Wednesday, October 10, 2012

කුණ්ඩලීනී බලය




මේක ගැන ගොඩක් කතාවෙනවා දැකලා තිබ්බට හිතුනා මේ ගැන ගොඩක් කට්ටිය දන්නෙ නැතිව ඇති කියලා.ඒක නිසා මේ ගැන පොඩි විස්තරයක් කරන්න හිතුනා.

කුණ්ඩලීනී බලය,එහෙමත් නැත්නම් ශක්තිය කියන්නේ සිරුරේ විශේෂිත ස්ථාන කීපයක් මත එක් රැස් වෙලාය කියලා තීන ශක්ති විශේෂයක්.මේක විස්තර වෙන්නෙ නම් හින්දු තාන්ත්‍රික යෝග විද්‍යාවේ ඒත් ටිබෙට්,චීන,ජපාන යෝග ක්‍රම වලත් මේක ඉතා ගැඹුරින් විස්තර වෙනවා. හින්දු ඉගැන්වීම් වලට අනුවනම් අපේ ශරීරයේ මේ වගේ මධ්‍යස්ථාන 7ක් විස්තර වෙනවා.


1) මූලාධාර චක්‍රය - කොඳු ඇට පෙළ පතුළ
2) ස්වාධිෂ්ඨාන චක්‍රය - ලිංගය පිටුපස
3) මණිපුර චක්‍රය - නාභියට යටින්
4) අනාහත චක්‍රය - හෘදය ආශ්‍රිත
5) විසුද්ධ චක්‍රය - උගුර
6) ආඥා චක්‍රය - දෙබැම
7) සහස්‍රාර චක්‍රය - හිස් මුදුනට යටින්

යෝග අභ්‍යාස ප්‍රගුණ කිරීමෙන් මේ චක්‍ර පුබුදු කරවන්න පුළුවන්.ඒකට යෝග ක්‍රම ම භාවිතා වෙනවා කියන්න බෑ,තව මන්ත්‍ර,ශ්වසන අභ්‍යාස,භාවනා ක්‍රම මඟිනුත් මේ චක්‍ර පුබුදුවා ගන්න පුළුවන්.ඒ ඒ චක්‍ර වල සිත පිහිටුවල ඒ චක්‍ර පුබුදු කිරීම කරනවා,ඒ ඒ චක්‍රයට ආවේණික වර්ණත් තියෙනවා.



1) මූලාධාර චක්‍රය - රතු
2) ස්වාධිෂ්ඨාන චක්‍රය - තැඹිලි
3) මණිපුර චක්‍රය - කහ
4) අනාහත චක්‍රය - කොළ
5) විසුද්ධ චක්‍රය - නිල්
6) ආඥා චක්‍රය - ඉන්ඩිගෝ
7) සහස්‍රාර චක්‍රය - දම්

මේ බල අවධි කිරීම හින්දු යෝගාසන අභ්‍යාස වලින් පියවර 4කින් කරනවා.

1) බල අවධි කිරීම
2) බලයට වැඩෙන්න හැරිම
3) බලය පාලනය
4) විශ්ව ශක්තිය සමඟ මුසු වීම

මේ එක එක චක්‍ර අවධි කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ එකිනෙකට වෙනස් 

1) මූලාධාර චක්‍රය - සියලු භාෂා දැනගත හැක,රෝගී නොවෙයි
2) ස්වාධිෂ්ඨාන චක්‍රය - සතුරන් දමනය කල හැක,හැඟීම් පාලනය කල හැක
3) මණිපුර චක්‍රය - මැවීමෙහි,විනාශ කිරීමෙහි බලය ලැබෙයි
4) අනාහත චක්‍රය - සිත සමාධිගත වෙයි,දිගුකල් ජීවත් වේ
5) විසුද්ධ චක්‍රය - කථන හැකියා දියුණු වෙයි,අහසට නැඟීමේ හැකියාව දියුණු වෙයි
6) ආඥා චක්‍රය - දුර දර්ශනය,මැවීම,විනාශ කිරීම හැකියා
7) සහස්‍රාර චක්‍රය - මනස පාලනය


මේක මම ආසා එක පැත්තක් නිසා මේ ගැන ලිපියක් ලියන්න හිතුනා.කලින් ලිව්ව ප්‍රායොගික මනෝවිද්‍යාව සම්බන්ධ ලිපි 2ක වගේම මේකත් සිංහලෙන්ම ලිව්වා.අනිත් මනෝවිද්‍යාව ගැන තීන ලිපි නම් මගේ ප්‍රොජෙක්ට්ස් වලට කරපුවා.සමහර ඒවනම් මගේ ඇඟේ අමාරුවට ලියපුවා.:P.නිකන් අප්ලෝඩ් කලා අනිත් අයටත් වැඩක් වෙයි කියලා හිතලා.වෙලාව තිබ්බොත් මේකට කරන්න පුළුවන් අභ්‍යාස කීපයක් විස්තර කරන්නත් හිතන් ඉන්නවා,ඒත් ඒවා වෙනම පෝස්ට් එකකින් දාන්න තමයි දැනට බලාපොරොරොත්තුව.

PS
This topic is pretty much easy to sarcastically drop away or have a great fun out it as the arguments in favor of this topic is so brittle. But we can't say anything that doesn't exist since we don't see them and we don't believe in them. These things would have been toppled and won't be flourished for thousands of years unless they contain a sight truth. Problem is, these things are under sacrilege of scoundrels in modern world. Conglomerate of those ill factors lead this subject so alien to people. I'm neither a believer of these things nor I disbelieve these things. It's just for the sake of knowledge. :). Just felt to make a prior statement on this because of a comment I received for my previous post. Cheers!!!



3 comments:

  1. බොහොමත්ම ස්තුතියි! මගේ අම්මා මේ පිලිබඳ දේ ප්‍රගුණ කරන නිසා ඇත්තෙන්ම මමත් මේවගේ දේවල් වලට කැමතියි.

    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. එහෙමද?බොහොම ස්තූතියි අදහස පළ කලාට.ගොඩක් අය යෝගා වලට දැන් යොමු වෙලා.සෑහෙන ශාරීරික හා මානසික තෘප්තියක් දෙන වැඩක් ඒක. :)

      Delete
  2. It is a very informative and useful post thanks it is good material to read this post increases my knowledge. Google China Search Engine

    ReplyDelete