හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය තෙවන වසරට පා තබයි! හන්තාන ලිනක්ස් 17 (සිතිජ) නිකුතුව දැන් ලබා ගන්න!

මුල් ලිපිය: http://blog.hanthana.org/2012/09/16/hanthana-linux-17-sithija-released/

 

නිදහස් සහ විවෘත කේත මෘදුකාංග මෙරට ජනතාව අතර ප්‍රචලිත කිරීමට විශේෂයෙන්ම තාක්ෂණික දැනුම අවම සහ අන්තර්ජාල පහසුකම් නැති හෝ අවම පිරිස් ඉලක්ක කරගනිමින් දියත් කෙරුණු මෙම ව්‍යාපෘතිය මේ වන විට ලංකාව පුරා පාසල් බෝහෝමයක සහ පුද්ගලික පරිගණක මෙන්ම රාජ්‍ය අංශය තුළද දැන් හන්තාන ලිනක්ස් භාවිතයට පටන්ගෙන ඇත.

2009 සැප්තැම්බර් මස 19 දින නිලවශයෙන් දියත් කෙරුණු හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මේ වන විට හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය මඟින් සහ විවිධ පුද්ගලයින් විසින් පිටපත් දහස් ගණනක් බෙදා දී ඇත. තවද හන්තාන ලබා ගැනීමට පහසුකම් සලසා ඇති එක් සේවාවක් වන SourceForge අඩවියේ දත්ත අනුව එම සේවාදායකයා හරහා පමණක් ලොව වටා විටින 6000කට ආසන්න පිරිසක් ලබා ගෙන ඇති අතර ඉන් රටවල් 8 (ලංකාව හැර) අවම වශයෙන් පිටපත් 100ක් ලබාගෙන ඇති අතර රටවල් 96කින් පමණ අවම වශයෙන් එක් පිටපතක් වත් ලබාගෙන ඇති බව එම දත්ත තහවුරු කරයි.

http://sourceforge.net/projects/hanthana/files/stats/timeline?dates=2009-09-01+to+2012-12-31

මෙම තොරතුරු සඳහා ශ්‍රී ලංකිකයෙන් බහුලව භාවිත කරන LEARN සේවාදයක සහ Ibiblio සේවාදායක තොරතුරු අඩංගු නොවන බවද කරුණාවෙන් සලකන්න.

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය 2012 වසරේ දියත් කළ හන්තාන පාසල් ලැබ් ව්‍යාපෘතිය හරහා ලබා දෙන සේවා දැනට පාසල් දෙකකට ලබා දී ඇති අතර ඉදිරියේදි තවත් පාසල් කිහිපයකට ලබා දීමට නියමිතයි.

නුවර එළිය දිස්ත්‍රික්කයෙ වලපනෙ අධ්‍යාපන කලාපය සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබැතිගොල්ලැව අධ්‍යාපන කලාපයට අයත් පාසල් ද මෙම වැඩසටහනේ මීළඟ අදියරට අයත් වේ. පහසුකම් අවම පාසලකට දරුවන්ට පරිගණක දැණුම දෙන්න එක්වෙන්න ඔබටත් පුලුවන්.

හන්තාන ලිනක්ස් හුදෙක් Fedora මෙහෙයුම් පද්ධතිය මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියක් නොව එය ව්‍යාපෘතියක් ලෙස සාමාන්‍ය පරිගණක භාවිත කරන්නන් නිදහස් සහ විවෘත මෘදුකාංග භාවිතයට සහ යළි නිදහස් සහ විවෘත මෘදුකාංග ව්‍යාපෘති සඳහා දායකත්වය ලබා දීමට අවකාශ සලසයි. එලෙස ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන හන්තාන ලිනක්ස් ව්‍යපෘතිය මඟින් නිදහස් සහ විවෘත කේත මෘදුකාංග දේශීය කරණය, ප්‍රලේඛණය ගොඩ නැංවීම, දැණුවත් කිරීමෙ සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම ද සිදුවේ.

හන්තාන ලිනක්ස් යනු ව්‍යාපාරික අරමුණු ඉලක්ක කරගෙන සිදුකෙරෙන ව්‍යාපෘතියක් නොව හුදෙක් ප්‍රජාවේ යහපත වෙනුවෙන් ප්‍රජාව විසින් ගොඩ නැගෙන ව්‍යාපෘතිය

හන්තාන ලිනක්ස් 17 (සිතිජ) නිකුත් වේ!

හන්තාන ලිනක්ස් නවතම නිකුතුව වන හන්තාන ලිනක්ස් 17 ( නිකුතුව ව්‍යාපෘතියෙ තෙවන වාර්ශ පූර්ණයට සමගාමීව නිකුත් විය. මෙම නවතන නිකුතුව සමඟ the Document Foundation මඟින් නිකුත් කර ඇති LibreOffice කාර්යයාලීය යෙදුම් කට්ටලයට අදාල නිළ ප්‍රලේඛණය එක් කර ඇත.

ඔබත් අදම හන්තාන ලිනක්ස් 17 ලබා ගන්න!

පසුගිය කාලය තුළ හන්තාන වෙනුවෙන් විවිධ අයුරින් කැපවූ ඔබටත් හන්තාන වෙනුවෙන් සුභ පැතු සියල්ලන්ටම හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ හෘදයාංග ස්තුතියිය පුදකර සිටින්නෙමු.


ප්‍රතිචාරයක් ලබාදෙන්න