Saturday, October 6, 2012


පැපුවානිව්ගිනියා මුහුදේ ගිලෙමින් තිබූ මගී නැවක ජීවිත 246 බේරා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන් ශ්‍රී ලංකික කපිතාන් වරයෙකු එංගලන්තයේ දී ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබා ඇත. 

2012 ලොයිඩ්ස්වල ජාත්‍යන්තර සම්මාන උලෙළේ ‘Amver  Assisted Rescue at Sea Award’සම්මානය ලැබූ කපිතාන් විමර්ශන ෂෙරෝස් විදානගමගේ ටෙහ් චයිනා නැවිගේෂන් සමාගමේ Mv-Kwangtung නැවේ කපිතාන් වරයාවේ. 

 එංගලන්තයේ ලන්ඩන් නුවර ලොංචස්ටර් හෝටලයේ දී සැප්තැම්බර් 26 දින එරට නාවික කටයුතු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්විණි.

 2012 පෙවරවාරි 02 දින පැපුවානිව්ගිනි මුහුදේදී අනතුරට පත් රාබවුල් ක්වීන් නැවේ මගීන් 246 දෙනකුගේ ජීවිත බේරාගැනීම සඳහා වූ මෙහෙයුමට දායකවීම වෙනුවෙන් කපිතාන් විදානගමගේ ඇතුළු M.V. Kwangutng නැවේ කාර්‍ය මණ්ඩලයට මෙම සම්මානය පිරිනමා ඇත. නැව් 12 ක් ගුවන් යානා 06 ක් හෙලිකොප්ටර් 03 ක් ඒකාබද්ධ පුරා දින දෙකක් පැවැති මෙම මෙහෙයුමේ දි ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරියා ලෙස කපිතාන් විධානගමගේ, ඕස්ට්‍රේලියානු ආපදා සම්බන්ධිකරණ මධ්‍යස්ථානය මගින් පත්කර ඇත.



“මෙම සම්මානය මගේ සමාගම, කාර්යය මණ්ඩලය, මම කළ සේවයට උපහාරයක්. අපි පිලිපීනය බලා ගමන් කරමින් සිටියේ. අපේ ව්‍යාපාරික ගමන් මග වෙනස් කරලා බේරා ගැනීමේ මෙහෙයුම සඳහා සමාගමේ අවසර ලැබුණා. අපි විශිෂ්ට සේවයක් කළා. ශ්‍රී ලාංකිකයෙකු ලෙස මට ගොඩක් සතුටු.” යැයි කපිතාන් විමර්ශන වීදාගමගේ ගුවන්තොටු පොළේ දී පැවසීය.


                                                                                                   තොරතුරු සැපයීම -Ramal Kulathunga

...................................................................................................................................................................

Courageous Crew


A cargo vessel that helped rescue 246 people has won a 
Lloyd’s List Global Award sponsored by Inmarsat.
The Amver Assisted Rescue at Sea Award was presented by 
President of Inmarsat Maritime, Frank Coles, at a ceremony in 
London on 26 September.

The award was received by Captain Vimar Vidanagamage, 
representing the China Navigation Company.

Passengers rescued

Its vessel, the MV Kwangtung, was diverted using the Amver 
system to save the lives of passengers from the ferry Rabaul 
Queen which sank in the Solomon Sea in early February.
The winning crew were at the centre of a search and rescue 
operation that lasted two days.

The awards judges noted that the officers and crew of the 
general cargo vessel “displayed impeccable seamanship and 
courage” which rightly won them much praise in the aftermath 
of a tragedy which claimed many lives.


Reporting system

Amver is a computer-based voluntary reporting system 
sponsored by the US Coastguard, which often uses Inmarsat 
services to help it divert vessels to the aid of ships in 
difficulties.

“Our congratulations go to the courage of all those involved 
in this prolonged rescue,” said Peter Blackhurst, Inmarsat head 
of maritime safety. 

“We wholeheartedly support the work of Amver and we will 
continue to provide modes of communication enabling ships 
to update the position information database which speeds up 
the search and rescue process.”

Inmarsat is a finalist in the Safety Award category of the 
Lloyd’s List Asia Awards 2012 which will be announced on 8 
November in Singapore.


Published on October 1, 2012 by Mark Lowe· 


0 comments:

සිංහල නැත්නම්

හැම දේකටම මුල

උණු කැවුම්

දැන් ඉන්න අය

රස්තියාදු ගහපු සෙට් එක

අපේ ගැන්සිය

කැමති සෙට් එක

හොයමුකො බලන්න

පිය නගන්න

samakaya wate

උණු උණු නිව්ස් බලමුද?

http://www.aluthnews.com/

මටත් දෙන්න ඉඩක්

ප්‍රබූගේ වැයික්කිය
Twitter Bird Gadget