තය මී පැණි වලින්ද ආඪ්‍යය. එනිසා වසන්තය මංගල්‍යය කාලයකි. මහා කවි කාලිදාසයෝ සෘතු සංහාරයෙහි වසන්ත සෘතුව මෙසේ වර්ණනා කෙරෙති.
"ප්‍රඵුල්ල චූතාඬ්කුර තීක්ෂණ සායකො ද්විරේඵමාලා විලසධනුර්ගුණඃ
මනාංසි භේත්තුං සුරතප්‍රසඬ්ගිනාම් වසන්තයෝධඃ සමූපාගතඃ ප්‍රියේ!

තවත් තැනෙක,

ද්‍රමාඃ සපුෂ්පාඃ සලිලං සපද්මං ස්ත්‍රියඃ සකාමඃ පචනඃ සුගන්ධිඃ
සුඛාඃ ප්‍රදේෂා දිවසාශ්ච ර්‍යාඃ සර්වං ප්‍රියේ! චාරුතරං වසන්තේ"

"සොඳුර! සුපිපි අඹමල් නැමැති ඊ ඇති මී මැසි පෙළ නැමැති බබළන දුනුදිය ඇති, වසන්තයෝ තෙමේ රති කෙළියෙහි ඇලුනවුන්ගේ සිත් බිඳින්නට සපැමිණි යේ ය.

සොඳුර! වසන්ත කාලයෙහි සැම දෙයම අතිශයින් මනහර ය. වෘක්ෂයෝ සුපුෂ්පිතයහ. ජලාශයන් පියුමින් යුක්ත ය. කාන්තාවෝ රති කෙළියෙහි ලොල් යහ. සුළඟ මල්සුවඳින් අමෝදිත ය. මෙසේ වසන්තයේ සියලුම දේ මනහර යහ.


මිනිසා පමණක් නොව සියලු සත්වයෝ මිහිරට බොහෝ කැමතිය. මිහිරි සෑම දැයටම මී පැණි උපමා යැ. ගී සිංදු කනට මී පැණි දමනා සේ සමහරුනට මිහිරිය. තවකෙක්ට බුදු බණ එපමණකටම මිහිරිය. පිළිස්සුණු කයට මී පැණි තැවරීම ම සැපකි. බිඳක් ඇස ලෑමෙන් ඇසේ පෙනීම තවත් පෑදේ. මිපැණි ඉඳුරන් සනසයි. මතුද නොව ජරා මරණ දෙකද ඈත් කරයි. එබැවින් මී පැණි සැබවින්ම අමෘතයකි.

මී පැණි වනාහී මී මැස්සා නැමැති කුඩා පතඬ්ගයෙක් විසින් මල්වලින් එකතු කර ගන්නා යුෂයෙන් නිපදවන අර්ධ ඝන ස්‍රාවයකි. මිනිසා මව් කුස පිළිසිඳ ගත් දින සිට අවසන් හුස්ම හෙළනා තෙක් දිවි ගමනේ නොයෙක් අවස්ථාවලදී මී පැණි ඔහුට උපකාරී වේ.

මිනිස් කලලයේ හදවතෙහි රිද්මය ආරක්ෂා කර ගැනීමට ඉතාමත් විශ්වාසදායී ඖෂධයකි.

මී පැණිවල රසානික සංයුතිය මෙතනින් බලා ගන්න පුළුවන්.

මෙතනිනුත් පුළුවන්.

ඔන්න මේකත් බලලමු ඉමුකො.

තව විස්තර ඕනෙනම් මේකත් බලන්න පුළුවන්.

අපේ බ්ලොග් කාරිණියන් අතර සිටින පළපුරුදුම මනා හැකියාවක් ඇති අංක එකේ බ්ලොග් කාරිනියක් වන සොදුරු සිත මගෙන් කළ ඉලීමක් තමයි මේ ඉටු කරන්නේ.

හොදින් වියලාගත් තදින් වැසිය හැකි පිරිසිදු ජෑම් බෝතලයක් ගන්න. එහි 1/3 පමණ ප්‍රමාණයක් මී පැණියෙන් පුරවා ගන්න. එයට පිරිසිදු කරගත්, පොතු ඉවත් කළ සුදු ලූණු ගෙඩි බික් ගලවා දමන්න. භාජනයෙන් මී පැණි සහ සුදු ලූණු සියල්ලම මුළු පරිමාවෙන් 2/3 විය යුත්යි. ඉතිරි ප්‍රමාණය හිස්ව තබන්න.

දැන් මේ භාජනය හොදින් වසා දින කීපයක් තබන්න. මී පැණිවල ඝන තත්ත්වය අඩු වී එය දියාරු වූ පසු දිනකට එක් සුදු ලූණු බික බැගින් දිනපතාම උදේට හිස්බඩ ආහාරයට ගන්න. මෙය දිනපතා කිරීමෙන්,

1. ශරීරය කෙට්ටු කර ගැනීමට හැකියි.
2. හදවතේ බලය වැඩි වේ.
3. දියවැඩියාවෙන් ආරක්ෂා විය හැක.
4. කොලෙස්ටරෝල් ප්‍රශ්න ඇති නොවේ.
5. මලබද්ධයෙන් තොරව දිනපතා උදේ ශරීරකෘත්‍යයට විශාල පහසුවක් ඇති කරයි.
6. ඇසට ප්‍රියයි. ඇසේ පෙනීම දියුණු කරයි.
7. උණ අතිසාර ආදී රෝග වලින් පීඩිතව සිට සුව වෙමින් එන අවස්ථාවේදී ආහාරයක් ලෙස ඉතාමත් හිතකරයි.
8. ජීවාණු වලින් ආරක්ෂා කරයි.
9. චිර ජීවනය ලබා දෙයි.

අත්දුටුවයි…... සත්තයි…….

___සතුට ඇති කරයි_____!!!!!

95 comments:

  1. කරලා බලන්න වටිනා දෙයක්. අවුලකට තියෙන්නේ මට සුදු ලුණු අප්පිරිය එක තමයි. :)

    ReplyDelete
    Replies
    1. මේක රසයි අනේ.... සුදු ළුණු රසකට වඩා මීපැණි රසයි එන්නේ....

      Delete
    2. හිරු කියන දේ හරි. මේ ක්‍රමේට ආහාරයට ගන්න කොට සුදුලූණු රසයට වඩා එන්නේ මී පැණි රස. අනික ප්‍රතිඵල වටිනවනේ ඔන්න ඔහේ කාල දාන්න.

      Delete
    3. මමත් මේ ලිපිය දැකලසදුලූනු කන්න පටන් ගත්ත මම හිතනව ප්‍රථිඵල ලැබෙයි කියල.පින්සිදුවේවා.....

      Delete
    4. මමත් මේ දෙය කෑමට පටන්ගත්ත... ප්‍රථිඵල ලැබෙයි කියල හිතනව....පිංසිදුවේවා...

      Delete
    5. අද මමත් හැදුවා.

      Delete
  2. වටිනා දෙයක් දැනගත්තා.. ජය!!

    ReplyDelete
  3. ඕක ඉස්සර අපේ අම්මා හදලා තාත්තට දෙනවා.. දැ තාත්තට දියවැඩියාවයි ප්‍රෙෂරුයි රටේ නැති ඔක්කොම ලෙඩ ියෙන නිසා දැන් නං පාවිච්චියක් නෑ....

    මාත් ඕක පටන් ගන්න ඕනේ..... ස්තූතියි මතක් කලාට......

    ReplyDelete
    Replies
    1. /* ඕක ඉස්සර අපේ අම්මා හදලා තාත්තට දෙනවා.. දැ තාත්තට දියවැඩියාවයි ප්‍රෙෂරුයි රටේ නැති ඔක්කොම ලෙඩ ියෙන නිසා දැන් නං පාවිච්චියක් නෑ.... */

      බුදු අම්මෝ!

      Delete
    2. ඔව් ඔබ හරි. මේවා රෝගී වීම වලකන දේ පමණයි. මම කලිනුත් කියා ඇති පරිදි පරිස්සමින් ආහාර ගන්නා. ඒ වගේම ව්‍යායාමයටත් තැනක් දී දිවි ගෙවන, මානසික විවේකී පුද්ගලයන්ට මෙවැනි රෝග සෑදෙන්නේ නැහැ. නමුත් මේක ඖෂධයක් නෙමෙයි මෙවැනි දේට තමයි ෆුඩ් සප්ලිමන්ට්ස් (Food Supplements) කියන්නේ.

      ඔබ ඉහත ප්‍රවේසම් ජිවීතයට හුරු කෙනෙක් නම් මින් බොහෝ උදව් ලැබෙයි.

      Delete
  4. අනිවාර්යයෙන්ම කරන්න ඕනි. කෙට්ටු කෙනෙක් මේ දේ පාවිච්චි කලොත් තව දුරටත් කෙට්ටු වෙන්නේ නැතිව ඇති නේද? :)

    ඔබතුමාට මතක ඇති සමහර විට, මට ෆැටි ලිවර් තත්වය ඇති වී තිබුනා. මෙතනදී කියපු ආකාරයට කරපිංචා කැඳ වලින් ඉහල ප්‍රතිඵල ලැබුනා.. බොහොම ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. රාමා අහන්නත් සතුටුයි ඔබ මගේ උපදෙස් පිළිගැනීම මට මහත් සතුටක්!!!!

      ඔබේ මොනවා කෙට්ටු වෙන්නද :D

      බය වෙන්නෙ එපා කලුවර අඳුන ගෑවා වගේ වෙන්නෙ නැහැ. කෙට්ටු වුවත් දියවැඩියාව, කොලෙස්ටරෝල් ඇති වෙනවා. ඒ නිසා ආහාරයට ගැනීම වැදගත්.

      Delete
    2. රාමා සහෝ අහල තියන්නෙත් මං අහන්න හිතාගෙන ආපු ප්‍රශ්නයම තමා. මොකද මම ටිකක් කෙට්ටුයි.:)

      Delete
  5. සුදුළුනු බැදලානම් රහයි..පොඩි ප්‍රස්නෙකට තියෙන්නේ ඒවායේ සුවද තමයි ..

    ReplyDelete
    Replies
    1. සුවඳ ගැන නම් හිතන්න එපා.

      Delete
    2. ඉදලා හිටලා සුදු ළුණු බැදලා සෝස් දාලා රෝස් පාං කනවා.... හික්.....

      Delete
  6. මේ බෙහෙත අපේ ගෙදර දැනටත් භාවිතා වෙනවා ප්‍රතිපලත් මම දැක තිබෙනවා ....

    කුරුදු කුඩු සහ මී පැණිත් හොද බෙහෙතක් නේද ?

    ReplyDelete
    Replies
    1. අගෙයි නොවැ රොබින් . කුරුඳුත් ඉතාමත් හොදයි.

      Delete
  7. බොහොම ස්තුතියි වෙදැදුරු තුමා. අම්මා මේවා කාව බව මතකයි. මටත් මෙය අත්‍යවශ්‍ය ආහාරයක් මැයි. පාවිච්චි කර ගුණාගුණ කියන්නම්.

    ReplyDelete
  8. අනේ වෙද මහත්තයො....
    මට තියෙන ප්‍රශ්නෙ නිකං රැවුලයි කැඳයි වගේ ප්‍රශ්නයක්...
    මම මහතත් නෑ. සීනී කොලෙස්ටරෝල් ප්‍රෙෂර් අර්ෂස් මොකුත් නෑ... දෙයියනේ කියලා.
    හදවතත් ශේප්... කැතමත් නෑ... ඇස් පෙනීම නං ඩිංගක් අඩුයි...
    ඒත් මේක අත්හදා බලන්න ආසයි..
    ඒත් ඉන්න ටිකෙන් බාගෙයක් වෙයිද දන්නෙ නෑ මේක කාලා...
    දැනටමත් බොහොම කෙට්ටු වෙලා ඉන්නෙ උදේ හවා දෙපාරක් කිලෝ මීටර් 2.4 ක් ඇවිදලා...

    ReplyDelete
    Replies
    1. ඔබ කොහොමද තවත් කෙට්ටු වෙන්නේ??????

      බය නැතුව කන්න. නෝනට කියලා බෝතලයක් ගෙන්නා ගන්න. මම ඕනෙ නම් හදලා දෙන්න. කස්ටම් ලියවිලිත් ඕනෙනෙ ඒවත් දෙන්නම්.

      Delete
  9. සුදු ලූණු කෑමේ එක් අනිසි ප්‍රථිඵලයක් තමයි අධෝවාත යෑම.

    ඊට කලින් පියකටන රාම වාත පවා සුදු ළූණු සුවඳ ගන්නවා.

    මෙය මීපැණි නිසා නැතිවේද?

    ReplyDelete
    Replies
    1. අධෝවාත යන එක හොදයි. එතකොට ගැස්ට්‍රයිටිස් හැදෙනවා අඩුයි. කුරුදු කුඩු ස්වල්පයක් මේකටම කලවම් කලාම ගඳ එන්නෙ නැහැ. ගුණෙනුත් වැඩියි.

      Delete
  10. මගේ යාලුවෙක් මේ වගේ ලංකාවේ හදපු බෝතලයක් ගෙනත් තිබුනා දැක්කා බර අඩු කරගන්ට කියලා...ගෙදර හදාගන්නවාට වඩා පහසුයි එහෙම කරන්ට පුලුවන්නම්. ඒ විදියේ හොඳ සුදු ළුනු සහ මී පැණි බෝතලයක් ගන්ට හොඳ තැනක් තියනවද? මට නෙමේ අප්පච්චිට.:)

    ReplyDelete
    Replies
    1. ආයූර්වේද ඔසුසල් වල විකිණීමට තිබෙනවා. නම් ගැන නම් කියන්න බැහැ. තරහා වෙන්න එපා. ඊ මේලක් එවන්නම් ඕනෙ නම්.

      Delete
  11. කාලම බලන්න ඕනෙ.. ස්තුතියි දැනුවත් කිරීමට..

    ReplyDelete
  12. දින කීපයක් කියන්නේ කීයද....?
    අර වැඩේටත් හොඳයි කියන එක ඇත්තක්ද...?
    පීනසටත් හොඳද....?

    වෙද මහත්තයෝ මේ වගේම කුරුඳු වල ගුණ ගැනත් කිව්වනම්.. මොකෝ මම දැකපු බොහෝ විදේශිකයින් කුරුඳු සමග තේ පානයට බොහෝම ප්‍රියයි..

    ඔක්කොමත් හරි ආසාවට සුදූළුණූ ව්‍යජනයක් කාපු දවසට පැත්ත පලාතේ ගන්නේ නැති එකට මොකෑ කොරන්නේ....?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් දින හතක් පමණ තිබ්බාම ඇති.
      අර වැඩේ කිව්වේ.......... ආ මම හිතන එකමද මන්ද... මට නම් ඒකටත් හොදයි......
      කුරුඳු ගැනත් ලියන්නම්කො. සමහර විට මේකටම කුරුඳු පොතු කීපයක් හෝ කුඩු ස්වල්පයක් මිශු කරනවා. එවිට ගඳත් අඩු වෙනවා.
      සුදුලූණුවල සල්ෆර් තිබෙනවා ඒකයි මේ ගඳට හේතුව.

      Delete
  13. වෙද මහත්මයා අගනාම ලිපියක් ඉතා හොඳින් අපට දැනුම ලබා දෙනවාට පිං.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. දැනටත් මම සමකයට එනවා.

      Delete
  14. අවතාර් හොය හොය හිටපු දෙයක් වෙදනා අද දීලා තියෙන්නේ ස්තූතියි
    අනිවාර්යෙන්ම කරනවා

    ReplyDelete
  15. අපේ ගෙදරත් ඔය වැඩේ යනවා දරුණුවට.. අම්මට කොලෙස්ට්‍රෝල්නේ
    ඔක්කොමත් හරි සුදුළූණු ගදනේ දිරවන්නේ නැත්තේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජෙක් කියන්නේ ව්‍යංජන 64 එක් වේලකට ගන්න කෙනෙක්ට. මේ ව්‍යංජන අතර සුදුලූණු අඩංගු ව්‍යංජන බොහොමයි. දන්නවද රජෝ. ඒකනෙ අම්ම රජාට සුදුලූණුම දෙන්නෙ.

      Delete
  16. මේ වැඩේ කරන්න ඕනේ. මගේ බඩේ තියන තෙල් තට්ටුව දැනට ව්‍යායාම සමග ආහාර පාලනය මගින් ගොඩක් අඩු කරගෙන ඉන්න නිසා මේ වැඩෙන් තවත් පහසු වෙයි හිතනවා. කොහොමත් මම සුදුළුනු කන්න හරි මනාපයි. සුදුළුනු මාළුව එහෙම පෙන්නන්න බෑ මට. බාගයක් මගේ ළඟ.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි අයට මින් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකියි.

      Delete
  17. මමත් සුදු ළූණු කන්න කැමතියි.. ගඳත් එච්චරම අවුලක් විදියට දැනෙන්නෙ නෑ.. ඉතින් මේක ට්‍රයි කරල බලන්න ඕනේ.. කඩවල් වල තියෙන මී පැණි වල තත්වය හොඳ ද නැද්ද කියල බලන්නේ කොහොම ද? ඉස්තරම් කිතුල් පැණි කියල පොල් පැණි විකුණනව වගේ දේවල් මී පැණි වෙළදාමෙත් ඇති නේ ද?

    ReplyDelete
    Replies
    1. ඔතන තමයි අවුල තියන්නෙ. ලංකාවේ මී පැණි නම් හොයා ගන්න එක අවුලක්. ඔයාටම මම කියන්නම් ඔසී මී පැණි තියනවා ආයූර්වේද සංස්ථාවේ අන්න ඒක හොදයි. ඒකෙන් ගන්න.

      Delete
    2. මේ කමෙන්ටුව සහ පිළිතුර දැකල මම සංස්ථා අලෙවිසැල් තිබෙන තැන් ගැන හෙව්වා.

      මේ ලිපිනයේ අලෙවිසැල් තිබෙන ස්ථාන දක්වා තිබෙනවා..

      Delete
    3. නාවින්නේ තියෙන එක ද ආයුර්වේද සංස්ථාව කිව්වේ?

      Delete
  18. මමත් සුදු ළූණු කන්න කැමතියි.. ගඳත් එච්චරම අවුලක් විදියට දැනෙන්නෙ නෑ.. ඉතින් මේක ට්‍රයි කරල බලන්න ඕනේ.. කඩවල් වල තියෙන මී පැණි වල තත්වය හොඳ ද නැද්ද කියල බලන්නේ කොහොම ද? ඉස්තරම් කිතුල් පැණි කියල පොල් පැණි විකුණනව වගේ දේවල් මී පැණි වෙළදාමෙත් ඇති නේ ද?

    ReplyDelete
  19. හරියන්නෙ නෑ මට කෙට්ටුවෙන්න උවමනා නෑ ඒකහින්දා මහත කාටහරි කියනවා.

    …බ්ලොග් ලියන එකත් කොටිවලිගයක් අල්ලගත්තා වගේ තමා මොන වැඩ තිබුනත් ඒකටත් දැන් කාලය යොදවන්න ඕනා මිනිස්සුන්ට බලාපොරොත්තු දුන්නනම් ..........

    ReplyDelete
    Replies
    1. කෙට්ටු නොවුනට කමක් නැහැ. රජෙක් වුනත් වැඩක් නැහැ ලෙඩෙක් වුනොත් ඒ නිසා ලෙඩ නොවී ඉන්න.

      Delete
  20. මට තියෙන ගැටලු මේවයි.

    දිනපතා ගත්තට කමක් නැද්ද?

    දිනකට ගන්න ඕන ප්‍රමාණය කොහොමද? වැඩියෙන් ගත්තොත් වැඩි ප්‍රතිඵල තියෙනවද?

    ස්තුතියි. නොමිලේ දෙන දැනුමට! :)

    ReplyDelete
    Replies
    1. දිනපතා ගත්තට කමක් නැහැ.
      ඕනෙම දේකට ගණනක් මිම්මක් තියනවා. ඒ නිසා දිනකට එක බිකයි. වැඩිය ගැනීම වැඩක් නැහැ.

      Delete
  21. මිට පෙර ඔබ කොල්ලු වල ඈති ගුන පෑවසුවා. එය පාවිච්චි කලයුතු ආකාරය සදහන් කරනවාද....

    ReplyDelete
    Replies
    1. කොල්ලු ගැනත් මෙවැනිම ලිපියක් ලියන්නම්.

      Delete
  22. මෙන්න මම බල බල හිටපු බෙහෙත ....හදපුව වගයක් ගෙනාවා මේ සැරේ එනකොට .ගුනයක් නම් තියෙනවා

    ReplyDelete
  23. මා ගෙදරදි ඊයෙ මට නිකමට වගේ හිතට ආවා සුදු ලූනු හා මී පැණි ගැන, ස්තුතියි මෙවැනි අගනා තොරතුරුවලට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. පැමින කියවා ප්‍රයෝජනයක් ගැනීම පිළිබඳව.

      Delete
  24. සුදුලූනු එළවළුවලට කපල දැම්මම නම් කනව. ඒත් තනිකර එව්ව විතරක්ම ඉව්වම කන්න බෑ මට. උන්නට වඩා දැන් නම් ටිකක් කෙට්ටුයි, තවත් ටිකක් අඩුකරගන්න මේකත් කරල බැලුවනම් හරි කියල හිතෙනව, ඒත් හොඳ මී පැණි හොයාගන්න එක තමා අවුල.

    ReplyDelete
    Replies
    1. හොද මී පැණි ගන්න මම දුන්න ඔත්තුව ගැන අන්න රාමාත් කමෙන්ට් කරලා තියනවා. එතන බලන්න.

      Delete
  25. සුදුලුණු වලට මම කෝමත් මනාපයි.. ඉස්සර තරහයි. දැන් ආසයි :)

    වෙදා ඔය උඩින්ම දාල තියෙන ටික කවුරු හරි බැනල දාපු කමෙන්ටුවක් නේද/ මට මතකයි වගේ !

    ReplyDelete
    Replies
    1. ඒකනේ හැමදාම තරහ තියා ගන්න හොද නැහැ.

      Delete
  26. රට යන්න කලින් ඔබ අමතා කල ඉල්ලීම... මතක තිබ්බෙකට ඉස්සරෝම ස්තූතියි.
    මා ගැන පවසා ඇති වර්ණනාවට නම් කැමැති නැහැ. දැන් බොහොම හොඳ බ්ලොග්කාරියො ඉන්න අංක එකේ.

    කොහොම වුනත්...... මට හම්බුන ජෑම් බෝතලෙත් මෙහමම හදපු එකක්.
    ස්තුතියි වෙද මත්තයෝ

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි මෙවැනි ලිපියක් ලිවීමට මා පෙළබවීම ගැන.

      Delete
    2. උදේ පාන්දරට , සුදු ළූණු අමුවෙන් කනේක .........ඒක තමා අවුල.

      Delete
  27. මමත් සිරා ගාලික් ඉන් බී හනි රසිකයෙක්මි.
    මම ඔය වැඩේ කාලෙක ඉඳන් කරනවා වෙද මහත්තයා.:)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ගාලික් ඉන් බී හනි බීලාම අර කතාව ඉක්මනට දාන්න.

      Delete
  28. මම කාලා තියෙනවා. හැබැයි හදන හැටි දැනගෙන හිටියෙ නෑ. මම හිතුවෙ සුදුළූනුවල මෙලෙක් ගතියක් එන්නෙ මීපැණිවල ගිල්ලවන්න කලින් උණු වතුරෙන් හරි වාෂ්පයෙන් හරි තම්බන හින්දයි කියලා.

    සාමාන්‍යයෙන් හදපු දවසෙ ඉදලා කොච්චර කාලයක් හොද තත්වයෙන් තියාගන්න පුළුවන්ද ?

    ReplyDelete
    Replies
    1. සුමිත් හොදින් ඇසුරුම් කළ විට අවුරුදක් වුවත් තබාගත හැකියි.

      Delete
  29. මම කාලේකට පෙර පාවිච්චි කලා . අතිශයින්ම විශිෂ්ඨයි . හොඳ මීපැනි හොයාගැනිමට ඇති අමාරුව නිසා නැවත හදන්න බැරි උනා .මතකය අලුත් කලාට ස්තුතියි . මී පැනි හොඳද කියල බලන්නේ කොහොමද ? බොහොම ස්තුතියි ඔබතුමාගේ ලිපියට .

    ReplyDelete
    Replies
    1. අන්න වටිනා ප්‍රශ්නයක්. මී පැණි හොඳයි ද කියලා බලන්නේ කොහොමද? මොකද මෙහෙ එක එක විදියේ මී පැණි තියනවා. මී මැස්සොත් පිස්සු හැදෙන සයිස් එකටම.

      Delete
    2. ඒ කෘතිම මී පැණි නේද?

      Delete
  30. මම කාලේකට පෙර පාවිච්චි කලා . අතිශයින්ම විශිෂ්ඨයි . හොඳ මීපැනි හොයාගැනිමට ඇති අමාරුව නිසා නැවත හදන්න බැරි උනා .මතකය අලුත් කලාට ස්තුතියි . මී පැනි හොඳද කියල බලන්නේ කොහොමද ? බොහොම ස්තුතියි ඔබතුමාගේ ලිපියට .

    ReplyDelete
  31. මමත් ඉදල හිටල ඕක භාවිත කරනවා. හැබැයි හදල නෙමෙයි අපේ ... වෙදමහත්තයාගේ වැඩක් විදියට එන රු. 425 ක බෝතලයක් තියෙනවා නිකං ජෑම් බෝතලේ වගේ. ඒකක හොදද වෙද මහත්තයෝ..

    ReplyDelete
  32. වැදගත් හරවත් වටිනා ලිපියක්.මෙකත් කිනන්නම වෙනවා හැබැයි.හැමොම වගේ ඔබතුමත් ඉතිං කෙට්ටු වෙන්න ‍බෙහෙත් කියනවා වගේ මහත් වෙන්නත් දිවි ඔසුවක් කියන්න

    ReplyDelete
  33. මම නම් බයිට් එකට විතරයි තාම සුදුලූනු අරන් තියෙන්නෙ. කොහොමටත් අත්හදා බලන්න වටිනා දෙයක්. නමුත් ගෙදරින් ඈත් වෙලා ඉන්න අපිට කඩෙන් ගන්න පුළුවන් නම් සෑහෙන පහසුවක්.

    ReplyDelete
  34. මම අද පටන් ගත්තා පාවිචි කරන්න.මට දෙන ගන්න ඕනේ හිස් බඩ බිලා කොච්චාර වෙලවකින්ද උදේ කෙම ගන්න ඕනේ ?

    ReplyDelete
  35. මම අද පටන් ගත්තා පාවිචි කරන්න.මට දෙන ගන්න ඕනේ හිස් බඩ බිලා කොච්චාර වෙලවකින්ද උදේ කෙම ගන්න ඕනේ ?

    ReplyDelete
  36. මම අද පටන් ගත්තා පාවිචි කරන්න.මට දෙන ගන්න ඕනේ හිස් බඩ බිලා කොච්චාර වෙලවකින්ද උදේ කෙම ගන්න ඕනේ ?

    ReplyDelete
  37. මම අද පටන් ගත්තා පාවිචි කරන්න.මට දෙන ගන්න ඕනේ හිස් බඩ බිලා කොච්චාර වෙලවකින්ද උදේ කෙම ගන්න ඕනේ ?

    ReplyDelete
  38. මම අද පටන් ගත්තා පාවිචි කරන්න.මට දෙන ගන්න ඕනේ හිස් බඩ බිලා කොච්චාර වෙලවකින්ද උදේ කෙම ගන්න ඕනේ ?

    ReplyDelete
  39. මී පැනි විතරක් උදේට ගත්තොත් මොකද වෙන්නෙ
    මී පැනි අරගෙන උණු වතුර බිවුවොත් මොකද වෙන්නෙ

    ReplyDelete
  40. මට ඕනි කෙට්ටු වෙන්න, මම සුදුලූනු නිකන් බත් එක්ක අමුවෙන් කනවා දවසකට කොච්චර කෑවට කමක් නැද්ද , සුදුලූනු උදේට හිස් බඩ පිටින්ම කෑවොත් විතරද ගුනේ තියෙන්නේ ,

    ReplyDelete
  41. අද මගෙ යහළුවෙකුගෙ මවක් කථා කරල ඇහුවා කොහොමද මේ මිශ්‍රනය හදන්නෙ කියලා. මොකද මම මේ ගැන ටික දවසකට කලින් කිවුවා. දැන් ආපහු ඇවිත් බැලුවෙ මම හරියට කිවුවද කියලා. රිකත‍කේ ගැන අමතක වෙලානෙ. දැන් ආයෙ කෝල් කරල කිවුවා මේක දිහා බලාගෙනම. ස්තූතියි ඔබ තුමාට. ඔබ තුමා දේශීය බිම්මල් ගැන දන්න තොරතුරු තියෙනව නම් ලිපියක් දාන්න. මමත් දේශීය බිම්මල් ගැන ලිපි කිහිපයක් ලියන් යනවා.

    ReplyDelete
  42. අද මගෙ යහළුවෙකුගෙ මවක් කථා කරල ඇහුවා කොහොමද මේ මිශ්‍රනය හදන්නෙ කියලා. මොකද මම මේ ගැන ටික දවසකට කලින් කිවුවා. දැන් ආපහු ඇවිත් බැලුවෙ මම හරියට කිවුවද කියලා. රිකත‍කේ ගැන අමතක වෙලානෙ. දැන් ආයෙ කෝල් කරල කිවුවා මේක දිහා බලාගෙනම. ස්තූතියි ඔබ තුමාට. ඔබ තුමා දේශීය බිම්මල් ගැන දන්න තොරතුරු තියෙනව නම් ලිපියක් දාන්න. මමත් දේශීය බිම්මල් ගැන ලිපි කිහිපයක් ලියන් යනවා.

    ReplyDelete
  43. දියවැඩියාව සහ කොලෙස්ටරොල් දැනටමත් තියනවනම් මේ බෙහෙත ගත්තට කමක්නැද්ද ?
    එහෙම ඇහුවෙ මේකෙ මීපැණි තියනනිසා

    ReplyDelete
  44. මෙ බෙහෙත කොයි තරම් කාලයක් පාවිච්චි කල යුතුද?

    ReplyDelete
  45. මෙ බෙහෙත කොයි තරම් කාලයක් පාවිච්චි කල යුතුද?

    ReplyDelete
  46. හිස් බඩට කෑවම බඩ දැවිල්ල ආවා... පිලියමක් නැද්ද වෙද මහත්තයෝ

    ReplyDelete
  47. මේ වටිනා තැනට නැවත පැමිණෙන්ට ලැබුනේ අහම්බෙනි. ලිපිය ගොඩක් වටිනවා ඔබට ස්තුතියි

    ReplyDelete
  48. සුදු ලුණු දෙකට කපා එලගිතෙල් මලවා මීපැණියට යොදා සාදා ගන්නවාද..

    ReplyDelete
  49. කොයි වෙලාවටද? කන්න ඔනි

    ReplyDelete
    Replies
    1. අද තමා සුදු ලූණු මීපැණි බික් 1/2 ක් හිස් බඩ කැමට ගත්තාම ඇතිද? බික් වෂයෙන් දෙයක් කෑමට ගන්නද ? මම නිමල් ස්තුතියි.

      Delete
  50. සුදු ලූණු මීපැණි ඔබ තුමා කියන ආකාරයට සකසා මාස 03 කට පසුව බෝතලය ඇතුළත මීපැණි තද රතුපාට තුනීයට මීපැණි දියර මේන් ඇත එය සාමාන්‍ය තත්ත්වයක් ද? පැහැදිලි කරන්න ස්තුතියි.

    ReplyDelete