Friday, September 14, 2012

ශ්වේත රාත්‍රිය අවසාන රාත්‍රිය නැරබුවෙමි.



හරියටම පැය 2ක් කලා වැවෙන් ගත් දිය දෝතක් සේ ගෙන් පටන් ගෙන ඔබයි රම්‍ය සද කිරණ තෙක් දෙවෙනි වරටත් රස වින්දෙමි. 

මම මුලින්ම ඒක පුද්ගල ප්‍රසංගයක් විදිහට මීට අවුරුදු 25කට විතර කලින් මාතර රාහුල විද්‍යාලයේදි පවන රසවින්දා මතකයි. එදා මෙදා තුර වික්ටර් රත්නායකයන්ගේ 'ස' හැර වෙනත් කිසිම ඒක පුද්ගල ප්‍රසංගයක් මම රසවිදලා නැහැ.


ඉතින් සිරස විසින් ස්වේත රාත්‍රිය පටන් අරගෙන කොලඹ, ගාල්ල, මාතර ප්‍රසංග තියල ඒව බලන්න බැරිවෙනකොට මේක කවදාවත්ම බලන්න බැරිවේවි කියල ලොකු බයකුත් මට ඇතිවුනා. ඒත් පහුගිය අවුරුද්දෙ සැප්තැම්බර් 4 වෙනිදා යාලුවෙකුගෙන් හම්බවෙච්ච ටිකට් නිසා යන්තම් ඒ ආසාව ඉෂ්ථ කරගන්න ලැබුන.

ඉතින් අද මේක බැලුවෙ දෙවැනි වතාවට. ටිකට් ගන්න කාපු කට්ට නිමක් නෑ. උදේ 7 ඉදන් 9 වෙනකම් මහ වැස්සෙ රත්මලානට වෙලා පෝලිමේ හිටිය. හැබැයි මට 4 දෙනෙකුට ඉස්සරහින් ටිකට් ඉවර උනා. ඒත් 13 වෙනිදට දාපු වැඩිපුර ප්‍රසංගයට. 14 ටිකට් කොහොමත් ඉවර වෙලා තිබුනෙ.

කොහොමින් කොහොමහරි පෙර පිනක් වැඩකරල ආරාධනා පත්‍රයක් ලැබුන 14 වෙනිද අන්තිම ශෝ එකම බලන්න.

හරියටම 7ට පටන් අරගෙන, පුරා පැය 2ක්, ගීත 25ක්. 

1. කලා වැවෙන් ගත් දිය දෝතක් සේ.
2. සුළං කපොල්ලේ.
3. යොවුන් වසන්තයේ.
4. ධර්මාධිකරණය.
5. පූජාසනයේ ඔබ හිදුවා.
6. සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව.
7. පානං පත්තුවේ ඩිංගිරි අම්මාය.
8. විලක් උනත් නිල් දිය පිරි විලක් නොවේ.
9. සද එලිය ගගක් වී මා නුවන් ඉවුරේ.
10. ප්‍රේම අසපුවේ මුනිවරයාණෙනි.
11. ආලය වන් මනරම් කවිකම් දෙන.
12. දෙවියන් විසින් දුන් පඩුරක් ලෙසින්.
13. රුවල් ඉරී ගිය නෞකාවේ.
14. ප්‍රේමය නම් රාගයෙන් තොර.
15. කුරුටු ගෑ ගී පොතේ.
16. මුලු නුවරම නිදිගත් මේ මොහොතේ.
17. පෙරදා මහ රෑ.
18. තරුද නිදන මහ රෑ.
19. ලොවම එපා වී - ලොවම කල කිරී.
20. මගේ දේශය - මගේ ජාතිය.
21. මගේ සද ඔබ මගේ සද ඔබ.
22. කඩ මණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී.
23. අහස සේ ඔබ අනන්තයි.
24. පෙම් ලොවෙදී දුටු ඔබමද මේ.
25. ඔබයි රම්‍ය සද කිරණ.

ඇත්තටම සිංදු ටිකක් වීඩියෝ කරල දානව කියල හිතාගෙන කැමර එකත් අරගෙන ගියේ, නමුත් වාඩි වෙන්න ලැබුනු තැන අනුව ඒක කරගන්න බැරිව ගියා. ඒ උනත් සිරස විසින් DVD එක ගහනව කියල තමයි ආරංචිය නම්. කොහොම උනත් 'ස' අවසානය වගේ හුගක් හැගීම් බර නම් උනේ නෑ මට. 

සිංහල සුභාවිත ගීත‍ය විනාශයට යම් පමනකට වගකියන්න ඕන උනත්, දැන් ඒක ගොඩගන්න යම් පමනකට උත්සාහයක් දරන සිරස, අපිට තවත් යම් නැවුම් දෙයක් දේවි කියන විශ්වාසයෙන් ඉවසගෙන බලන් ඉන්නව.

නන්දා මාලිනියේ, ඔබට තවත් බොහෝ කලක් අපිව රසවත් කිරීමට ශක්තිය ලැබේවා....!!!




Image Source : http://www.side.gossiplankanews.com/2012/03/shwetha-rathriya-goldenachievement-of.html

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. මමත් ඔය ගැන පොස්ටුවක් දැම්මා ආතම්මගෙ පෙට්ටගමේ කැමතිනම් බලන්න

    …මෙන්න ලින්කුව …oldpettagama.blogspot.com/2012/09/119.html

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

Share/Bookmark

Recent Comments