Monday, October 1, 2012

මර්වින් ඇමති ළමයින්ට කියාදුන් අලුත් සෙල්ලම



අපේ අල්ලපු ගෙදර ඉතා හුරැබුහුටි කොලු පැංචෙකු සිටී. මා නිවසේ සිටින සෑම විටම සෙල්ලමට ඈඳා ගැනීමට ඔහු උත්සාහ ගනී. ඊයේ සවස මට ඔහුගෙන් බේරී ගත නොහැකි වුයේ තවත් තවත් සගයන් කීප දෙනෙකුද ඔහු හා එකතුව සිටි නිසයි.

හරි පුතා. අද මොනවද ඔයාල කරන සෙල්ලම. හැංගිමුත්තන් කරනවද? එහෙම නැත්නම් ඔට්ටු සෙල්ලම් කරනවද?

අපෝ අංකල්, ඒව පරන සෙල්ලන් නෙ. අපි අද කරන්නෙ අලුත් සෙල්ලමක් පොඩි එකා කට ඇදකරමින් කීවේය.

ඔයා තමයි මේජර් අංකල් ඔහු මා දෙසට අත දිගුකරමින් කීවේ තම අලුත් සෙල්ලම ගැන විස්තර කරමිනි.

ඔයාල පොලීතියෙ හරිද ඔහු තවත් පොඩිවුන් දෙදෙනෙකු පෙන්වා පැවසීය.

මම මාලක. මෙයා රෙහාන් ඔහු කීවේ තවත් පොඩි එකෙකුගේ කරට අතදමා ගනිමිනි.

හරි දැන් කොහොමද මේ සෙල්ලම කරන්නෙ මම ඇසුවේ මෙම අලුත් සෙල්ලම ගැන දැන ගන්නා කුතුහලයෙනි.

මෙහෙමයි. මුලින්ම මේජර් අංකල් එනව කොටි අල්ලන්න

එතකොට මමයි ,රෙහානුයි ඇවිත් අංකල්ගෙන් සිගරට් එකක් ඉල්ලනව හලිද

ඔයා මට සිගලට් එකක් දුන්නහම අපි ආයෙත් ගින්දර ඉල්ලනව

එතකොට ඔයා ගින්දර නෑ කියන්න ඕන ඔහු මා දෙස බලමින් කීවේය.

හරි. ඉතිං ඊට පස්සෙ මම ඇසුවේ මදක් නොසන්සුන් වෙමිනි.

ඉතිං එතකොට  අපි පැනල ඔලු ගෙඩිය පැලෙන්නම ඔයාට ගහල තුවක්කුවත් අරගෙන පැනල යනව

හ්ම් ඒකද සෙල්ලම මම පැවසුවේ මද අප්‍රසාදයක් පෙන්වමිනි.

නෑ.නෑ. අංකල් ඒක නෙවේ සෙල්ලම. සෙල්ලම පටන් ගන්නෙ එහෙමයි

හරි හරි ඉතිං

දැන් පොලීතියෙ අය මායි මෙයයි අල්ල ගන්න ඕන ඔහු පොලීස් අය ලෙස පෙන්වූ අය දෙස බලමින් පැවසීය.

හා එතකොට පොලීසියෙ අය ඔයාලව අල්ල ගත්තම හරිනේ මම පැවසුවේ මෙය වැඩි දුර දිග නොගෙන යා යුතු ක්‍රීඩාවක් බව පෙනී ගිය නිසයි.

නෑ.නෑ අංකල්. පොලීතියෙ අය අපිව අල්ලන්න හොයනව වගේ අපිවටේ එහේට මෙහේට යන්න ඕන.හැබැයි අල්ලන්න බෑ

මම කිසිවක් නොකියාම ඔහු දෙස බලා සිටියේ මේ සෙල්ලම දුර දිග ගොස් වැඩිදැයි සිතුන නිසයි.

දැන් මෙහෙම පොලීතියෙ අයට අපිව අල්ලගන්න බැරැව වටේ කැරකි කැරකි ඉන්න කොට අපිම ගිහිල්ල පොලීතියට අහුවෙන්න ඕන පොඩි එකා සෙල්ලමේ ඊලග පියවර ගැන අපට කියා දුන්නේය.

ආා හරි එතකොට සෙල්ලම ඉවරයි

පිස්සුද අංකල් එහෙම උනොත් ඒක සෙල්ලමක් වෙනවද පෙඩි එකා නුරැස්නා ලෙස මා දෙස බලමින් කීවේය.

අන්න එතකොට තමයි මේජර් අංකල් අතපය ගැට ගහගෙන නොන්ඩි ගගහ අඬ අඬා ඇවිත් කියන්න ඕන අපි දෙන්න නෙවෙයි එයාලට ගැහුවෙ කියල පොඩි එකා චාටු හිනාවක් පාමින් පැමින මගේ අතක් අල්ලා ගනිමින් කීවේය.

හරි එතකොට සෙල්ලම ඉවරයි නේ

ඔවු එතකොට පොලීතියෙ අය කරන්න ඕන මායි රෙහානුයි නිදහස් කරල පිටරට ඉස්කෝලෙකට ඉගෙන ගන්න ඇරල, මේජර් අංකල්ව අල්ල ගන්න එක

මෙය ඇසීමත් සමගම මම මදක් තිගැස්සී ගියේ මේ සෙල්ලමේ මේජර්ද මා වූ බැවිනි.

හරි දැන් කවුද පුතාලට මේ අලුත් සෙල්ලම කියා දුන්නෙ මේ වනවිට අන්දුන් කුන්දුන් වී සිටි මා ඇසුවේ කුතුහලය ඉවසා ගත නොහැකිවයි.

ඊයෙ ජනාධිපති අංකල්ගෙ ලෝක ළමා දිනේ තිබුනනනේ  විහාර මහා දේවි පාක් එකේ. ඒකෙදි මර්වින් අංකල් තමයි මේ සෙල්ලම කියල දුන්නෙ. එයාලගෙ ලමයිත් හරි ආසලු මේ සෙල්ලමට




1 comments: