Friday, September 21, 2012

සොච්චමකින් පර්යේශන කරන්න පුලුවන්ද?




මම ලංකාවන් ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් වෙනවා. ඒ කාලේ නම් විද්‍යා පශ්චාත් උපාධි පර්යේශනයක භාන්ඩ හා උපකරන සදහා අවුරුදු දෙක සදහා නිකුත් කරන්නේ ලක්ශ 3කට අඩු ප්‍රමානයක්. පර්යේශන කියන්නේ බිස්නස් වගේ කරපු ගමන් හරියන හා හරියායුතු දෙයක් නොවේ. උපකල්පිතය සැබැවක්ද යන්න තීරණය කිරීමට මහත් වෙහෙසක් ගන්න සිද්ද වෙනවා. මේ වගේ අවම පර්මාණයකින් ලොකු අවදානමක් අරගෙන තමයි අපේ පශ්චාත් පර්යේශණ ව්‍යාපෘති සිදුකරන්නේ.

මේ ගාන වැඩිවෙලාද කියලා නම් දන්නේ නැහැ. ඒත් වැඩිවෙලා නම් නැතිවෙන්න ඕන. මොකද නැත්නම් මාස තුනක් පඩිත් නැතුව අපේ සර්ලා මැඩම්ලා වැඩ වරන්න ඔන නැහැනේ.

මම දැන් ඉගන ගන්න රටේ, පශ්චාත් උපාඩි අපේක්ශකයින් කිහිපදෙනෙක් පමනක් සිටින  සහකාර මහාචාර්යවරයකුටත් වසරක් සදහා ලංකාවේ මුදලින් ගත්තොත් ලක්ශ 80ක් පමණ ලැබෙනවා. ඉතින් මහාචාර්ය ගැන කවර කතාද?මම අනෙක් විද්‍යා ක්ෂේත්‍ර ගැන නම් ගොඩාක් දන්නේ නැහැ. එත් රසායන විද්‍යා අංශයෙන් හෝ ඉංජිනේරු අංශයෙන් නම් දැනෙන දෙයක් කරන්න ගොඩක් සල්ලි ඕන වෙනවා.

සල්ලි ඔන වෙන්නේ මොනවටද කියලා මම සරලව කියන්නම්.
  • අවශ්‍ය පොත් පත් හා පර්යේශන ලිපි මිලදී ගැනීමට.
  • රසායන ද්‍රව්‍ය හෝ උපකරන මිලදී ගැනීමට
  • ප්‍රතිපල තහවුරු කර ගැනීම හා විශ්ලේශනය(ex:- HPLC, ICP-AES/MS, NMR, FT-IR, ...)
  • සම්මන්ත්‍රනවලට සහභාගී වීම
  • පර්යේශන ලිපි පල කරවා ගැනීම (බොහෝ ලිපි නොමිලේ පලවුවද සමහර පර්යෙශ්න සගරාවලට මුදලක් ගෙවා පල කර ගත යුතුවේ. )
  • පර්යෙශන සහකාර ගෙවීම්.
    සුලු සේවක ගෙවීම් (අත්‍යාවශ අවස්ථාවලදී)
    හා අනෙකුත් වියහියදම්

මේවා ලක්ශ දෙක තුනකින් කරගන්න පුලුවන්ද? ගොඩාක්ම දුක හිතෙන්නේ අපේ රටේ සල්ලි තියාගෙන මේවාට වියදම් නොකිරීමයි. අපේ රටේ ඇත්තටම තියෙන්නේ සල්ලි නැති ප්‍රශ්ණයක් නොවේ. ප්‍රතිපාදන වෙන් කිරිමේදී සැලකිලිමත් කමක් නැතිව සල්ලි වෙන් කිරීම නිසා වෙලා තියෙන ප්‍රශ්නයක්. සමහර වැඩ වලට ඔනවටත් වඩා සල්ලි. සමහර දේවල් වලට අත්‍යාවශ්‍ය ප්‍රමාණයවත් නැහැ. අපි මේගැන හිතලා කටයුතු කලේ නැත්නම් කොරියාව සිංගප්පූරුව අපිව පහුකලා වගේ අප්‍රිකාවේ මලාවී සුඩාන් වගෙ රටවලුත් අපිව පාස් කරගෙන යාවි.

(අඩු තරමින් FB එකේවත් share කරගෙන මේ පනිවිඩයට පියාපත් ලබාදෙන්න. )


8 comments:

  1. මේවායේ වටිනාකම් දන්න උන් ඔව්වා පාලනය කරන තැන්වල ඉන්න එපැයි මේවා තේරෙන්න!

    ReplyDelete
  2. ලොකු අදෝනාවක් නගන්න දෙයක් නැ. බැරි නං නිකන් හිටපන්. කිසිම අදෝනාවක් නැතුව Phd කරන කරපු අය ඔනැ තරම් ඉන්නව.

    වෙනරටවල අයගෙ වැටුප එක්ක සංසංදනය කරන්න ඔනැ ඒ රටවල ආර්ථික තත්වය ගැන සලකල මිසක් එක තනතුරක වැටුප ගැන සලකල නෙමෙයි.ඒ විදියට සළකනවනම් මේ රටේ අමාරුවෙන් ජීවත් වෙන ගොවීන්ගෙ කම්කරුවන්ගේ ආදායම අන් සියල්ලටම කලින් ඔයකියන රටවල ඊට සමාන රැකියාවල යෙදෙන අයට සමානව වැඩිවෙන්නෙ ඕනැ

    ReplyDelete
    Replies
    1. මෙතන එක දෙයකටවත් මට එකග වෙන්න බෑ. මම මේ නැගුවේ පුද්ගලික අදෝනාවක් නොවේ. අර ඉහත කී ලක්ශ 80 ක පමන ලබන සහාකාර මහාචාර්යවරයෙකු යටතේ තමයි මම නම් පර්යේශන කරන්නේ. මට තියන ගැටලුව තමයි මම උපන් රටේ පර්යේශකයන්ට ඇතිවෙලා තියන තත්වය. බැරිනම් නවත්වන්න නවත්වන කතාවක් මම කියලා නැහැනේ. මොන අමාරුකම් මැද හරි මේවා ඉදිරියට යායුතුයි.

      Delete
    2. ඔය තුප්පහි සමාජවාදියෝ කියන ඒවා ගණන් ගන්න එපා. උන්ට ඉගෙන ගන්න බැරි වුනාට (ඕනෑ තරම් අවස්ථා ලබා දී තිබියදී) අනිත් අය පළි.
      මුන්ගේ කුහකකම ගැන මගේ අත්දැකීමක්
      ලංකාවේ (මොරටුව විශ්වවිද්‍යාලයේ) පශ්චාත් උපාධිය සම්පූර්ණ කළ නිසා මමත් ඔය කතාවේ ඇත්ත නැත්ත හොඳටම දන්නවා. කෘත්‍රිම බුද්ධිය සහිත රෝබෝවකු නිපදවන්න මට ලක්ෂ 4 1/2 ක් වියදම් වුණා. අනුග්‍රාහකයෝ හොයාගන්න හරිම අමාරුයි. පුද්ගලික ණයත් ගන්න වුණා. ඒකට ගත්ත ණය තාමත් ගෙවනවා. සරසවි ඇදුරන්ට විදියට ලැබෙන සොච්චම් පර්යේෂණ දීමනාව හැරෙන්නත් මදි. මාස 3ක් වැඩ වරලා යන්තම් සොච්චමක් වැටුප නම් වැඩි වුණා.
      බ්ලොග් එක දිගටම කරගෙන යන්න. සැලෙන්න එපා.

      Delete
  3. Good article. I shared it in the facebook.

    ReplyDelete
  4. කටුක යථාර්ථය සිංහලෙන් ගෙන එන කදිම ලිපියක්

    ReplyDelete