Skip to main content

Torch Browser - Torrent Client, Video Downloader, Sharing Tool, Download Accelerator හැමදේම එකම Browser එකකින්

අන්තර්ජාලයෙහි ප්‍රධාන කොටස මෙන්ම ජනප්‍රියම කොටස වන World Wide Web (WWW) භාවිතයට නම් අප විසින් සපුරාලිය යුතු ප්‍රධානම පහසුකමක් වන්නේ වෙබ් පිටු පරිශීලනය අවශ්‍ය වන Web Browser එක. ටීම් බර්නස්ලි විසින් ලොව ප්‍රථම Web Browser එක නිර්මාණය කරලීමෙන් අනතුරුව, විවිද සමාගම් ඔස්සේ විවිදාකාරයේ Web Browser ලොකයාට තිලිණ වුණි. මේ අතර වර්ථමානයේ ලොව අංක එකේ Web Browser එක විදිහට කිරුලු පලදිනු බලන්නේ Google සමාගමෙන් නිපදවනු ලැබූ Chromium Web Browser එකයි. මෙය Free And Open Source මෘදුකාංගයක් වන අතර, ඕනෑම කෙනෙකුට වැඩි දියුණු කිරීමේ අවසරය ලැබී තිබෙනවා. මෙම Chromium Web Browser එකෙහි ප්‍රධාන කේත සටහන උපයෝගී කරගනිමින් මීට ටික කලකට ඉහතදී Comodo සමාගම විසින් තව Browser එකක් එලි දක්වනු ලැබුවා Comodo Dragon යන මිනින්. වර්ථමානයේ Browser යුද්ධය තව තවත් අලුත් කරමින්, මීට පෙර පැවති කිසිදු Browser එකක් සතු පහසුකම් අභිභවා යමින් Torch Media සමාගම විසින් Web Browser එකක් පසුගියදා එලිදක්වනු ලැබුවා. මෙය නම් කර තිබෙන්නේ Torch Browser ලෙසටය. මෙහ මීට පෙර පරිගණකය තුලට වෙනමම Install කරගත යුතුව තිබුණු Application Software සතු ගුණාංග Web Browser එක තුලටම ඇතුලත් කරමින් නව ආරක Web Browser එකක් ලොකයාට එලිදක්වා තිබේ.

අප විසින් අන්තර්ජාල භාවිතයේදී එහි ඇතුලත් විශේෂාංග අත්විදීම සදහා Browser එක යොදාගත්තත් මේවාහයෙහි ඇතුලත් ඇතැම් පහසුකම් ලබාගැනීමට Additional Program අප පරිගණකයේ Install කරගැනීමට අවශ්‍ය වනවා. ඔබ යම් වේබ් පිටුවක සැරි සරන විට එහි ඇතුලත් Video එකක් ඔබගේ පරිගණකයට Download කරගැනීමට අවශ්‍ය නම්, ඒ සදහා විශේෂයෙන් සැකසු Video Downloader Program එකක් ඔබ පරිගණකයේ Install කර තිබිය යුතුයි. එසේති නැතිනම් Download Accelerator එකක් භාවිත කල යුතුයි. ඒ වගේම Torrent File වර්ථමානයේ නැතුවම බැරි දෙයකි. වාණිජ ලෝකෙ තිබෙන බොහෝ දේවල් අපි මුදල් නොගෙවා ලබාගන්නේ Torrent සේවාව හරහාය. මෙම Torrent Download කරගැනීමට නම් අප විසින් Torrent Client (Bit Torrent හෝ Utorrent) අප පරිගණකයේ Install කරගත යුතුයි. ඒ වගේම මෙහිදී අපට අමතරව Sharing පහසුකමක් හිමිවේ. මේ නිසාවෙන් ඔබගේ Facebook සහ Twitter මිතුරන් අතරේ විවිද දෑ බෙදා ගැනීමට බොහෙවින් උපකාරී වේවි. මෙය Chromium-Based Browsers එකක් නිසාවෙන් Web Browsing, Google Chrome Web Browser එක වගේම කාර්යක්ෂම වේ. මෙයට Google Chrome Web Store එකෙහි පවතින සියලුම Extension Install කරගැනීමට පුළුවන් වීමට වඩාත් පහසුයි. මන්ද Web Store එකෙහි පවතින Extension අපට ගොඩක් වැගත් වන නිසාවෙනි. පහතින් තිබෙන්නේ මෙම Web Browser එකයි.


මෙම Web Browser එකට Theme යොදාගෙන ඔබට අවශ්‍ය ආකාරයට හැඩකරවා ගන්නටද පුළුවන. පහල පිංතූරයෙන් ඔබට දක්නට ලැබෙන්නේ මෙහි ඇතුලත් Built-in Torrent Client එකයි. එමගින් පහසුවෙන් සහ වේගයෙන් එකම තැනකදි හැමදේම කරගන්න පුලුවනි.


මේ ආකාරයේ පහසුකම් රැසකින් සමන්විත මෙම නව Web Browser එකහි නව අත්දැකීම විදිනන්ට ඔබත් කැමැති ඇති. එසේනම් පහලින් Download කර, ඔබගේ පරිගණකයේ Install කරගන්න. මීට පෙර සේ විවිද Additional Program ඔබේ පරිගණකයට Install කරගැනීමේ අවශ්‍යතායක් ඇති නොවේවි,මෙම Web Browser එක භාවිත කිරීමට ඔබත් හුරු උනොතින්. පහල බට්න් එක ක්ලික් කර, මෙය Download කරගන්න. 



අලුත් අලුත් දේවල් තාක්ෂණය දකින්න හැමදාම වගේ අදත් ආපු ඔයාට ගොඩක් ස්තූතියි. අපේ බ්ලොග් එකට පුංචි සහයෝගයක් එකතු කරලා යන්න. අපේ Fan Page එකට Like එකක්, Follow පාරක්, Post එකට Comment එකක් දාලා යන්න. සුභ දවසක් ඔබට !

Comments

  1. නියමයි !!

    ReplyDelete
  2. එළ එළ ලිපියක් ආ.. :D අඩේ ඒ උනත් ලිනක්ස්වලට තාම සපෝර්ට් නැනේ ඕක.. :/
    ගැජට් බොස්

    ReplyDelete
  3. මලයා මේ ලිපි මාලාව අපට හරිම වටිනවා...

    ReplyDelete
  4. එල මචෝ පට්ටයි ....

    ReplyDelete
  5. නියමයි හසිත එළ කිරි වැඩක් .................

    ReplyDelete
  6. එල මචං....
    සිරා ඈ.....

    ReplyDelete
  7. පට්ටයි මචං......

    ReplyDelete
  8. එල එල.මම ටෝර්ච් ඒක ඉන්ස්ටෝල් කරලයි මේ කමෙන්ට් එකත් දැම්මේ :)
    සුබ පැතුම,,කන ළඟදීම නිවසට එයි ")

    ReplyDelete
  9. හසියා පූසා වගේ ඉඳගෙන මොනවද ඔය ඩවුන් කරන්නෙ හෑ? :ඕ

    Torch TORRENT

    "Blue Films - Blue - A Short film | 238.6 MB | Downloading 0.87% | 176.1 KB/s | 0.00 KB/s | 24 min 19 sec"

    මේ අර හින්දි ෆිල්ම් එක නේද? O.o වෙන මොකවත් නෙමෙයි නෙහ්? :පී

    ReplyDelete
    Replies
    1. හේහ්...මචං මේක Download Link උඹ නෙවෙයිද මට දුන්නෙ LOL :P

      Delete
    2. අඩෝ!! මම නං නෙමෙයි ඕවා දුන්නෙ :ඕ
      බොරු කියන්න එපා යකෝ >.<

      Delete
  10. යාභවා මම අද අහන්න යන්නේ මේ සොෆ්විවැයර් කෑලි ගැන ප්‍රශණයක් නෙමෙයි...ඔයා දන්නවනේ ගොසිප්ලන්කා නිවිස් ඵක ගැන ...මට තියන ප්‍රශ්ණය තමයි ගොසිප් ල ගේ සයිටි ඵක සිංහල සයිටි ඵකක් ඵ්කෙ සිංහල අකුරැ තියනවා(යුනිකෝඩි මද කියල දන්නේ නෑ)ඵයාලට ඇඩිසෙන්ස් දීල ..ගූගල් සාමාන්‍යයෙන් යුනිකෝඩි වලට ඇඩිසෙන්ස් දෙන්නෙ නැහැ නේද ..කොහොමද ඵහෙනමි ගොසිප්ල ඇඩිසෙන්ස් ගත්තෙ ...මට දැනගන්න ඔන ඵයාල යුනිකෝඩි නැතුව වෙන විදියකට සිංහල ටයිප් කරලද ඇඩිසෙන්ස් ගත්තෙ කියන ඵක...අනික ඔයා දන්නවනමි සිංහල වෙබි අඩවියකට ඇඩිසෙන්ස් ගන්න ඵ් විදියත් කියල දෙන්න...යුනිකෝඩි නැතුව සිංහල ගහන්න සුඵවන් නමි ඵ්ගැනත් කියල දෙන්න...මම මේ ගැන ගොඩ දෙනෙක්ගෙන් ඇහුව කාගෙන්වත් හරි උත්තරයක් නෑ ...මම හිතනවා හසිත අයියේ ඔයාවත් මට හරි උත්තරයක් දෙයි කියල

    ReplyDelete
  11. ස්තූතියි යාළුවා, ඹයා හැමදාමත් පරිගණක ලෝතයේ අළුත් දේවල් ගැන දැනුවත් කරනවට..
    ජයවේවා...

    ReplyDelete
  12. ela kiri. super

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව