Tuesday 18 September 2012

න්‍යෂ්ටික විකිරණශීලී කන්ටේනරය නැවත හරවා යැවීමට පියවර.


• භාණ්ඩ කට්ටල 128 ක්, කොබෝල්ට් 60 කෘතිම විකිරණශීලී ද්‍රව්‍යයෙන් අපවිත්‍ර වී ඇති බවට තහවුරු වේ. 

• දේශීය වෙළඳපොලට භාණ්ඩ නිකුත් නොකිරීමට සහ එම කන්ටේනරය නැවත හරවා යවන ලෙස පරමාණු ශක්ති අධිකාරියෙන් ශ්‍රී ලංකා වරාය රේගුවට දැනුම්දෙයි. 

• ආනයනය කරන සියළුම ආහාර සහ භාණ්ඩ, පරමාණු ශක්ති අධිකාරියේ විිශේෂ පරීක්ෂාවකට ලක් කෙර්.  


පසුගිය 13 වන බ්‍රහස්පතින්දා ඉන්දියාවේ සිට ශ්‍රි ලංකාවට පැමිණි නෞකාවකින් ගොඩබෑ අඩි 40 ං අඩි 40 ප්‍රමාණයේ  කන්ටේනරයක කෘතිම විකිරණශීලීතාවක් ඇති බවට වරාය අධිකාරියේ ප්‍රධාන පිවිසුම් දොරටුව ආශ්‍රිතව සවි කර ඇති පරමාණු ශක්ති අධිකාරියේ විකිරණ මනින උපකරණ වලට හසුවී තිබේ. එම කන්ටේනරය පිළිබඳව විශේෂ අවධානය යොමුකළ වරාය රේගුව, අදාල තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා පරමාණුූ ශක්ති අධිකාරිය දැනුවත් කර ඇත.

මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකළ ශ්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරියේ විකිරණ ආරක්ෂණ හා රෙගුලාසි අංශය පෙන්වාදෙන්නේ, අදාල ක්නටේනරය තුළ කොබෝල්ට් 60 නමැති කෘතිම විකිරණයෙන් අපවිත්‍ර වූ සුදු යකඩ සහ ඇළුමිනියම් භාණ්ඩ කට්ටල 128 ක් හඳුනාගත් බවයි. එහි සාම්පල තම අධිකාරියේ රසායනාගාර තුළදී විශේෂ පරික්ෂාවකට ලක් කළ බවද එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනිල් රංජිත් මහතා පෙන්වාදෙයි. ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව එම කිසිදු භාණ්ඩයක් වෙළඳපොලට නිකුත්කිරීම තහනම් කිරීමට තම අධිකාරියට බලය පවරා ඇති බවත්, එම භාණ්ඩ නිෂ්පාදනය කළ සමාගමට නැවත හරවා යැවීමට පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකා වරාය රේගුවට තම අධිකාරිය විසින් ලිඛිතව දන්වා යැවූ බවත් ඒ මහතා වැඩිදුුරටත් අවධාරණය කළේය. මේ අනුව ශ්‍රී ලංකා රේගුවේ නීතිමය කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ඉදිරි සතියක කාලයේදී න්‍යෂ්ටිික විකිරණශීලීත්වය සහිත භාණ්ඩ ඇතුළත් කන්ටේනරය නැවත ඉන්දියාව බලා පිටත්කර හැරීමට ශ්‍රි ලංකා රේගුව කටයුතු කරනු ඇතැයි අනිල් රංජිත් මහතා පෙන්වාදෙයි. 

අදාල කන්ටේනරය ශ්‍රී ලංකාවෙන් පිටත්කර හරින තෙක් ඒ පිළිබඳව අධික්ෂණයෙන් සිටින බව ශ්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරිය සඳහන් කරයි. උද්ගත වූ තත්ත්වය සමඟ විකිරණශීලීී ද්‍රව්‍ය ශ්‍රි ලංකාවේ පරිහරණය වන බවට මහජන සැකයක් මතුවී තිඛෙන බවට තොරතුරු අනාවරණය වේ. ශ්‍රි ලංකා පරමාණු ශක්ති අධිකාරිය අවධාරණය කර සිටින්නේ ශ්‍රි ලංකාවට පැමිණෙන සෑම කන්ටේනරයක්ම සහ ගුවනින් එන සෑම භාණ්ඩ තොගයක්ම අදාල පර්යන්ත වලදී තම අධිකාරියේ පූර්ණ පරීක්ෂණයකට ලක්වන බවයි. විශේෂයෙන්ම ආනයනය කරන කිරිපිටි, මාළු වර්ග සහ ටින් කළ මාළු, සෑම ආනයනික අවස්ථාවකදීම පූර්ණ විකිරණ පරීක්ෂාවකට පත්කිරීමට තම අධිකාරිය කටයුතු කරන බවයි. විකිරණ පරීක්ෂාවකට ලක් නොවුනු කිසිම ආනයනික නිෂ්පාදනයක් දේශීය වෙළඳපොලට නිකුත්කිරීම වාරණය කරමින්, ශ්‍රී ලංකා රේගුවට උපදෙස් ලබාදී ඇතැයි ශ්‍රී ලංකා පරමාණු ශක්ති අධිකාරිය පෙන්වාදෙයි.

ශ්‍රි ලංකාවට ගැලපෙන ජාත්‍යන්තර තාක්ෂණික ක්‍රමවේද වලට අනුකූලව ශ්‍රි ලංකාවේ විකිරණ පරීක්ෂා කිරීමේ පද්ධති ස්ථාපිත කර ඇත. ඒවා මෙහෙයවීමේ හා අධික්ෂණය කිරීමේ පූර්ණ වගකීම තම අධිකාරිය දරන බව පරමාණු ශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විෙජ්වර්ධන මහතා පවසයි. වත්මන් වෙළඳපොලේ න්‍යෂ්ටික විකිරණ වලින් අපවිත්‍ර වූ කිසිදුු ආහාරයක් හෝ භාණ්ඩයක් නොමැති බවට තම ආයතනය සහතික වන බව ශ්‍රි ලංකා පරමාණු ශක්ති අධිකාරියේ විකිරණ ආරක්ෂණ හා රෙගුලාසි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනිල් රංජිත් මහතා සඳහන් කරයි. 


No comments:

Post a Comment