Pages

Tuesday, September 18, 2012

මාලක සිල්වා





අනේ මම ම ගස් බැද ගත්තාම විනා

මොකෙක්වත් නැහැය බැන්දේ මා ගසක

ඩෙංගු මදුරුවන් මර්දනයට නොගොහින්

කළේ වස වැරුද්දකි මං පිළිගත්තා



මැතිවරණයේ පරරුතිඵල අහ ගන්න

ගිය අතරවාරයේ මං මට ගුටි ගහ ගත්තා

මගේ පිස්තෝලෙ ගෙනැවිත් දුන්න විනා

අහිංසක දරුවො පලි නෑ මගෙ ගොං කමට



පපුව පෙරට දා ඉන්ටලිජන් මේජර්ලා

මෙහෙම කියන කොට මොකට ද උසාවියක්

ආරක්ෂක ලේකම්ගේ ගුටි කන විරු දරුවන්ට

බැල මෙහෙවර කරන බොදු බල සේනා කුමට



අනේ අකාලේයන මේ රට ජන මාධ්ය යේ

කත්තුරු වරු නැති අඩුව බරටම පැහැදිලිය

උන් සෙල්ලමට කළ හරඹය රටට ම පෙන්නා

කරපු විකාරෙට දෙයියොම බලාපියෝ

-හිතුවක්කාරයා



No comments: