Saturday, October 6, 2012

සීනුව

අද මම මේ කියන්න යන කතාව මගේ තාත්තා මට කියපු කතාවක්. මේ කතාවේ කථා නායකයාට අපි පුංචිබණ්ඩා කියල කියමු. මෙයා සෑහෙන අවුරුදු ගානකට ඉස්සර ඒ කිව්වේ ආණ්ඩුවේ ආයතන ලාභ ලබන කාලේ රජයේ ගොවිපලක හිටපු රාත්‍රී මුරකාරයෙක් (night watcher). මේ කතාව එයා කරපු මොලේ තියන වැඩක් ගැන.

ඒ දවස් වල ඒ ගොවිපලේ ප්‍රධානියා මේ මුරකාරයෝ රෑට නිදිද බලන්න පොඩි නීතියක් දාල තිබුනලු. නිදාගන්නවා කියනකොට මතක් උනේ අපේ තාත්තා මට කියල තියනවා මේ අය කොච්චර හොඳට නිදාගන්නවද කියනවනම් ආයතන ප්‍රධානියා ගිහින් මුර අය්යල වැඩට එන බයිසිකල් එක උස්සගෙන අවත් ඇහැරෙන්නේ නැතිලු. එහෙම ඕනේ තරම් කරලත් තියනවලු. ඒවායින් වැඩක් නෑ. කොහොම හරි මේ ප්‍රධානියා මේකට දීල තිබුන විසඳුම තමයි හැමදාම රෑට පැයෙන් පැයට වෙලාව බලල වෙලාවට හරියන්න වාර ගණනක් ලොකු යකඩ සීනුවකට යකඩේකින් ගහන්න කියල මුරකාරයන්ට නියෝග කරපු එක. සීනුවක් කිව්වට ඉතින් ලොකු යකඩ තහඩුවක්. මේකට ටකයක් කියන එක තමයි ගැලපෙන්නේ.

ටික දවසක් මේ වැඩේ හරියටම කෙරීගෙන යනකොට අර පුංචිබණ්ඩාට දවසක් හොඳටම නින්ද ගිහින්. සැප නින්දේ ඉඳල එකපාරම හීනෙන් වගේ ඇහැරලා බලනකොට වෙලාව රෑ 11 පහුවෙලා විනාඩියක් දෙකක් ගිහින්. මුර අයියත් කලබල වෙලා නිදිමතේම ගිහින් දැන් ටකේ ගහනවා. එකයි, දෙකයි, තුනයි.............එකොළහයි, දොළහයි. කරුමෙක මහත කියන්නේ 11ක් ගහන්න ඕනේ එකට නිදිමතේම එක්ස්ට්‍රා පාරක් ගැහිලා. 

දැන් මොකද කරන්නේ බැරි වෙලාවත් ලොක්ක ඇහැරලා ඉඳල වැඩේ මීටර් උනානම් එහෙම හෙට උදේට ඔලුව ඉවරයි. අපේ පුංචිබණ්ඩා මුරයියට ගණදෙවි නුවණ පහල උනාලු ඒ වෙලාවේ. මෙයා යකඩේ අරගෙන ට්‍රි......................................න් ගාල  සීනුවට ගහගෙන ගහගෙන ගියාලු. එහෙම කරල කලින් ගැහුව සීනු පාරවල් ඔක්කොම කැන්සල් කරල ආයේ එක, දෙක, කියල හරියට 11 ගැහුවලු. කොහොමද ටිකිරි මොලේ.


4 comments:

  1. අපුරු මොලයක්... අයෙමත් එන්නම් මෙ පැත්තෙ ජය....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඔබව. මේ වගේ සැඟවුන මොළ කාරයොත් ඉඳල තියනවා අපි අතරේ.

      Delete
  2. ඉතින් අර ට්‍රීඊඊඊඊඊඊඊඊඊඊන් සද්දෙට ගොවිපොලේ ඔක්කොම ඇහැරුනේ නැහැයිලුද? :)

    ReplyDelete
    Replies
    1. හැබෑ නේන්නම්. ඒත් කට්ටියම දැනගන්න ඇතිනේ කොල්ල ඇහැරලා ඉන්නේ කියල.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...