Sunday, September 16, 2012

නිකන් මේ බොරු කියන්න එපා (රෝහන බැද්දගේ සහ බන්දුල විජේවීර)

ඔන්න අදනම් අරගෙන ආවේ ටිකක් හොයා ගන්න අමාරු සින්දුවක් කියලා හිතනවා. මොකද  මේ දෙන්නගේ සින්දු තිබුනට ඔරිජිනල් සින්දු හොයාගන්න හරිම අමාරුයි..

මේ සින්දුව තම්යි "පුංචි කතාවක්" ගායනා කරන්නේ "රෝහන බැද්දගේ සහ බන්දුල විජේවීර" ඔන්න එහෙනම් අහල බලන්නකො
Mama Kiyala Dennam by rmcdex




 මම කියලා දෙන්නම් පුංචි කතතාවක් අසාගනින් මිතුරේ
මමත් කතන්දරයක් කියන්නම් අසාගනින් මිතුරේ

කෝ ඉතින් මට කියන්න දෙනවයැ 
එයත් පටන් ගත්තනේ

එහෙනම් ඉතින් කියන එකයි අත්තෙ

රජෙක් හිටිය එකමත් එක කාලෙක බ්‍රහ්මදත්ත කියලා
ඔව් ඔව් ඔව් ඔව්
රජෙක් හිටිය එකමත් එක කාලෙක බ්‍රහ්මදත්ත කියලා

ආ හොඳයි මොකද වුනේ

ඔන්න එක දවසක් බ බ්‍රහ්මදත්ත රජු ඇතුපිට නැගලා
පිරිවර සමගින් නුවර වටේ යනවා

ඒ කොහොමද එහෙම නෙමෙයිනේ කිවුවේ
එහෙනම් කොහොමද

ඔන්න එක දවසක් බ බ්‍රහ්මදත්ත රජු පිරිවර සමගින්
අස්ස කරත්තෙන් දඩ කෙලියේ යනවා

මේ මේ මේ 
නිකන් මේ බොරු කියන්න එපා
අයෙත් මුල ඉඳල හරියට කියමු
ආ හොඳයි එහෙනම් පටන් ගමු

රජෙක් හිටිය එකමත් එක කාලෙක බ්‍රහ්මදත්ත කියලා
අන්න හරි
ඊලඟට මොකද වුනේ

ඉතින් එහෙම යන අතරේ දුටුවා මහමග දෙපසේ
මිනිසුන් අතරින් ලස්සන තරුණ ලඳක්

නැහැ නැහැ එහෙම නෙමෙයි 
ඔයික වැරදියිනේ
එහෙනම් කොහොමද

ඉතින් එහෙම යන අතරේ දුටුවා මහමග අයිනේ
දුගී පැලක සිටි අසරණ මහළු ලඳක්

අයියෝ ඕක ඔය වෛන් කතාවක්නේ
මගේ පොතේ ඔහොම එකක් නෑ
එහෙනම් කොහොමද තියෙන්නේ

මහමග දෙපසේ මිනිසුන් අතරේ  ලස්සන තරුණ ලඳක්
ඉතින් එකම කතන්දරේනේ මගේ පොතේ පොඩ්ඩක් වෙනස්
ඕ මොකක්ද තියෙන වෙනස

මහමග අයිනේ
දුගී පැලක සිටි අසරණ මහළු ලඳක්

මේ මේ ඔය පොත ගෙදර තියෙද්දෙන්
කියනවනම් මොකක්හරි එකක් කියමු
හොඳයි

අපි එකතු වෙලා දැන් කියමුද එහෙනම් එකම
කතන්දරයක්
ආ හොඳයි ඉතින් පටන් ගන්නකෝ

රජෙක් හිටිය එකමත් එක කාලෙක බ්‍රහ්මදත්ත කියලා
දැන් තියෙන හැටියට පටන්ගමු 
හොඳයි ඉතුරු ටිකත් පස්සේ හදාගමු
රජෙක් හිටිය එකමත් එක කාලෙක බ්‍රහ්මදත්ත කියලා

1 අදහස්:

Anonymous said...

Beginner's Guide to Baccarat in 2021 - FEBCASINO
Baccarat is one of the most 바카라 사이트 popular forms of gambling in North America. หาเงินออนไลน์ A game of chance between two teams of two to ten players each 인카지노

Post a Comment